[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

බෙලිඅත්ත කහවත්ත
පුරාණ රාජමහා විහාරයේ
බුද්ධ ප්‍රතිමා වහන්සේ.
 ඡායාරූපය - සේන වී ගමගේ

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවය

සම්බුදු පා පහස ලද උතුම් කැලණිය පින්බිමේ දුරුතු මහා පෙරහර පූජෝත්සවය මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. සදහම් දේශනා පිරිත් සජ්ඣායනා, පරිවාර පෙරහර ඇතුළු වටිනා ආගමික හා සංස්කෘතික අංගයන්ගෙන් අර්ථවත්වන, අලංකාරවන කැලණිය දුරුතු පෙරහර ලාංකේය බොදු දනන්ගේ අභිමානවත් පුණ්‍ය මහෝත්සවයකි. ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවය හා මහා පෙරහර ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපති ගෞරවාර්හ මාපිටිගම ධම්මරක්ඛිත නා හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා කැලණිය රජමහා විහාරයේ අභිනව විහාර මන්දිරය කරවා සසුනට පූජා කළ හෙළේනා විජයවර්ධන මැතිණිය ප්‍රධාන දායක පින්වතුන්ගේ ශාසනික අනුග්‍රහයෙන් 1927 දී ආරම්භ විය. එතැන් පටන් අඛණ්ඩව පැවති මෙම පෙරහර මහෝත්සවය මෙවර ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත, උපාධ්‍යාය ධුරන්ධර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගෞරවාර්හ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ හා ශ්‍රී කල්‍යාණි රජමහා විහාරයේ දායක සභාව, ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය හා කල්‍යාණි තරුණ සංවිධානය ආදි සංවිධාන සමූහයේ සහභාගිත්වයෙන් මෙන් ම ගම්පහ මහ දිසාපතිතුමන් ඇතුළු රාජ්‍ය ආයතනයන්ගේ සහයෝගයෙන් රටපුරා හා ලෝකය පුරා දායක පින්වතුන්ගේ ශාසනමාමක දායකත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට යෙදුණි. පසුගිය වසරවල රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් මෙම පින්කම් මහෝත්සවය ඓතිහාසික චාරිත්‍ර හා උඩමළුවේ පෙරහරට සීමා වූව ද මෙම වසරේ අංග සම්පූර්ණව පැවැත්වීමට අවස්ථාව සැලසීම සියලු දෙනාට මහා ආශිර්වාදයක් ලෙස ප්‍රදේශවාසී පින්වත්හු මත පළ කරති. පුරා තෙමසකට ආසන්න කාලයක් පැවති ධර්මදේශනා පින්කම් හා පරිවාර පෙරහර පින්කම් අවසානයේ දෙසැම්බර් 30 දින ආරම්භ වූ සත්වරුවේ පිරිත් දේශනය නව වසරට ආශිර්වාද පතමින් 2023 ජනවාරි 02 දින නිමාවට පත් විය.

මෙත් සිත් අරණ අන්තර්ජාල විකාශය ඇරඹුණ වගයි

බුදුදහම නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නූතන ලෝකයට ලබා දීමට කටයුතු කිරීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් බව කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථාන ප්‍රමුඛ චතුර් විහාරස්ථානාධිපති පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ බුදුසරණ “මෙත් සිත් අරණ” අන්තර්ජාල විකාශය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ලේක්හවුස් ආයතනය අන්තර්ජාලයේ සුවිශේෂී කඩඉමක් පසුකරමින් “මෙත් සිත් අරණ” යූ ටියුබ් නාළිකාව සහ ටික් ටොක් මාධ්‍යයට එක් කිරීම මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පසුගියදා සිදු කෙරිණි. මාස කිහිපයක් පුරා සිදුකරන ලද අත්හදා බැලීම් ඉතා සාර්ථක වීමත්, බොහෝ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබීමත් නිසා බුදුසරණ “මෙත් සිත් අරණ” අන්තර්ජාල විකාශය ආරම්භ කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියෝ මෙසේ ද පැවසූහ. ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන මැතිතුමන් මෙම ආයතනය ආරම්භ කළේ අරමුණු රැසක් පෙරදැරිවයි. බෞද්ධ පවුල් පසුබිමකින් පැමිණුනු එතුමා අපේ භාෂාව, සංස්කෘතිය , සභ්‍යත්වය ආදි මේ සියලු දේ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුවත්පත් මුද්‍රණ කර බුදුදහම ප්‍රචළිත කිරීම සඳහා වැඩි නැඹුරුවක් දැක්වූවා. එතුමා ඒ අරමුණ පෙරදැරිව බුදුසරණ පුවත්පත ආරම්භ කළා. එය වසර ගණනාවක් පුරා බෞද්ධයන් අතර ප්‍රචළිත විශ්වාසය දිනා ගත් පුවත්පතක්. බෞද්ධ විශ්ව කෝෂයක්.

ආයු වර්ණාදියෙන් සකල විපුලත්වයන් හසරැල් මතින් ලබන්නට ...

වාසනාව යනු පෙර කළ පින් ඇති බවයි. පින්බල ලැබෙන විට ජීවිතය හැම අතින්ම වාසනාවන්ත වේ. පී‍්‍රතිපූර්ණ වේ. ලෞකික මෙන්ම ලෝකෝත්තර සුව සහනයන් ලැබෙන්නේ ද පුරාකෘත පුණ්‍ය ශක්තියක් හිමි පුද්ගලයාට පමණි. මෙලොවින් ආයු වර්ණාදියත්, පරලොවින් සුගතියත්, අවසන නිර්වාණ ශාන්තියත් අපේක්ෂා කරන ඥානවන්තයා මොහොතින් මොහොත ජීවිතය පිනෙන් පුරවාගත යුතු ය. මනබඳින රූපය, මිහිරි කටහඬ, දැකුම්කලු දේහ විලාසය, උසස් කුලයක ජන්ම ලාභය, ආදරණීය හා කීකරු ස්වාමි භාර්යාවන්, දූ දරුවන් ලැබීම, පිරිස් බලය හා ධන බලය, නිදුක් නීරෝගි බව හා දිගාසිරි ලැබීම, බහුශ්‍රැත භාවය හා ශාස්ත්‍ර ඤාණය ආදිය පින්පල පිළිඹිබු කරන අවස්ථාවන් ය. ධ්‍යාන, විමෝක්ස, සමාධි, සමාපත්ති හා නිර්වාණාවබෝධය කළ පින් ඇති වාසනාවන්තයාට ලැබෙන අලෞකික සුවයන් ය. එකී නොකී ලොව්තුරා ඉහළම භාග්‍යය ද, මහා ගෞතම බුදුරජාණන් වහන්සේ තරම් ගිහි සුව හා පැවිදි සුව ඉහළින් ම වින්දනය කළ අන් කිසිවකු මිහිපිට හෝ දෙව්බඹලොව නැත්ම ය. දුකෙහි බිහිසුණු බව හා සුවයෙහි මිහිර මනාව අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ සැප කැමැති මිනිසාට ආයු ආරෝග්‍යාදී මෙලොව සුවය පිණිසත්, ස්වර්ගමෝක්ෂ සම්පත්තිය පිණිසත් නොවරදින මාවත පෙන්වා වදාළහ. මිනිසත් භාවයෙහි දුර්ලභ භාවය පෙන්වා, ලැබූ ජීවිතය රෝග පීඩාදියෙන් හා අකල් මරණයෙන් මුදාගෙන සැනසිල්ලේ දිවි ගෙවීමට හේතුවන කරුණු මනාව උගන්වා වදාළහ. ඒ අනුව අඩු වයසින් නොමැරෙනු කැමති පුද්ගලයා තමා කෙරෙහි පිහිටුවා ගත යුතු කරුණු කිහිපයක් අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ වදාරා ඇත. සප්පායකාරී වීම එහිලා පළමුවන කාරණයයි.

කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරස්ථ දුරුතු මහා පෙරහර

ශ්‍රී ලාංකික ජනතාවගේ චිරාගත සංස්කෘතික අගයන් අතර බෞද්ධ පෙරහරට හිමිවන්නේ අති විශේෂ ස්ථානයකි. මහින්දාගමනයත් සමඟ මෙරට ජනතාවගේ දිවි පෙවෙතේ විශාල පරිවර්තනයක් ඇති විය. බෞද්ධ දර්ශනයට අනුව හැඩගැසුණු ජන ජීවිතයේ සෑම කාර්යයක් ම බෞද්ධ ඉගැන්වීම්වලට අනුව සිදුවිය. එයින් බෞද්ධ ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟුණු අතර විනෝදාස්වාදය සඳහා උපයෝගී කර ගත්තේ බෞද්ධ උරුම තුළින් ගොඩනැගුණු කලාත්මක අංග සමූහයකි. චිත්‍ර, මූර්ති, කැටයම්, ජනකවි ආදී අංශ කෙරෙහි මෙන් ම විශේෂ අවධානයක් යොමු කළ කලාත්මක අංගයක් වූයේ බෞද්ධ පෙරහර සංස්කෘතිය යි. නැටුම් කලාව උපයෝගී කර ගනිමින් වර්ණවත් කළ බෞද්ධ පෙරහර ත්‍රිවිධ රත්නයට උපහාර පූජා පිණිසත්, බුදුරජාණන් වහන්සේගේ නවඅරහාදී බුදු ගුණවලටත් බුද්ධ චරිතයටත් උපහාර දැක්වීම සඳහා පවත්වන මහා සංස්කෘතික මංගල්‍යයකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘ හා ප්‍රථම මහානායක පදවිය හෙබවූ අති පූජ්‍ය අඹගහවත්තේ සරණංකර ඉන්ද්‍රසභවර ඤාණසාමි සරණංකර මාහිමිපාණන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවත එන ධූතාංගධාරී උලාංකුලමේ සරණංකර හිමි, ධූතාංගධාරී අතිගරු ශාස්ත්‍රවෙල්ලියේ උපසේන හිමි, ධූතාංගධාරී අතිගරු කට්ටමුරිච්චානේ දීපාලංකාර හිමි, ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් පැවත එන අතිපූජ්‍ය මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී මාහිමිපාණන් වහන්සේ 1926 වර්ෂයේ සිට මෙම කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනලංකාර මූල මහා විහාරය කේන්ද්‍ර කරගෙන එහි වැඩ විසූ ආරම්භක විහාරාධිපති ස්වාමීන් වහන්සේ විය.

සම්බුදු දහම විමසා බලන්න පිළිවෙත් මඟට එකතු වන්න

ධර්මය හෝ දහම නම් වූ වචනය ඕනෑම ඉගැන්වීමක් වෙනුවෙන් යොදාගත හැකි වචනයකි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට අප විසින් දහම නම් වූ පරියාය වචනය භාවිත කරන්නේ කුමන අදහසින් ද? මිනිස් සන්තානයේ සකස් වෙන්නා වූ ලෝභ, දෝෂ, මෝහ නම් ප්‍රධාන වූ, මෙලොව, පරලොව අනර්ථකාරී බව නිර්මාණය වන කෙලෙස් බැහැර කරවන, පාරිශුද්ධ වූ චිත්ත සන්තානයක සන්සිඳීමක් හෙවත් සමාධියක් ඇතිකරවන නම් වූ අදහසිනි. මෙම දහම, ධර්ම පරියායක් ලෙස සීල, සමාධි, ප්‍රඥා නම් වූ ත්‍රිශික්ෂාව ඔස්සේ ක්‍රියාවට නැංවෙයි. දර්ශනයක් යනු යම් සිද්ධාන්තයක් ඔස්සේ චින්තන මාර්ගයක් ඉදිරිපත් කිරීමයි. එය පූර්ව නිගමනවලින් බැහැරව සහ ඉන්ද්‍රිය ගෝචර නොවන විශ්වාසවලින් සහ සංකල්පවලින් තොර වූවකි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වල, ශාස්තෘවරයෙක් ලෙස මඟ පෙන්වීම සිදු කෙරේ. එනමුත් එය දේව විශ්වාසයක මෙන් මිනිස් සිතට බලපැවැත්මක් නොකෙරේ. ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් බැහැරව සිතීමේ සහ විමසීමේ නිදහසක් කැමත්තෙන් අනුගමනය කරන්නන්ට ලබා දෙයි. මේ බව කාලාම සූත්‍ර දේශනාවෙන් ප්‍රකට කෙරේ. එමඟින් තමාගේ ම අත්දැකීම්වලින් මෙන්ම බාහිර ලෝකය ද ඇසුරු කරගෙන දැක්ම හෙවත් දර්ශනය සකස් විය යුත්තේ ය. මේ අනුව බෞද්ධ ඉගැන්වීම් වඩාත්ම දර්ශනයක් ලෙස ද සැලකිය හැක්කේ ය. කෙසේ වෙතත් බෞද්ධ ඉගැන්වීම් යථාභූත ඥාන දර්ශනයකි.

දුරුතු පුර පසළොස්වක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]