ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ දුරුතු පුර අටවක පෝදා 2025 ජනවාරි 07 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුද්ධ රත්නය වන්දනා කරමු - ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොක විදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන් අර්හත් නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. සුගත නම් වන සේක. ලෝකවිදූ නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථි නම් වන සේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෘ නම් වන සේක. බුද්ධ නම් වන සේක. භගවත් නම් වන සේක. යෙ ච බුද්ධා අතීතා ච යෙ ච බුද්ධා අනාගතා පච්චුප්පන්නා ච යෙ බුද්ධා අහං වන්දාමි සබ්බදා. අතීතයෙහි විසූ බුදුරජාණන් වහන්සේ ද, අනාගතයෙහි වන බුදුරජාණන් වහන්සේ ද, වර්තමානයෙහි වෙසෙන බුදුරජාණන් වහන්සේ ද මම හැම කල්හි වඳිමි. නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං එතෙන සච්ච වජ්ජෙන හොතු මෙ ජයමංගල. මට අනෙක් සරණක් නැත. බුද්ධරත්නය ම මට උතුම් සරණ ය. මේ සත්‍ය වචනයේ බලයෙන් මට යහපතක් ම වේවා. උත්තමංගෙන වන්දෙහං පාදපංසුවරුත්තමං බුද්ධො යො ඛලිතොදොසො බුද්ධො ඛමතුතං මම. ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ පා දූවිලි මගේ හිසෙන් වඳිමි. බුදුරජාණන් වහන්සේට මගෙන් යම් වරදක් වී නම් බුදුරජාණන් වහන්සේ මට සමා වන සේක්වා. බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාම. නිවන් දකිනා තෙක් ම මම බුද්ධ රත්නය සරණ යමි.
ජනවාරි 06 සඳුදා අ.භා. 06.24 පුර අටවක ලබා 07 අඟහරුවාදා අ.භා 04.28 න් ගෙවේ. 07 අඟහරුවාදා සිල්
පුර අටවක
ජනවාරි 07
පසළොස්වක
ජනවාරි 13
අව අටවක
ජනවාරි 21
අමාවක
ජනවාරි 29
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]