ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ දුරුතු පුර පසළොස්වක පෝදා 2023 ජනවාරි 06 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
මහනුවර යුගයට අයත් මෙම කහවත්ත රාජමහා වෙහෙර මහානාග රජු විසින් ඉදිකලා යයි සැලකේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කහවත්ත නම් වූ ග්‍රාමවරයෙහි මෙම පුදබිම පිහිටා ඇත. දකුණු ගිරුවා දනව්ව හරහා ගලා බසින රමණීය නදියක් වන කිරමඔය අසබඩ මෙම පින්බිම පිහිටා ඇත. අක්කර 08ක පමණ වූ පරිසරය තුළ විශාල ගල්කණු - වෙහෙර, විහාර, ගොඩනැඟිලි බෝධි ප්‍රාකාර වැනි ඉදිකිරීම්වල නටබුන් පොළවට යටවී ඇත. විවිධ ස්ථානවල එම පාදම් මතුවී ඇත. එකල රජ දවස ඉදිකල ගරා වැටී ඇති චෛත්‍ය මත වසර 2000ක් පමණ ඉපැරැණි ඉතා අනුහස් බලැති බෝධිය පිහිටා ඇත. මෙම ස්ථානයෙහි මහරහතුන් වහන්සේ පන්සියයක් පමණ වැඩ සිට ඇති අතර, උන්වහන්සේ කිරම ඔයෙන් සිවුරු සෝදා වේලෙන්නට ප්‍රදේශය පුරා අතුරා තිබූ බැවින් කසා වස්ත්‍රයෙන් බැබළුණු ප්‍රදේශයක් හෙයින් “කහවත්ත” යැයි නම් ලැබී ඇත. 1800 දී පමණ මෙම ස්ථානයට මුල්ගිරිගල සඟ පරපුරේ මහනුවරින් පළමු උපසම්පදාව ලද වටරක්ගොඩ ධම්මපාල හිමියන්ගේ ශිෂ්‍යනමක් වන ගල්වැවේ සෝභිත හිමි පැමිණ කුටියක් තනා අතිදුෂ්කර දිවියක් ගෙවමින් භාවනානුයෝගීව වැඩ සිට ඇත. අනතුරුව කහවත්තේ බුද්ධරක්ඛිත හිමිගෙන් පසු වඳීන පුදන ස්ථානයක් බවට පත්කරමින් වැඩ සිට ඇත. ඉන්පසු අකුරුගොඩ සුදස්සී, කහවත්තේ පියරතන, ගලගම රතනජෝති, ඌරුගමුවේ ධම්මාලෝක යන හිමිවරුන් යටතේ ජනතාවගේ ආගමික කටයුතු ඉටුකර ගැනීම සඳහා සුදුසු ලෙස පරිසරය සකස් කර ඇත. වත්මන් විහාරාධිපතීන් වහන්සේ වන්නේ කහවත්ත මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රවේදී වටරක්ගොඩ ඥාණසිරි හිමියන් ය. විහාරාධිකාරි හිමියන් වහන්සේ, නුගේගොඩ ශ්‍රී සුභද්‍රාරාම විද්‍යායතන පිරුවෙනේ විශ්‍රාමික නියෝජ්‍ය පරිවේනාධිපති ඕමාරේ පුඤ්ඤසිරි හිමියන් ය.
ජනවාරි 06 සිකුරාදා පූ.භා. 02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ. 06 සිකුරාදා සිල්
පසළොස්වක
ජනවාරි 06
අව අටවක
ජනවාරි 15
අමාවක
ජනවාරි 21
පුර අටවක
ජනවාරි 28
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]