[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

හොඳම දේ දරුවන්ටයි

හොඳම දේ දරුවන්ටයි

දරුවෝ යනු අනාගත ලෝකය බාර ගැනීමට සිටින පිරිසයි. එනිසා ම “හොඳම දේ දරුවන්ටයි” යන කියමන ඔස්සේ කටයුතු කළයුතු ව ඇත. අද වන විට දරුවන් පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වැඩියෙන් කතා කරන යුගයක් වී ඇත. එසේ සාකච්ඡාවට බඳුන්වන්නේ දරුවන් පිළිබඳ සුබදායක ලෙස නොවීම කනගාටුවට කරුණකි.

මත්වතුර, මත්කුඩු, මත්පෙති, දුම්වැටි පමණක් නොව මත්වන ආහාර පිළිබඳ ව ද අද අසන්නට ලැබේ. මහින්දාගමනයෙන් පසු ලංකාවාසී බෞද්ධයෝ බුදු දහම අනුව සුචරිතවත් ජීවිකාවක් ගෙවූහ. ජනතාව අතර සිටි සුළු පිරිසක් සුරාමේරය ශික්‍ෂාපදය කඩ නොකළා නොවේ. එහෙත් බහුතර පිරිසක් පන්සිල් රැකීමට උත්සාහ ගත්හ. එදා වැඩිහිටියෝ මත්ද්‍රව්‍ය භාවිත කළ ද දරුවන් ඒ සඳහා යොමුවූයේ නැත. වැඩිහිටියෝ දරුවන් ආරක්‍ෂා කළහ.

එහෙත් අද ඒ තත්ත්වය ඉතා බරපතළ ලෙස වෙනස් වී ඇත. පිරිමි දරුවන් පමණක් නොව ගැහැණු දරුවන් පවා “අයිස්” නැමැති මත් රකුසාට ගොදුරුවී හමාර ය. වෙනත් මත් ද්‍රව්‍ය භාවිත කළ අය හඳුනාගැනීමට හැකි වුවත් “අයිස්” භාවිත කළ අය හඳුනා ගැනීමට බොහෝ කාලයක් ගත වේ. එසේ හඳුනාගන්නා විට සියල්ල සිදු වී අවසන් ය.

පාසල් දරුවාගේ පොත් බෑගය පරික්‍ෂාකර පාසලට දරුවන් ගැනීමට තරම් අද තත්ත්වය ශෝචනීය වී ඇත.

හොඳ ම දේ දරුවන්ට දුන් වැඩිහිටියෝ ම අද නරක ම දේ දරුවන්ට දීමට පෙළඹී ඇති නිසා මවුපියෝ ඉතා වගකීමෙන් දරුවන් රැකබලා ගතයුතු ය. දරුවන් දහමට යොමු කොට ඔවුන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීමට කටයුතු කිරීම අද මවුපියන්ගේ මෙන් ම සියලු වැඩි හිටියන්ගේ වගකීමකි.

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]