[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

බොදු සිත පුබුදුවන සිරි සුගත සෙනසුන

1997 වසරේ සෙනසුරාදා දිනක අරන්කැලේ ආරණ්‍ය සේනාසනයේ සිට පළමු බෝධි පූජාව පැවැත්වීම සඳහා මාවීදළුපොත සෙනසුනට වැඩම කළා. පළමු දවසේ බෝධි පූජාවට හිටියේ හතර දෙනයි. තුන්වැනි බෝධි පූජාව කරල මම අධිෂ්ඨාන කරගත්තා මෙම ස්ථානයට පැමිණෙනවා කියලා. ඒ වනවිටත් පන්සලක් කරන්න කිසිදු සිතිවිල්ලක් මගේ තිබුණෙ නැහැ. එහෙම ඇවිත් බෝධින් වහන්සේ යුඟල බුදුරජාණන් වහන්සේගේ නව අරහදී ගුණ සිහිකර පහන් නවයක් දල්වා ආලෝකවත් කළා. එදා සිට අද දක්වා ම හැමදාම හවසට එම පහන් දල්වනවා. කිසිදු අඩුවක් කළේ නැහැ. ඔය කාලේ මම ධර්ම දේශනා පින්කම් පටන් ගත්තා. එක දවසක් පූජනීය කොටුගොඩ ධම්මාවාස මහා නායක හාමුදුරුවෝ ධර්ම දේශනයට වැඩම කළා. බණ අහන්න හිටියේ හත් දෙනයි. මම කනස්සල්ලෙන් ඉන්නවා දැක්ක නායක හාමුදුරුවෝ මා ළඟට ඇවිත් ඇහුව “මොකද?” කියලා. මම කිව්ව “සෙනඟ නෑනේ මෙතැන නායක හාමුදුරුවනේ” කියා. එවිට උන්වහන්සේ කිව්ව “ඕව ගණන් ගන්න එපා. අනාගතයේ දී මෙම ස්ථානය මේ පළාතේ විතරක් නොවෙයි මුළු රටේ ම බැබළෙන ස්ථානයක් බවට පත්වෙනවා.” කියා.


දුරුතු අව අටවක පෝය

ජනවාරි 25 අඟහරුවාදා පූර්වභාග 07.49 අව අටවක ලබා 26 බදාදා පූර්වභාග 06.26 ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]