[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ප්‍රතිපත්ති දානයෙන් දුරස් වන තරමට ම සංසාර දුක ඔබ සමීපයේ ම ය

ලොව ජීවත් වන සත්ත්වයෝ විවිධ ය. ඒ අතර අපාද, දිපාද, චතුප්පාද, බහුප්පාද වශයෙන් කොටස් හතරකට බෙදා වෙන් කළ හැකි ය. මොවුන් අතර ශ්‍රේෂ්ඨතම සත්ත්වයා වන්නේ මිනිසා ය. එයට හේතුව වන්නේ උසස් මනසකින් යුක්ත වීම ය. කළ යුතු, නොකළ යුතු දේ පිළිබඳ තීරණයක් කළ හැක්කේ ද මිනිසාට පමණි. නිවන් ලැබීම ද කළ හැක්කේ මිනිසාට පමණි. “දුල්ලභංච මනුස්සත්තං” යන්නෙන් මිනිසත් බව ලැබීම දුර්ලභ කාරණයක් බව දේශනා කොට ඇත. නමුදු අද සමාජය තුළ එවැනි දුර්ලභ ව ලැබූ මිනිසත්කමේ වටිනාකම නොදැන අන් සත්ත්වයින් සේ ක්‍රියා කිරීමට මිනිසා ද පෙළඹී ඇත. එවැනි බාල, ළාමක අය මෙතෙරට ම කැමැති වන අතර, මොන තරම් දුක් වින්දත් ඉපදීමෙහි දුක වටහා නොගනිති. සත්ත්වයා නිරතුරුව ම එකොළොස් ගින්නකින් දැවෙනු ඇත. එනම් රාග (රාගය), ද්වේෂ (ද්වේෂය), මෝහ (මෝහය), ව්‍යාධි (වයසට පත්වීම), ජරා (දිරීම), මරණ (මරණය), සෝක (සෝකය) පරිදේව (විලාපය) දුක්ඛ (දුක), දෝමනස්ස (නොසතුට) හා උපායාස (බලවත් සිත්තැවුල) ආදී වශයෙනි. මෙවැනි භයානක දුක්වලට හසුවෙමින් සිටිය ද පස්කම් සැපෙහි ගිජු ව අන්ධකාරයක සත්ත්වයා ජීවත් වනු ඇත. පැණි භාජනයකට ඇඹලයකු ඇතුළු වී එය රසයක් සේ විඳිමින් එතුළින් ම ගිලී විනාශයට පත්වන්නා සේ සත්ත්වයා ද පස්කම් සැප මත ම ඇලී ගැටී විනාශයට පත් වේ. එබැවින් නිවනට යන පිරිස ඉතා අල්ප ය. යමෙක් මහපොළොවෙන් නිය තුඩට වැලි ටිකක් ගත්තොත්, කෙලෙස් බරිතව එහි ම ඇලී සිටින්නවුන්, මහපොළවෙ වැලි සේ නිවනට නොයන පිරිසට සමාන කළ හැකි ය. නිය තුඩට ගත් වැලි ටිකටත් අඩු ප්‍රමාණයක් නිවනට යනු ඇත.


වප්  අව අටවක

නොවැම්බර් 05 ඉරිදා පූ.භා.
01.03 න් අව අටවක ලබා 06 සඳුදා පූ.භා. 03.20 න් ගෙවේ.
05 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]