[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික කූරගල පින්බිම සිසාරා දසත පැතිරී ගිය සාදුනාද මැද අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රජාණන් වහන්සේගේ ධාතු ගර්භයෙහි නිදන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා පැවැත්විණි. වසර දෙදහස් දෙසීයකටත් එහා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කූරගල මහා පුදබිම බ්‍රාහ්මීය අක්ෂරයන්ගෙන් යුතු ශිලා ලේඛන ඇතුළු ඓතිහාසික උරුමයන්ගෙන් පොහොසත් ය. ඈත අතීතයේ මහ රහතන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටි පින් බිමකි. ජනප්‍රවාදයට අනුව තථාගතයන් වහන්සේ තෙවැනි ලංකා ගමනයේ දී දිවා විහරණය කළ දිවා ගුහාව වන්නේ ද මේ පුණ්‍ය භූමිය යි. පැරැණි රජ දවස තණ්ඩල්‍යෙය පබ්බත සහ දන්ත ශෛල පබ්බත යන නාමයන්ගෙන් ව්‍යවහාර වූයේද කූරගල පුද බිමයි. ඡායාරූප - යුද හමුදා මාධ්‍ය අංශය

දුරුතු අව අටවක පෝය

ජනවාරි 25 අඟහරුවාදා පූර්වභාග 07.49 අව අටවක ලබා 26 බදාදා පූර්වභාග 06.26 ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

ඓතිහාසික කූරගල පින්බිමේ ඉදිවෙමින් පවතින අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රජාණන් වහන්සේගේ පූජනීය වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවයෙන්...

මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනයෙන

ඓතිහාසික කූරගල පින්බිම සිසාරා දසත පැතිරී ගිය සාදුනාද මැද අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රජාණන් වහන්සේගේ පූජනීය වස්තු තැන්පත් කිරීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. නෙල්ලිගල අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නා හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සහ උපදේශකත්වයෙන් කූරගල විහාරභූමියේ සංවර්ධන කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී. පසුගියදා එහි ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නිරීක්ෂණය කළ අවස්ථාවේ මාර්ග පද්ධතියේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස එහිදී එතුමා උපදෙස් ලබා දුන්නේ ය. ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම් , ලේක්හවුස් නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මෛත්‍රි සිත දෙලොව යහපත උදා කරයි

මෛත්‍රිය බුදුදහමේ හදවතය, මිනිසාට පමණක් නොව සතා සීපාවාට ද, ගහට කොළට ද මෙත් සිත පැතිරවීම බුදුදහමේ ඉගැන්වීමයි. ඉතා සුළු දෙයකට වුව ගහ බැණ ගනිමින් වටිනා මිනිස් ජීවිත අහිමි කිරීම් දක්වා මිනිස් සිත දරුණු වූයේ මන්ද යන්නත්, බුදුදහමේ ආභාසයෙන් ජන සිත පැලපදියම් වූ මෙත්තා, කරුණා, මුදිතා. උපේක්ඛා ආදි රන්, රිදී, මුතු, මැණික් අගය පරදන ගුණධර්ම ජන හදවතින් වාෂ්ප වූයේ ඇයි ද යන්නත් අප සිතා බැලිය යුතු ය. ලක්දිව රන් දෙරණ ගුණ ගඟ සිඳී යාම අද අප මුහුණපාන බොහෝ අකරතැබ්බයනට – දුක්ඛිත තත්ත්වයනට හේතු බැව් මැදහත්ව නුවණින් විමසා බලන කාට වුව සක්සුදක් සේ පැහැදිලි ය. එනිසා මෙබඳු දහම් ලිපි කියැවීමට භාග්‍යවන්ත වූ ඔබ සදහම් මිණි බරණින් දිවි බබළවා මෙලොව දියුණු ව ද පරලොව විමුක්තිය ද උදාකර ගනිත්වා. එවිට එබඳු මිනිසුන්ගෙන් සුසැදි රට සමාජය බිය තැති ගැනීමක් නැති ශාන්තිදායක තැනක් වෙයි. අනෙකාගේ දියුණුව සුභසිද්ධිය පැතීම, ඊට වැඩ සැදීම මෛත්‍රියයි. අනෙකාගේ දියුණුවට ඇති අකමැති බව ද ඊට අකුල් හෙළීමද මෛත්‍රියේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයයි. ඊර්ෂ්‍යාවයි. මෙත් සිත් ඇත්තෝ ජාති, වර්ග, වර්ණ, ආගම් බේදාදියෙන් තොරවූ සෑම සියලු දෙනාම සමස්ත සත්ව සංහතියම සුවපත් වෙත්වායි යන පැතුම ප්‍රාර්ථනාව හද දරති. හුදු වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ම හදින් පැතූ මෛත්‍රිය දිස් වේ නම්, සැබෑම මෛත්‍රිය එයයි. එකම දරු ඇති මවක අපමණ පුත්‍ර ස්නේහයක් ඒ දරුවා කෙරෙහි දක්වයි ද එබඳුම මෛත්‍රියක් සමස්ත සත්ව සංහතිය කෙරෙහිම පැවැත්විය යුතුය යන්න බුද්ධාවවාදයයි.

 

කලකිරීම් දුක් දොම්නස් අවම කරමින් සතුටින් ජීවත්වෙන්න පුළුවන

බුදු දහමයි - ජන දිවියයි

දිනක් ආනන්ද හාමුදුරුවො බුදුරජාණන් වහන්සේට කියනවා, බුදුහාමුදුරුවනේ, මට තේරෙන විදිහට බුදුසමයෙන් හරි අඩක්ම තිබෙන්නේ මිත්‍රත්වය මත පදනම්ව බවයි. එහෙම කියන්න එපා. ආනන්ද, මුළු බුදුසමයම මිත්‍රත්වය මතයි පවතින්නේ. සූත්‍ර,විනය, අභිධර්ම කියන තුන් පිටකය තුළම ලෝකයේ තිබෙන විවිධ සංකල්පයන් තිබෙනවා. නිදසුනක් වශයෙන් ලෝකයේ විවිධ රට රටවල් අතර විවිධ අර්බුද තිබෙනවා. වසංගත රෝගය උත්සන්නව පැවතුන පසුගිය වකවානුවේදීත් ඇමරිකාව, ජපානය, චීනය, රුසියාව මේ ආදී රටවල් සඳතරණය කරනවා. අභ්‍යාවකාශගත වෙමින් පරීක්ෂණ පවත්වනවා. මෑත භාගයේ දී රුසියාව තමන්ගේ චන්ද්‍රිකාවක් මගින් අභ්‍යාවකාශ යානයක් පුපුරවා හැර තිබීම විශාල ගැටලුවක් වෙලා තිබෙනවා. අපේ පෘතුවිය ඉක්මවා මිනිසුන් විවිධ තොරතරු සොයමින් එහි පදිංචි වෙන්න යන තරම් දියුණු තාක්ෂණ යුගයක අපි ජීවත්වන්නේ. බුද්ධ දේශනාවේ ඒවැනි අවස්ථාවන් පිළිබඳ කරුණු සඳහන් වීම අප විස්මයට පත්කරවන සුළුයි. දස දහසක් චක්‍රාවාට පිළිබඳව බුද්ධ දේශනාව තුළ සඳහන්වීම ඊට හොඳ නිදසුනක්. අංගුත්තර නිකාය ඇතුළුව මේ ලෝක විෂය පිළිබඳව සඳහන් වන සුත්‍ර කොච්චර තිබෙනවාද? මේවා සොයන තරුණයන්ට තමන්ගේ ඤාණ දර්ශනය පෘතුල කරගන්න ඕන තරම් කරුණු තිබෙනවා.

 

තිස්ස කුමරුගේ බලසේනා දුටුගැමුණු රජුට එක්වෙය

විහාර දොරටුව අභියස ඇතු නවතා, දුටුගැමුණු මහා රජතුමා විහාරයට එනු දුටු තිස්ස කුමරු විහාරාධිපති වහන්සේගේ යහන යටට රිංගා ගත්තේය. එහි ඇතුළත නොපෙනෙන ලෙස ඇතිරිල්ල පහතට හෙලු විහාරාධිපති හිමියෝ යහනෙහි හිඳ ගත්හ. රජතුමා විහාර ගෙට ඇතුළුව විහාරාධිපති හිමියන් වහන්සේ වැඳ “ස්වාමීන් වහන්ස තිස්ස පළාවිත් මෙහි ඇතුළු විය. ඔහු කොහේදැයි “ විමසිය. “මහා රජතුමනි. තිස්ස කුමාරයා ඇඳෙහි නැත.” නාහිමියෝ පිළිතුරු දුන්හ. පිළිතුරෙන්ම තිස්ස ඇඳ යට සැගවී සිටින බව දැනගත් රජතුමා “අපේ කුල දේවතාවුන් වෙතින් තිස්ස උදුරා ගැනීම සුදුසු නැත.” යි සිතා මාහිමිපාණන් වහන්සේට වැඳ ගොස් විහාර දොරටුවෙහි රැකවල් ලා සිටියේය. විහාරය වටකොට බල සේනා සිටිනු දුටු විහාරාධිපති වහන්සේ තිස්ස කුමාරයා බැහැරට යවන උපායක් කල්පනා කළහ. තිස්ස කුමාරයා ඇඳක් මත තබා කහ පැහැති රෙද්දකින් වසා අපවත් වූ හිමිනමක් සොහොනට ගෙන යන ලෙසින් සාමණේරවරුන් සිව් දෙනෙකු ලවා ඔසවාගෙන යන්නට සැලස්වුහ. එසේ ගෙන යන්නේ තිස්ස බව දත් රජතුමා සංඝයා වහන්සේලා වෙතින් ඔහු උදුරා ගැනීමට කැමති නොවිය. “තිස්ස, කුලදේවතාවුන්ගෙන් මෙහෙ ගැන්ම තට තරම් නොවෙයි. උන්වහන්සේලා වෙතින් තොප පැහැර ගැනීම අපට තරම් නොවෙයි. “ කියා සුහදතාවයට පැමිණියේය. පලා නොගොස් ඉතිරිව සිටි පනස් දහසක පමණ තිස්සගේ බලසෙන්, සෙන්පතිවරුන් සමග පැමිණ , මහරජතුමාට වැඳ ක්ෂමා කරවාගෙන ත්‍රි සිංහලය එක්සත් කිරීමේ සටනට එක්වන බව සනාථ කර මාගම බලා ගමන් ඇරඹුහ. ජයසක් හඬ නගා ජය බෙර හඬ පෙරමුණු ගත් ලක්ෂයක බළ සේනාවක් දෙපස රැස් වූ වැසියන්ගේ ජය ඝෝෂා හඬ මැදින් ඉදිරියට ඇදුණේය.

 

බුදු දහමින් පෙන්නුම් කරන අල්පේච්ඡතාව

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත වූ අකාලික දහමකි. එය තුන් කාලයට ම පොදු වූ ධර්මතාවයකි. ඒ අනුව පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීමට නම් අල්පේච්ඡතාවයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුනි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාවන් තුළින් දේශනා කොට වදාළේ පරලොව හිතසුව පිණිස පමණක් නොව, මෙලොව පරලොව යන උභයාර්ථය ම සාර්ථක කර ගැනීම උදෙසා ය. අල්පේච්ඡ යන වචනයේ අර්ථය මුලින් ම පැහැදිලි කර ගත යුතුයි. ‘අප්ප’ යන්නෙන් අදහස් වන්නේ ‘අඩු’ යන තේරුම. එසේම ඉච්ඡ යනු ‘ආශාව‘ ඒ අනුව අල්පේච්ඡ යනු ආශා අඩු බව යි. මධ්‍යස්ථ ස්වභාවය, උපේක්ෂා සහගත බව කියන්නෙත් මේ අල්පේච්ඡ බවට ය. ගිහි පැවිදි සමාජයේ ප්‍රගතිය උදෙසා අල්පේච්ඡතාවයෙන් යුතුව කටයුතු කරන්නේ නම් දෙලොව සාර්ථක කරගත හැකි බවයි. එහෙත් මිනිස් ස්වභාවය නම් කොපමණ වස්තුව තිබුණ ද සෑහීමකට පත් නොවීම යි. ඒ බව ධම්ම පදය බුද්ධ වග්ගයේ එන ගාථාව මනාව තහවුරු වේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]