[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිහිට පතයි

පිහිට පතයි

ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, වටවන ග්‍රාම නිළධාරි වසමේ, පදිංචිව වැඩ සිටි බලංගොඩ ශ්‍රී නාරද හිමියන්ගේ එක් වකුගඩුවක් පරිත්‍යාග කර ඇත. එහිදී ඉතිරි වකුගඩුවට විෂක් ඇතුළු වීම හේතුවෙන් මේ වන විට දැඩි ලෙස රෝගී තත්ත්වයට පත්ව ඇති බව පවසයි. මේ නිසා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ද පවසයි. ඒ සඳහා වියදම ලක්ෂ 50ක් අවශ්‍ය බව ද පවසයි. උපකාර කිරීමට කැමැති අයකු සිටී නම් දුරකථන අංක 0702097658 යන දුරකථන අංකයට දැනුම් දීමට හෝ ලංකා බැංකුව :- වැල්ලවාය ගිණුම් අංකය - 82105651 හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව – පැල්මඩුල්ල ගිණුම් අංකය - 107360169692 ගිණුම්වලට මුදල් බැර කළ හැකි බව කියයි.

*******

ගාල්ල, උඩුගම සමගිගම ලිපිනයේ පදිංචි ගා/උඩුගම ජාතික පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම්.එම්. නෙතුමි දිල්මෙත් ශිෂ්‍යාව දරුණු අක්මා රෝගී තත්ත්වයෙන් පෙළෙන බව පවසයි. ඇයට වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා ඉන්දියාවේ රෝහලක් වෙත යොමු කළ යුතු බව ද ඒ සඳහා විශාල මුදලක් වැය වන බව ද පවසයි. ආධාර කිරීමට කැමති අය සිටී නම් 0772006856 දුරකතන අංකයෙන් දැනුම් දීමට හෝ කොමර්ෂල් බැංකුව උඩුගම ශාඛාවේ 8180025030 දරන ගිණුම් අංකයට මුදල් බැර කළ හැකි බවද පවසයි.

*******

පානදුර, වඳුරාමුල්ලේ වටරවුම් පාර අංක 226 පදිංචි එන්. දිනේෂ් චන්දිම යන අය වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව පවසයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව කියයි. වයස අවුරුදු 25 - 40 සීමාව සිටින අයකුගේ වකුගඩුවක් අවශ්‍යව ඇති හෙයින් පරිත්‍යාගශීලියකු වේ නම් 0704415777 දුරකතන අංකවලට දැනුම් දිය හැකි බව කියයි.

*******

නො. 18, උළුපෝරණුව පාර, රිලවුල්ල, කඳාන පදිංචි අමින්ද පුෂ්පකුමාර යන අයට “ඒ පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු පවසන බව කියයි. මේ සඳහා වකුගඩුවක් හෝ මුදල් පරිත්‍යාගයක් කිරීමට කැමති අය සිටී නම් 0762309727, 072 72 66166 දුරකතන අංකවලට දැනුම් දීමට හෝ ලංකා බැංකුව කඳාන ශාඛාවේ 86053215 හෝ කොමර්ෂල් බැංකුව, වත්තල ශාඛාවේ 8011916112 දරන ගිණුම් අංකවලට මුදල් බැර කළ හැකි බව ද පවසයි.

*******

ඒකල, ශාන්ත මැතිව් මාවතේ පදිංචි සාලිය පුෂ්පකුමාර ප්‍රනාන්දු යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව පවසයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව ද පවසයි. පරිත්‍යාගශීලියකු සිටී නම් 0772 817913, 0717412025 යන දුරකතන අංකවලට දැනුම් දිය හැකි බව කියයි.

 

*******

නො. 425/1, ලේකම් හන්දිය, අතුරුගිරිය යන ලිපිනයේ පදිංචි ඒ.ඒ.එල්.කේ. පෙරේරා යන අය වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව පවසයි. ඔහුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව ද පවසයි. පරිත්‍යාගශීලියකු සිටී නම් 0777529259/ 0772798140 යන දුරකතන අංකවලට දැනුම් දිය හැකි බව කියයි.

*******

අංක 239/4/2, උඩුවන පන්සල පාර, හෝමාගම යන ලිපිනයේ පදිංචි ටී.ජී.එන්. පි‍්‍රයදර්ශනී මෙනවිය වකුගඩු රෝගයකින් පෙළෙන බව පවසයි. වයස අවුරුදු 30 - 50 අතර වයසේ පසුවන නිරෝගී අයකුගේ “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මනින් බද්ධ කළ යුතු බව ද පවසයි. ඒ සඳහා විශාල මුදලක් වැය වන බැවින් පරිත්‍යාගශීලියකු සිටී නම් බත්තරමුල්ල ලංකා බැංකු ශාඛාවේ 73642161 අංක දරන ගිණුමට බැර කරන ලෙස ද වකුගඩුවක් දන් දීමට කැමති අයකු සිටී නම් 0773799924, 0717703672 දුරකථන අංකවලට දැනුම් දිය හැකි බවද පවසයි.

*******

වයස අවුරුදු. 21ක විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වකුගඩු රෝගයෙන් පෙළෙන බව පවසයි. බද්ධ කිරීම සඳහා වයස අවුරුදු 25 - 35 අතර නීරෝගි පුද්ගලයකුගේ “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවත් පරිත්‍යාගශීලියකු සිටී නම් 078 5507821 දුරකතන අංකයට අමතන ලෙස ඉල්ලා සිටී.

ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]