[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

චරිතබිංදු

චරිතබිංදු

චරිතබිංදු - බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තනය සිදු කළ මහතෙරුන් වහන්සේගේ අපදාන සමුච්චයකි.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි, ලබුගම ලංකානන්ද මහ නාහිමි, කෝදාගොඩ ඤාණාලෝක නාහිමි, අඹන්වැල්ලේ ධම්මානන්ද අනු නාහිමි, පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමි, කෙසෙල්වතුගොඩ රතනජෝති නාහිමි, අහුන්ගල්ලේ විමලකිත්තිතිස්ස මහ නාහිමි, වැලිවිටියේ පුඤ්ඤසාර නාහිමි, හාල්දඬුවන ධම්මරක්ඛිත නාහිමි, කලුකොඳයාවේ පඤ්ඤාසේඛර මහ නාහිමි, දෙවිනුවර ඤාණාවාස මහා නාහිමි, බෙන්තර මංගල අනු නාහිමි, ගම්මුල්ලේ චන්දජෝති නාහිමි, වේරගොඩ අමරමෝලි නාහිමි, මැදඋයන්ගොඩ විමලකිත්ති මාහිමි, බලපිටියේ විසුද්ධාලෝක අනු නාහිමි, මකුළුදූවේ පියරතන නාහිමි, ඇතුළු මහා තෙරවරු පනස් අට නමකගේ සංක්ෂිප්ත චරිතාපදානයන් මෙහි අන්තර්ගත කොට තිබේ.

මෙහි කර්තෘවර කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ හිටපු සහකාර කථිකාචාර්ය, ශාස්ත්‍රවේදී රවීන් කෝදාගොඩ මහතා වසර තුනකට අධික කාලයක් මහත් වෙහෙසක් දරා ගොනු කළ කරුණු එක් ආකෘතියකට අනුව මෙහි ගොනු කොට තිබේ.

මෙහි අන්තර්ගත ඇතැම් හිමිවරු පිළිබඳ තොරතුරු සුලභව සොයා ගත හැකි වුව ද ඇතැම් හිමිවරු පිළිබඳ තොරතුරු සපයා ගැනීම අතිශය දුෂ්කර වූ බැව් පැවසිය යුතු ය. තෙවළා බුදු දහම මැනවින් සුරක්ෂිත කරනු පිණිස ඇප කැප වූ මහා යතිවරුන් වහන්සේ පනස් අට නමගේ දිවිමං සලකුණු මතු පරපුරට හඳුනා ගැනීම පිණිස කතුවරයා ගත් වෑයම සැම දෙනාගේ ප්‍රශංසාවට හේතු විය යුතු ය.

අග්ගමහා ග්‍රන්ථවාචක පණ්ඩිත, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ පූර්විකාවකින් යුතුව ඇරඹෙන මෙම කෘතිය දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රකාශනයක් වශයෙන් එළි දක්වා තිබේ.

ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]