[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කලකිරීම් දුක් දොම්නස් අවම කරමින් සතුටින් ජීවත්වෙන්න පුළුවන

කලකිරීම් දුක් දොම්නස් අවම කරමින් සතුටින් ජීවත්වෙන්න පුළුවන්

බුදු දහමයි - ජන දිවියයි

මෙම ලිපියේ කොටසක් දුරුතු පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.

දිනක් ආනන්ද හාමුදුරුවො බුදුරජාණන් වහන්සේට කියනවා, බුදුහාමුදුරුවනේ, මට තේරෙන විදිහට බුදුසමයෙන් හරි අඩක්ම තිබෙන්නේ මිත්‍රත්වය මත පදනම්ව බවයි. එහෙම කියන්න එපා. ආනන්ද, මුළු බුදුසමයම මිත්‍රත්වය මතයි පවතින්නේ. සූත්‍ර,විනය, අභිධර්ම කියන තුන් පිටකය තුළම ලෝකයේ තිබෙන විවිධ සංකල්පයන් තිබෙනවා.

නිදසුනක් වශයෙන් ලෝකයේ විවිධ රට රටවල් අතර විවිධ අර්බුද තිබෙනවා. වසංගත රෝගය උත්සන්නව පැවතුන පසුගිය වකවානුවේදීත් ඇමරිකාව, ජපානය, චීනය, රුසියාව මේ ආදී රටවල් සඳතරණය කරනවා. අභ්‍යාවකාශගත වෙමින් පරීක්ෂණ පවත්වනවා. මෑත භාගයේ දී රුසියාව තමන්ගේ චන්ද්‍රිකාවක් මගින් අභ්‍යාවකාශ යානයක් පුපුරවා හැර තිබීම විශාල ගැටලුවක් වෙලා තිබෙනවා. අපේ පෘතුවිය ඉක්මවා මිනිසුන් විවිධ තොරතරු සොයමින් එහි පදිංචි වෙන්න යන තරම් දියුණු තාක්ෂණ යුගයක අපි ජීවත්වන්නේ. බුද්ධ දේශනාවේ ඒවැනි අවස්ථාවන් පිළිබඳ කරුණු සඳහන් වීම අප විස්මයට පත්කරවන සුළුයි. දස දහසක් චක්‍රාවාට පිළිබඳව බුද්ධ දේශනාව තුළ සඳහන්වීම ඊට හොඳ නිදසුනක්. අංගුත්තර නිකාය ඇතුළුව මේ ලෝක විෂය පිළිබඳව සඳහන් වන සුත්‍ර කොච්චර තිබෙනවාද? මේවා සොයන තරුණයන්ට තමන්ගේ ඤාණ දර්ශනය පෘතුල කරගන්න ඕන තරම් කරුණු තිබෙනවා. එක් පැත්තකින් රජුන්ට රජකම් කරන හැටි නිලධාරීන්ට තමන්ට අයිති කාර්යයන් කරන හැටි ඒවගේම යුවතිපතීන් අවාහ විවාහ වෙලා ඔවුනොවුන් නොඉක්මවමින් සතුටින් ඉතාම හොඳ යුගජීවිතයක් ගතකරන හැටි සඳහන් වෙනවා. ආවාහ විවාහ වෙලා ඔවුනොවුන් නොඉක්වමින් ජීවත්වෙනවා නම්, ඒකත් හොඳ පින්කමක්. යහපත්ව ජීවත්වීම, ධාර්මිකව ධනය උපයාගැනීම, උපයාගන්න ධනය වියපැහැදිම් කිරීම, කන බොන හැටි,යන එන හැටි අඳින පලඳින හැටි,රසඥතාවය, වගේම කැසිකිළි වැසිකිළි යන හැටි පවා විනය පිටකයේ අඩංගුවෙනවා.

සිඟාලෝවාද සූත්‍රයේ සඳහන්වන ගිහි විනය අපේ නුතන ජන ජීවිතයෙන් ගොඩක් ඈත්වෙලා. එනිසා මිනිසුන් විවිධ හේතුන් මත කලකිරීමට ඉච්ඡාභංගත්වයට පත්වෙලා තිබෙනවා. යුතුකම් පද්ධතීන් අවම වශයෙන් වත් ඉටුකරගත හැකි, ඉතාම හොඳ ජීවිතයක් ගතකරගන්න පුළුවන් . විශේෂයෙන් බුද්ධ දේශනාව පුද්ගලයාට යථාර්ථවාදීව ඇති සැටිය පෙන්වන දහමක්. බුදුහාමුදුරුවො දේශනා කළේ ආශ්වාදය , ආශ්වාදයේ ආදීනව, නිස්සරණය දේශනා කර තිබෙනවා . ධාර්මික න්‍යාය මත යහපත්ව උත්සාවත්ව ජීවත්වෙන හැටි යන සියලු කාරණා බුදුහාමුදුරුවන්ගේ දේශනා තුළ තිබෙනවා.

නූතනයේ මිනිසුන් සීග්‍ර ලෙස මිථ්‍යා මත , මිථ්‍යා සංකල්ප, මිථ්‍යා අදහස් තුළ කිදාබැස තිබෙනවා. මීට අවුරුදු 30 කට 40 කට පෙර ත් පාසල්වල ඉගැන්නුවේ අපේ රට තවමත් තුන්වන ලෝකයේ රටක් ලෙසයි. දැනුත් උගන්වන්නේ තුන්වන ලෝකයේ රටක් ලෙසයි. බුදුහාමුදුරුවන්ගේ දේශනා ව මත අපි ආකල්පයන් සංතෘප්ත කරගන්නවා නම්, සමතුලිතභාවයකට පරිවර්තනය කරගන්නවා නම්,ඉතාම උසස් ජීවන දර්ශනයක් ගොඩනඟාගන්න හැකියාව තිබෙනවා. ඒ නිසා එයට අදාළ සූත්‍ර ධර්මයන් අපි නිතරම අධ්‍යයනය කරගත යුතුයි. ‌ බොහෝ අය තමන්ගේ මානසික පීඩනයන් ඇතිවුණාම විවිධ යාතුකර්ම සිදුකරනවා . එසේ නැත්නම්, තමන්ට සිත හදාගන්න බැරිව දිවිනසාගන්න පුළුවන්. මේවගේ අවස්ථාවලදී උපයෝගී කරගත හැකි සංකල්ප හැම දෙයක් පිළිබඳවම දේශනාකර තිබෙනවා.

බුදුහාමුදුරුවො ගීතය සම්බන්ධව භික්ෂූන් වහන්සේට දේශනා කළේ හැඳන්වීමක් ලෙස යි. නාට්‍ය සංදර්ශන ආර්යය විනයෙහි උමතුවක් ලෙස හඳුන්වයි. මේ සංකල්ප පැවිද්දාට මිස ගිහියාට නෙවේ. නිදසුනක් වශයෙන් පංචසික වරක් තමන්ගේ පෙම්වතිය පිළිබඳව හදාගත් ඉතාම රසවත් ගීතයක් වීනාව වාදනය කරමින් බුදුහාමුදුරුවො අභියස ගායනා කරනවා. බුදුහාමුදුරුවන් එය ප්‍රශංසා කළා. ඇත්ත වශයෙන්ම සැබෑ සෞන්දර්ය සොයාගෙන යන අයට අපේ ථෙර ථේරී ගාථා ඉතා වැදගත්. එය ඉතාම හොඳ තෝතැන්නක් බවට පරිවර්තනය කරගත හැකියි. අන්‍යෝන්‍ය යුතුකම් පද්ධතීන් ඉටුකරමින් සමාජයේ ඉතාම උදාර ජීවිතයක් ගතකළ හැකියි

කලකිරීම හොඳක් වෙන්නත් පුළුවන්. නරකක් වෙන්නත් පුළුවන්. ජීවිතයේ ගොඩාක් වෙලාවට කලකිරීම නිසා කේන්තියාම,බැනගැනීම ,විනාශවීම සිදුවෙනවා. එක පැත්තකින් ආර්ථිකය බිඳවැටීම නිසා බොහෝ අයගේ සෞමය ගතිය නැතිව යනවා. ධාර්මිකව උපයගන්න ධනය කොටසක් ආයෝජනයටත්,කොටස් දෙකක් ආපදා සඳහා ගැනීමටත්, ඉතිරිය පරිභෝජනයටත් ආදී වශයෙන් කොටස්වලට බෙදා පරිහරණය කරන ඉතාම සරල ආර්ථික දර්ශනය අනුව අපි ජීවත්වුණා නම්, මේවගේ තත්ත්වයට පත්වන්නේ නැහැ. පාලක පාලිත දෙපාර්ශ්වයටම මෙය අදාළවන කරුණක්. එනිසා අපේ සමචර්යාව හෙවත් පැවැත්ම ආරක්ෂා කිරීම ඉතාම වැදගත්. නූතනයේ ඔන්ලයින් අධ්‍යාපනය හරහා ගෝලීයකරණය තුළ විවිධ දසුන් සමග බොහෝ දේ සමීප වෙලා තිබෙනවා. අන්තර්ජාලයේ තිබෙන ඇතැම් දේ තහනම් කිරීම බැරි වුණාට ඒවා පරිහරණය කරන පුද්ගලයාට ආත්මශික්ෂණයකින් යුක්තව පරිහරණය කරන්න පුළුවන් නම්, අපට ඒ තුළින් ගැටලු මතුවන්නේ නැහැ. එනිසා ආධ්‍යාත්මික ශික්ෂණය ලබාගන්නට අවශ්‍ය කරන බුදුහාමුදුරුවන්ගේ ධර්මෝපදේශ ත්‍රිපිටකය තුළ තිබෙනවා. ඒවා මතුවෙන ආකාරයට නූතනයේ ධර්ම දේශනාවන් සිද්ධ කරන්න අවශ්‍යයි. ඒවගේ ආකල්ප ගොඩනඟාගැනීම අවශ්‍ය යි. ටෙලිනාට්‍ය නිෂ්පාදනය විය යුතුයි. එයට ගීත සාහිත්‍යයක් ගොඩනැඟෙන්නට අවශ්‍යයි. නවකතා ආදී සාහිත්‍යාංග ගොනැඟෙන්නට අවශ්‍යයි. බුදුහාමුදුරුවන්ගේ දේශනා මත මේවගේ දාර්ශනික පසුබිමක් තුළ සිට සමාජ කතාබහට ලක්විය යුතුයි. අපි ආධ්‍යාත්මය කුමක්ද කියා හඳුනන්නේත් නැහැ. ඇස,කන, නාසය, දිව ශරීරය යන තමන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආධ්‍යාත්මික ආයතන වශයෙන් බුදුහාමුදුරුවො දේශනා කළා. රස දැනෙන ඉන්ද්‍රිය ආධ්‍යාත්මික ආයතනයක්. යමෙකු ට දියවැඩියා රෝගය තිබෙනවා නම්, ඔහු තමන්ගේ කට පරිස්සම් කරගත යුතුයි. බුදුහාමුදුරුවො දේශනා කළ ආධ්‍යාත්මික සංවරය සියලු දෙනාටම ඉතා වැදගත්.

දුරුතු අව අටවක පෝය

ජනවාරි 25 අඟහරුවාදා පූර්වභාග 07.49 අව අටවක ලබා 26 බදාදා පූර්වභාග 06.26 ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]