[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ශ්‍රී පාදස්ථානය

ශ්‍රී පාද පුදබිම රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේ සමනල කන්දට අධිපති වූ සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනාවෙන් සමනල කන්දට වැඩම කොට වාම ශ්‍රී පාද පද්මය පිහිටු වූ සේක. සමනොළ කඳු මුදුනේ සිට මහවැලි, කැලණි, වලවේ, කළු යන ප්‍රධාන ගංගා හතරක් ගලා බසියි. පරිවාර කඳු කිහිපයක් ඇත. ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් මාසයෙන් ආරම්භ වී වෙසක් මාසයෙන් අවසන් වේ. ඉතිරි මාස හය අවාරය ලෙස හැඳින් වේ. විවිධ ආගමිකයන් පවා ශ්‍රී පාද වන්දනාවේ යති. ශ්‍රී පාදය පිළිබඳ ලියවුණු ග්‍රන්ථයක් ලෙස සමන්තකූට වර්ණනාව හැඳින් වේ. ශ්‍රී පාදස්ථානය අති සුන්දර වන පෙතකින් අලංකාරවත් වී ඇත.

****

වාසනාවන්

වසරක් ගෙවී නව වසරක් ලබනවා
ඒ ගැන හිතට ලොකු සතුටක් ගෙනෙනවා
ගතවුණ වසර ගැන ආපහු හැරෙනවා
තිබූ අඩුපාඩු පිළිබඳ හිතෙනවා

පසුගිය වසරෙ සිදුවූ හැම වැරදි ගැන
ලැබූ නව වසර ගැන තරයේ හිතට ගෙන
කටයුතු කළ යුතු ය නිසැකව පෙරට පැන
සුබ වසරක් ම වේවා කිරි උතුරවන

****

අලුත් අවුරුදු ආවා

විසි දෙක කියා අවුුරුදු ලැබුවා නේද
ආගම අදහන්න එය කොතරම් හොඳද
පවුලේ සියලු අය පන්සල් යමු නේද
වෙහෙර බෝමළුව බුදු ගෙය වඳිමු අද

බුදුන් වැඳල දෙවියන්ටත් පින් දීලා
මියගිය සියලු ඥාතීන්ට පින් දීලා
පන්සල්වත්ත එළිකරලා අතුගාලා
නිවසට එමු නේද හාමුදුරුවො වැඳලා

****

පරිසරය රැක ගනිමු

විවිධ සතුන්, ගස්වැල්, ගංගා, ඇළදොළ පරිසරයට අපූර්වත්වයක් ගෙන දෙයි. පොලොව කුඩා කුහුඹුවාගේ පටන් මහා සද්දන්ත අලි ඇතුන් දක්වා ජීවත් වීමට අයිතියක් ඇත. ගස් වැල් අපට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ. උදාහරණයක් ලෙස පොල් ගසේ සෑම කොටසක්ම කුමන හෝ ප්‍රයෝජනයකට ගනී. එහෙත් අවාසනාවකට මෙන් මිනිස්සු අද වන විට ගස් කැපීම ව්‍යාපාරයක් ලෙස ද කරගෙන යයි. එය කනගාටුවට කරුණකි. ගහ කොළ, සතා සිවුපාවුන් ආරක්ෂා කර ජීවත්වීමට සුදුසු පරිසරයක් ලබා දෙමු.

****

සංස්කරණය - නයනා නිල්මිණි

දුරුතු අව අටවක පෝය

ජනවාරි 25 අඟහරුවාදා පූර්වභාග 07.49 අව අටවක ලබා 26 බදාදා පූර්වභාග 06.26 ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]