බොදු සිත පුබුදුවන
සිරි සුගත සෙනසුන
1997 වසරේ සෙනසුරාදා දිනක අරන්කැලේ ආරණ්‍ය සේනාසනයේ සිට පළමු බෝධි පූජාව පැවැත්වීම
සඳහා මාවීදළුපොත සෙනසුනට වැඩම කළා. පළමු දවසේ බෝධි පූජාවට හිටියේ හතර දෙනයි.
තුන්වැනි බෝධි පූජාව කරල මම අධිෂ්ඨාන කරගත්තා මෙම ස්ථානයට පැමිණෙනවා කියලා. ඒ
වනවිටත් පන්සලක් කරන්න කිසිදු සිතිවිල්ලක් මගේ තිබුණෙ නැහැ.
එහෙම ඇවිත් බෝධින් වහන්සේ යුඟල බුදුරජාණන් වහන්සේගේ නව අරහදී ගුණ සිහිකර පහන් නවයක්
දල්වා ආලෝකවත් කළා. එදා සිට අද දක්වා ම හැමදාම හවසට එම පහන් දල්වනවා. කිසිදු අඩුවක්
කළේ නැහැ. ඔය කාලේ මම ධර්ම දේශනා පින්කම් පටන් ගත්තා. එක දවසක් පූජනීය කොටුගොඩ
ධම්මාවාස මහා නායක හාමුදුරුවෝ ධර්ම දේශනයට වැඩම කළා. බණ අහන්න හිටියේ හත් දෙනයි. මම
කනස්සල්ලෙන් ඉන්නවා දැක්ක නායක හාමුදුරුවෝ මා ළඟට ඇවිත් ඇහුව “මොකද?” කියලා. මම
කිව්ව “සෙනඟ නෑනේ මෙතැන නායක හාමුදුරුවනේ” කියා. එවිට උන්වහන්සේ කිව්ව “ඕව ගණන්
ගන්න එපා. අනාගතයේ දී මෙම ස්ථානය මේ පළාතේ විතරක් නොවෙයි මුළු රටේ ම බැබළෙන
ස්ථානයක් බවට පත්වෙනවා.” කියා.
ඒ ආශිර්වාදය උන්වහන්සේ අපවත්වෙනතුරුම මගේ හිතේ තුබුණා. ශ්‍රී සම්බුද්ධ ශාසනය තව
බොහෝ කාලයක් පවතීවා. කියන උදාර පරමාර්ථය තේමා කරගෙන තමයි මම කටයුතු සිදු කරන්නේ.
කුරුණෑගල මාවීදළුපොත සිරි සුගත සෙනසුන හා අරන්කැලේ ආරණ්‍ය සේනාසනාධිපති නායක
ස්වාමීන් වහන්සේ අප සමඟ කතාබහට මුල පුරමින් පැවසූහ.
මෙම පුදබිමේ මූලික ආරම්භය සිදුකරන ලද්දේ මහරගම ශ්‍රී සුදර්ම ආශ්‍රමාධිපති
ත්‍රිපිටකාචාර්ය පනාගමුවේ සුනීත සිල්මෑණියන් වහන්සේ ය.
එකල සුනීතා භාවනා මධ්‍යස්ථානය ලෙස මෙය හැඳින්වීය. පසුව සිල් මෑණියන් විසින් මෙම
පුදබිම අරන්කැලේ ආරණ්‍ය සේනාසනය වෙත පූජා කරන ලද්දේ සෝමා වික්‍රමසිංහ හා අප්පුහාමි
ව්‍යාපාරික මහතා සමඟ ගොස් ය. 1997 දී උඩුබද්දාවේ ධම්මතිලෝක හිමි මෙම පුදබිමට වැඩම
කර ‘සිරි සුගත සෙනසුන’ ආරම්භ කරන ලදී.
එදා පර්චස් හැටක පූජා භූමිය අද පර්චස් 120 දක්වා විශාල වී තිබේ. වසර විසිපහක කාලයක්
තුළ ශීඝ්‍ර දියුණුවක් ලබා ඇත. ජනතාවගේ අධ්‍යාත්මික සුවය ලබාදෙන අතර ම ආගමික හා සමාජ
සංවර්ධන කටයුතු ද සෙනසුන මඟින් ඉටුකරමින් පවතී. අටවිසි සම්බුද්ධ පූජා, ධර්ම දේශනා
සහිත වාර්ෂික පින්කම් මාලාව මේ වසරේ ජනවාරි 01 සිට 30 දක්වා පුරා මාසයක් පැවැත්වේ.
දිනපතා හේවිසි ශබ්ද පූජා, කිරි ආහාර සම්බුද්ධ පූජා, සඟසතු දානමය පින්කම්, පරිත්‍රාණ
ධර්ම දේශනා, පහන් පූජා, විදුලි ආලෝක පූජා, ධර්මාසන පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා පූජා
කිරීම, ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ පූජා කිරීම, ආබාධිත රණවිරුවන්ට කෘත්‍රිම පාද පූජා
කිරීම, ආබාධිත අය සඳහා රෝද පුටු හා උපකරණ පරිත්‍යාග කිරීම, ඇස් කණ්ණාඩි පරිත්‍යාග
කිරීම, ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු පරිත්‍යාග කිරීම, පාසල් දරුවන්ට පොත්පත් හා පාසල්
උපකරණ පරිත්‍යාග කිරීම, සාමනේර ස්වාමීන් වහන්සේලා සඳහා අවශ්‍ය පිරිකර හා මුදලින්
ආධාර කිරීම, දිළිඳු පවුල් සඳහා වියළි ආහාර පරිත්‍යාග කිරීම, දිළිඳු පවුල් සඳහා
නිවාස පරිත්‍යාග කිරීම මෙම පින්කම් මාලාව තුළදී සිදුකරනු ලබයි.
“1993 දී අරන්කැලේ ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය කිරිපේද්බේ පියදස්සී නායක ස්වාමීන්
වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස බෝධි පූජා තියන්න මම හරිම දක්ෂතාවක් දැක්වූවා. 1997 දී
පළමු බෝධි පූජාව තියන්න මේ පුදබිමට පය තැබුවා. තුන්වැනි බෝධි පූජාව තියල මම හිතුව
මෙතැනට එන්න ඕනෑ කියල. ගරාවැටී ජරාවාස වූ ස්ථානයකට තමයි මම ආවේ. පළමුව කළ පිරිසුදු
කිරීමයි. ආරම්භ කළ කාලයේ දී දානය වුණත් අඩු යි. මම පිණ්ඩපාතය වැඩමකර දානය ලබාගත්
අවස්ථා බොහෝම යි. ඒ කාලේ දානය ගේන දායකයෝ රුපියල් 10 දීල යනව. ඒව එකතුකරල පොල් අතු
ගෙනත් වටේට ආවරණය කළා. අහළ පහළින් මට දෝෂාරෝපණ ආවා. ඒත් මම ඒවට සැලුණේ නෑ. තනිවම
ස්වාමීන්වහන්සේ කෙනෙක් වැඩ සිටින තැනකට ආවරණයක් තියෙන්න ඕනෑ. බෝධි පූජා කරන අතරේ මම
ධර්ම දේශනාත් පටන් ගත්තා.
මේ පින්බිමට ඒ කාලේ සංඝ පීතෘවරයාණන් වහන්සේලා පය තබා තිබෙනවා. කොටුගොඩ ධම්මාවාස
නාහිමි, වැලිගම ඥාණරතන නා හිමි, ගංගොඩවිල සෝම හිමි, තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි,
බැන්ඩියාමුල්ලේ නායක හාමුදුරුවෝ, වගේ දේශකයාණන් වහන්සේලා ඒ අතර ප්‍රමුඛ යි.
බැන්ඩියාමුල්ලේ නාහිමි චෛත්‍ය ගාවට මාව එක්ක ගිහින් ආශිර්වාද කළා. මේ ස්ථානය ලංකාවේ
හොඳම ස්ථානයක් බවට පත්වෙන්න කියලා. මම අදත් උන්වහන්සේට පින් අනුමෝදන් කරනවා.
මේ පළාතේ ජනතාව නො දැකපු පින්කම් දැක්කේත් මේ ස්ථානයේ දී යි. එදා බෝධීන් වහන්සේ
තුනුරුවන් සිහිකර පහන් දල්වා පැතිරූ ආලෝකය අදටත් කරනවා. නව අරහාදී බුදු ගුණය සිහිකර
පහන් නවයක් සෑම දිනක ම හැන්දෑවට දල්වනවා. සම්බුද්ධ දර්ශනයේ පැහැදිලිව ම තියෙනවා.
අනුන්ට උපකාර කිරීම හා අත්හැරීම පැහැදිලිව ම තියනවා. අනුන්ට උපකාර කිරීම හා
අත්හැරීම ගැන. අත්හැරීම තුළින් ලැබෙන මහාපුදුම සැනසිල්ල මම නම් වින්දනය කරනවා.
පින්කමක් කරල ඉවර වෙනකොට හිතට පුදුම සැනසීමක් ලැබෙනවා. ඒ හැඟීම මම හිතේ තැම්පත් කර
ගන්නවා. බාධක, කම්කටොලු මගේ ජීවිතයට ආපු එක තමයි මගේ පැවිදි ජීවිතය සාර්ථක කර ගන්න
පිටිවහලක් වුණේ. 1997 දී මගේ උදව්වට හිටියේ සෝමා වික්‍රමසිංහ, ශි‍්‍රයාලතා හේරත්,
බක්මීවැව මහත්මයා. මෑත කාලයේ ධීරසිරි හේරත්, පද්මසිරි සෙනරත්, ආනන්ද මාරපන, නිශාන්ත
පතිරාජ යන මහත්වරුන් ගොඩක් උදව් උපකාර කළා. තෙමහල් බුද්ධ මන්දිරය හා ධාතු මන්දිරය
සඳහාත් ඒ අය ගොඩක් උදව් උපකාර කළා. මේ ඔක්තෝබර් වෙනකොට එය විවෘත කිරීමට බලාපොරොත්තු
වෙනවා. ආගමික කටයුතුවලට අමතරව සමාජ සත්කාර විශාල ප්‍රමාණයක් කර තිබෙනවා. මේ වනවිටත්
වැලිකන්දෙ හා මාතලේ නිවාස තුනක් සාදමින් තියනවා. (බයිසිකලේ, රෝද පුටු, ලබා දී
තිබෙනවා. කුරුණෑගල රෝහලේ අදටත් තියෙන්නෙ (භික්ෂු වාට්ටුවේ) මම පරිත්‍යාග කළ ඇඳන්
දාහතරක්. මේ මාසේ නිකවැරටිය රෝහලටත් උපකරණ තොගයක් ලබාදීමට කටයුතු කර තියෙනවා.
බුදුදහම කියන්නේ තමා තුළින් තමා දකින දර්ශනයක්.
සටහන හා ඡායාරූප
ප්‍රසාද් වර්ණකුල |