ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ වප් අව අටවක පෝදා 2023 නොවැම්බර් 05 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මුළු තුන් මසක් වස් වැස පඬුපුල් අසුනේ ගැලු දම් රසින් දෙවියන් සවනට ඇසුණේ හෙලු තුටු කඳුළු මව් දෙවි මගඵල සසුනේ සැලු බුදු කිරණ පෙනුණා බුදුහිමි දසුනේ
සැවතෙහි තිස් යොදුන් පතුරා බුදු සරණ පැවතුණි සක්වලෙහි බුදු රැස්වල කිරණ සුව සෙත ලබා සුර නර පැතුමන් පුරන නුවරම සංකස්ස අද බුදු හිමි අරණ
දෙවි රෝහණ අසිරි දැක පැතු බුදු බව ය ගෞරව කරයි මෙත් බෝසතු ලැබ ජවය පව් කළ දනන් නොදිටිය අසිරිය සුවය සිව් සස් දහම් දෙසුවේ සම්බුදු බව ය
මෙහෙනක් කරන්නට කුමරිය අනුලාව ගෙන්වනු පිණිස සඟමිත් තෙරණිය ඈව දම්සෝ රජුන් ලිපියක් කුමරකු පෑව සසුනේ අසිරි දිනයකි වප් පොහො ආව
කැස්බෑවේ මුණසිංහ නිශ්ශංක (ඇත්ගාල ශ්රී බෝධිරාජාරාමයේ වැඩ විසූ වැටකේදෙණියේ වජිරකිත්ත තිස්ස හිමි ගුණානුස්මරණ පින්කම නිමිත්තෙනි)
නොවැම්බර් 05 ඉරිදා පූ.භා. 01.03 න් අව අටවක ලබා 06 සඳුදා පූ.භා. 03.20 න් ගෙවේ. 05 ඉරිදා සිල්
අව අටවක
නොවැම්බර් 05
අමාවක
නොවැම්බර් 12
පුර අටවක
නොවැම්බර් 20
පසළොස්වක
නොවැම්බර් 26
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]