[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

විද්‍යොත්තංස පිරිවෙන් විහාරස්ථානයේ

අභිනව සෑ රදුන්ගේ කොත නිරාවරණ පුණ්‍ය මහොත්සවය

ඓතිහාසික බදුල්ල, විහාරගොඩ, විද්‍යොත්තංස පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම, කොත් පැළඳවීම හා කොත් නිරාවරණය කිරීමේ පින්කම ලබන 12 වැනිදා උදෑසන 10.09 ට පමණ යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිත ය. මෙම පින්කම් මාලාව බදුල්ල විහාරගොඩ, විද්‍යොත්තංස පිරිවෙන් පරිවෙනාධිපති සහ විහාරාධිපති, ඌවේ ස්‍යාමවංශික මහානිකායේ පාලුගම විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී දික්කාපිටියේ පඤ්ඤාලෝක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාව පරිදි නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී උදේනිගම සීලරතන හිමියන්ගේ සංවිධානත්වයෙන් හා ඌව ස්‍යාමවංශික මහා නිකායේ ශ්‍රීමත් මහානායක කැප්පැටිපොල එරබද්ද ශ්‍රී විවේකාරාමාධීපති අති ගෞරවාර්හ බැටහිරේ සෝරතාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රදේශවාසී මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය. බදුල්ල විද්‍යොත්තංස පිරිවෙන ඌවේ පැරැණිතම පිරිවෙණයි.


වප්  අව අටවක

නොවැම්බර් 05 ඉරිදා පූ.භා.
01.03 න් අව අටවක ලබා 06 සඳුදා පූ.භා. 03.20 න් ගෙවේ.
05 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]