[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනසෙත සදන බෞද්ධ දානපතියා

ජනසෙත සදන බෞද්ධ දානපතියා


ධනුෂ්ක වීරක්කොඩි මහතා

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සංචරණ සීමා පැනවීම නිසා,පසු ගිය දිනවලදී එදිනෙදා ජීවනෝපාය අහිමි වී දැඩි ආර්ථික හා මානසික පීඩාවලට පත් වූ,කළුතර පුදේශයේ අඩු ආදායම්ලාභී පවුල් විශාල සංඛ්‍යාවකට ,තම පෞද්ගලික මුදල් නිර්ලෝභීව විය පැහැදම් කරමින්,වියළි ආහාර ඇතුළු ද්‍රව්‍ය නොමිලයේ බෙදා දුන් සත්පුරුෂ තරුණ මහත්මයකු පිළිබඳව “බුදුසරණ”මාධ්‍යවේදිියා දැන ගන්ට ලැබුණි.

ඔහු කළුතර,වස්කඩුව ගමට ආසන්න ‘,නුගගොඩ’,නම් ගමෙහි ජීවත්වන ධනුෂ්ක වීරක්කොඩිය.

ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි. ධනුෂ්ක වීරක්කොඩි මහතාගේ පියා ආගම දහමට ගරු කරමින් ජීවත් වන ,ඉතාම ගුණවත් බෞද්ධ උපාසක මහත්මයෙකි,හේ,නුගගොඩ පදිංචි මුළු දිවයිනට සාමවිනිසුරු පදවියෙන් ද පිදුම් ලැබූ පියදාස වීරක්කොඩි මහතා ය.

ගංවතුර,නායයාම් හා සුනාමි හා කොරෝනා වසංගතය වැනි ,රටේ වරින්වර ඇති වූ හදිසි ආපදාමය තත්ත්ව වලදී තම ගම් ප්‍රදේශයේ පමණක් නොව,ඒ අවට ගම්වල ද පීඩාවට පත් වූ අසරණ ජනතාවට,තම පෞද්ගලික මුදල් විශාල වශයෙන් වියදම් කරමින් උදව් උපකාර කළේය. එහිදී ගමේ අසල්වාසී නෑ හිත මිතුරන්ගේ ද ශ්‍රම දායකත්වය ලබා ගනිමින් තම මිතුරන් කිහිප දෙනෙක්ද සමඟ වියළි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවෙස්වලට ගෙන ගොස් බෙදා දීම සිදු කළේ ,කිසිදු පුද්ගලයෙකුගෙන් කිසිදු උපකාරයක් හෝ ප්‍රති සහයෝගයක් අපේක්ෂාවෙන් නොවේ.

"මම,හැම අවුරුද්දකම ගමේ මේ වගේ ආපදාවකට හෝ කරදරයකට පත් වුණ හැම කෙනකුට ම පිහිට වෙනවා. සම්බුදු දහමේ ඉගැන්වෙන්නේ අසරණ වූ අයට පිහිට වීම උතුම් බවයි. ඒ වගේ ම අත්හැරීම, අපි දහඩිය මහන්සියෙන් උපයා ගන්නා දෙයින් අඹු දරුවන් පෝෂණය කරමින්, මව්පියන්ට සලකමින්, පිනට දහමට යොදවමින් කටයුතු කරනවා නම් ඒ ගැන සිතනවිට ඇතිවන සතුට කියලා නිම කළ නොහැකි යි. අපි උපයන්නට ඕනෑ ගොඩගසා ගන්නට නොවෙයි. පිහිට විය යුතු කෙනෙකුට පිහිට වන්නටය. එය අපේ සිතට දැනෙන්නට ඕනෑ. ඒ වගේම ලෝබ සහගත නොවී අත්හැරීම පුරුදු කරන්නවත් ඕනෑ. මේ පණිවිඩය ඇති හැකි අයට අසරණයන් වෙනුවෙන් තව තවත් පිහිට වන්නට යම් පෙළඹවීමක් ඇති කරයි කියා මා සිතනවා. " ඔහු පවසන්නේ සතුටිනි.

දුරුතු අව අටවක පෝය

ජනවාරි 25 අඟහරුවාදා පූර්වභාග 07.49 අව අටවක ලබා 26 බදාදා පූර්වභාග 06.26 ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]