[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මරණාසන්න මොහොතේ කිසිවකුට පසමිතුරෙක් නොවන්න කල්‍යාණ මිතුරකු ම වන්න

ඩයරියේ ලියන්නේ මොනවාද? තව කෙනෙකුට බලන්න බැරි කුණූුගොඩවල් තියෙන්නේ. ඕක හංගලානේ තියා ගන්නේ. එතකොට ඒක නිකම් පව් පොතක් වගේ. තිබ්බ කුණු ගොඩවල් ටිකක් තමයි ඒකේ තියෙන්නේ. හැබැයි එදා ඉඳන් අපේ මිනිස්සු අතර තිබ්බේ පින් පොත. තමන් කරන පින් දහම් එකින් එක ලියනවා. දැන් හිතන්න මෙහෙම, ඔබ ඔබේ ජීවිතයේ කළ පින්කම් අඩුගානේ අසවල් දවසේ බණක් ඇහුවා. මෙන්න මේ ධර්ම කරුණු ටික ඉගෙන ගත්තා කියලා සාරාංශය කරලා ලියා ගන්න. බුද්ධ දේශනා අතර තියෙනවා ඔබ අහල ඇති නකුලමාතා, නකුලපිතා කියලා දෙදෙනෙක් ගැන. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා මගේ ජීවිතයේ ගිහි ශ්‍රාවකයෝ, ගිහි ජීවිතය ගත කරන අය මේ නකුලමාතා, නකුලපිතා ආදර්ශයට අරගෙන ජීවත්වෙන්න කියලා. ඒකට හේතුව නකුලමාතා, නකුලපිතා කියන දෙන්නා තුළ තිබුණ සම ශ්‍රද්ධා (දෙන්නම ශ්‍රද්ධාවෙන් සමාන යි) සම සීල (සීලයෙන් සමානයි) සම ත්‍යාග - (ත්‍යාග සම්පත්තිය හුරු කරන දෙන්නෙක්) සම ප්‍රඥා (ප්‍රඥාව දියුණු කරන අය ) යනාදි ගුණාංගයි. බුදුරජාණන් වහන්සේ මේ කරුණු ගැන පෙන්වලා දෙනවා මෙන්න මේ අය මේ වගේ ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන සමාන ගුණධර්මවලින් යුක්ත යි. ඒ නිසා මගේ ගිහි ශ්‍රාවකයෝ මෙවැනි ගුණ ඇති අය ආශ්‍රයට ගන්න කියලා. දැන් එතකොට ආශ්‍රයෙන් ජීවත් වුනත් ලෝකයේ අපි කාටත් උරුම වෙන දේ තමයි කවුරුහරි ඉස්සර වෙනවා. කවුරු හරි මැරෙණවානේ. මේ නකුලපිතා කියන ගෘහපතියා මරණාසන්න වුණා. එක් තැන්වෙලා ලෙඩ වෙලා, ඇඳට වැටිලා, මරණාසන්න වුන වෙලාවේ බිරිඳ ස්වාමියාට කල්‍යාණ මිත්‍රයෙක් වූ හැටි අංගුත්තර නිකායේ නකුලපිතා කියන සූත්‍රයේ සඳහන් ව තියෙනවා


වප්  අව අටවක

නොවැම්බර් 05 ඉරිදා පූ.භා.
01.03 න් අව අටවක ලබා 06 සඳුදා පූ.භා. 03.20 න් ගෙවේ.
05 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]