[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදී දයා සිරිවර්ධන ගුණ සැමරේ

ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදී දයා සිරිවර්ධන ගුණ සැමරේ

බුදුසරණ පුවත්පත මඟින් සම්බුදුදහමේ පෝෂණයට හා බෞද්ධ සංස්කෘතියේ ව්‍යාප්තියට මහඟු මෙහෙවරක් සිදුකළ බුදුසරණ පුවත්පතේ ආරම්භක සාමාජිකයකු මෙන් ම එහි හිටපු ප්‍රධාන කර්තෘවරයකු වූ දයාසිරිවර්ධන මහතාගේ 13 වැනි ගුණානුස්මරණය මෙම 26 වැනිදාට යෙදී තිබේ. මහා පත්‍රකලාවේදියකු වූ පියසේන නිශ්ශංක ශූරීන් සමඟ බුදුසරණ පුවත්පත ආරම්භ කිරිමට මුලික වූ දයාසිරිවර්ධන මහතා සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂා විෂයෙහි උගතකු මෙන්ම ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ විශාරදයෙක් ද විය.

දයා සිරිවර්ධන මහතා ප්‍රසිද්ධිය පසුපස හඹා නොයෑමේ නිහතමානී ගුණය සනිටුහන් කරමින් තම නමට අමතර ව දහම් සොඬ, සදසි, දයා, ගොවිදු, සිරිවැඩි යන ආරූඪ නම් වලින් පුවත්පත් කලාවේ නියැළිණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිල පුවත්පත වූ ‘සසුන’ පුවත්පතේ උපදේශක කර්තෘවරයා ලෙසින් කටයුතු කළ දයා සිරිවර්ධනයන් ලොව පතළ සිතුවම්, බුදුන්වහන්සේගේ දේශනා ක්‍රම ආශ්‍රිත ජනසන්නිවේදන විධි, ධම්මික සමඟ ධම්ම සාකච්ඡා 1 හා 2 කෘති ඔස්සේ ග්‍රන්ථකරණයට ද පිවිසියේ ය.

දිනමිණ, සිළුමිණ, ජනතා පුවත්පත්වල දිගු කාලයක් සේවය කළ දයා සිරිවර්ධනයන් මෙරට ජනප්‍රිය ගිහිපැවිදි බෞද්ධ ලේඛකයන්ගේ සාරගර්භ ලිපි ඇතුළත් ව මෙරට අග්‍රගණයේ පඬිවරු රැසක් සමඟ බුදුසරණ පුවත්පත ඔස්සේ කළ ශාසනික සේවාව අනුස්මරණීය වේ.

එතුමා වෙනුවෙන් මෙම මස 26 වැනිදා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී විශේෂ පින්කමක් සිදුකෙරෙන අතර එළැඹෙන මාර්තු 02 වැනි දා එතුමන් පදිංචිව සිටි නිවෙසේ සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]