ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ බක් පුර අටවක පෝදා, 2021 අප්‍රේල් 20 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ද්‍රෝණ බමුණාට ධර්මය දේශනා කිරීම
අප්‍රේල් 20 අඟහරුවාදා පූර්ව භාග 00.01 පුර අටවක ලබා 21 බදාදා පූර්වභාග 00.43 ගෙවේ. අඟහරුවාදා සිල්.
පුර අටවක
අප්‍රේල් 20
පසළොස්වක
අප්‍රේල් 26
අව අටවක
මැයි 03
අමාවක
මැයි 10
'නැකතට පැළයක්' වැඩසටහනේ ලේක්හවුස් සේවකයින්ට පැළ බෙදා දීමේ උත්සවයෙන්...
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් පරිසර අමාත්‍යාංශය මඟින් රටේ අනාගතය උදෙසා පරිසරය සුරැකීමේ අරමුණෙන් ‘හුස්ම දෙන තුරු’ පැළ සිටුවීමේ වැඩ සටහන ආරම්භ කොට තිබේ. මේ වැඩ සටහන මඟින් මේ වනවිටත් එක්ලක්ෂ හත් දහසක පමණ පැළ රෝපණය කර තිබේ. හුස්ම දෙනතුරු වැඩසටහනට සමගාමීව ලේක්හවුස් ආයතනයේ සේවකයින්ට ද සිංහල හින්දු අලුත් අවුරුදු දා වැඩ ඇල්ලීමේ නැකතට රෝපණය කරනු පිණිස පැළ බෙදා දීම සිදු කෙරුණි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට ලේක්හවුස් සභාපති, ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කනිෂ්ක විතාරණ, මුදල් අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, වැඩබලන සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නාරද සුමනරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන බණ්ඩාර, මෙහෙයුම් කළමනාකරු ගයාන් බණ්ඩාර යන මහත්වරු සහ පුවත්පත් කර්තෘවරුන් ඇතුලු සේවක සේවිකා පිරිසක් සහභාගි වූහ.
සෑම රටකට ම අදාළ වූ සංස්කෘතියක් සහ හර පද්ධතියක් නිර්මාණය වී ඇත. එය එම රටේ අභිමානයට සහ ප්‍රෞඪත්වයට මහත් සේ බලපෑම් කරයි. මහින්දාගමනයෙන් පසු අපේ රට තුළ ද එම යහපත් තත්වයන් නිර්මාණය වූ අතර, එය රැක ගැනීම වෙනුවෙන් මහ සඟරුවන සහ අතීත මුතුන් මිත්තන් මහත් කාර්ය භාරයක් ඉටු කළහ. අතීත ජන සමාජය නිර්මාණය වූයේ “වැවයි දාගබැයි - ගමයි පන්සලයි නිල්වන් ගොයමයි - කහවන් සිවුරයි” යන උදාර සංකල්පය මත ය. එවන් ශ්‍රේෂ්ඨ ආරම්භයක වර්තමාන පිරිස ලෙස එම හරයන්ට වැඩි වටිනාකමක් ලබාදී කටයුතු කිරීම අප සතු කාර්යයකි. විශේෂයෙන් තරුණ ප්‍රජාව මේ පිළිබඳ අවධිකමක් නිර්මාණය කරගත යුතු වේ. සංස්කෘතිය පවරාදීමේ එක් සන්ධිස්ථානයක් ලෙස සිංහල හින්දු නව අවුරුද්ද ප්‍රධාන තැනක් ගනු ලැබේ. මෙය උත්සවයකට එහා ගිය සංස්කෘතිය අනාගතයට පැවරීමේ ඉතා වැදගත් අවස්ථාවකි. මානව පැවැත්මේ සෑම ක්‍රියාකරකමක් ම සංස්කෘතියට සම්බන්ධ වේ. එදිනෙදා භාවිතයට ගනු ලබන උපරකණ, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්, විශ්වාස, සමාජ සංස්ථා පුද පූජා, ජීවන රටාව, ආර්ථිකය මෙහෙයවීම , සමාජ චර්යා, දේශපාලන ආ ආගමික චර්යා, විනෝද කටයුතු මෙන්ම දේශපාලන හා ආගමික කටයුතු ද පරිසරයට උචිත ලෙස ඔරොත්තු දෙන ජීවන රටාවක් නිර්මාණය කරගැනීම සංස්කෘතිය යි.
ධර්ම දේශනාව:
උට්ඨානෙනප්පමාදෙන - සඤ්ඤමෙන දමෙන ච - දීපං කයිරාථ මෙධාචි - යං ඔඝො නාභීකීරති, අද ධර්මානුශාසනාවට මාතෘකා කළේ ධම්ම පදයේ අප්පමාද වග්ගයට ඇතුළත් ගාථාවක්. බුදුවරයන් වහනසේ කියලා කියන්නේ ප්‍රඥාව ඉහළටම දියුණු කරගත් පුද්ගලයාටයි. කෙනෙකුට ලෝකය දිහාත් ලොව සිදුවන දේ දිහාත් බලන්න ක්‍රම කීපයක් තියෙනවා. එනම් මසැසින්, මනැසින්, නැණසින් හා පැණසින් බැලීමයි. ලෝකයේ බොහෝ දෙනා තමා දෙසත්, ලෝකය දෙසත් බලන්නේ හා දකින්නේ මසැසිනුයි. එහෙත් බුදුවරයන් වහන්සේ නමක් බලන්නේ මනැසින් පැණැසිනුයි . එනිසා මසැසින් බලන අපට වඩා වෙනස් දෙයක් මනසින් හා පැණැසින් බලන කෙනකුට දකින්නට පුළුවනි. මසැසින් බලන අයට පෙනෙන්නේ ටිකයි. ඒත් නැණැසින් බලන කෙනෙකුට විශාල දෙයක් දකින්න පුළුවනි. ඒක හරියට කඳු මුදුනකට නැඟ බලන්නාක් වගෙයි. මසැසින් දකින්නා බොහෝ විට මුළා වෙනවා. රැවටෙනවා. එහෙම වෙන්නේ දෘෂ්ඨි මායාවන් තියෙන නිසයි. ඒත් නැණසින් දකින කෙනකුට එහෙම වෙන්නෙ නැහැ. ඒ තැනැත්තාට යමක යතාර්ථය ම දකින්න පුළුවනි. අපි දකින ආකාරය ධර්මයේ සම්‍යග් දෘෂ්ඨිය හෙවත් නිවැරදි දැක්ම හා මිථ්‍යා දෘෂ්ඨිය හෙවත් වැරදි දැක්ම යනුවෙන් දෙයාකාර බව පෙන්වා දී ඇත්තේ එනිසයි. යමෙකු තුළ වැරදි දැක්මක් තියෙනතුරු ඔහුට ලෝකයේ ඇත්ත අවබෝධ කරගන්න බැහැ. මිථ්‍යාව සත්‍යය යැයි සිතා කටයුතු කරනවා. එනිසාම අනේකාකාර දුක්ඛ දෝමනස්සයන්ට හසුවෙලා දිගින් දිගට සසර පුරාවට ගමන් කරනවා. කෙනකු මුළාවට පත් කරවන දේ අතරින් මිථ්‍යා දෘෂ්ඨිය තරම් භයානක වෙනත් දෙයක් නැතැයි තථාගතයන් වහන්සේ වදාළේ ද එනිසයි
අපේ ආදි මුතුන් මිත්තන්ගේ ජීවිතවල පැවැති හරවත් බව මිල කරන්නට බෑ. ඒ හැම ජීවිතයක් ම ආදර්ශයෙන් පිරිලා. හරිම බුද්ධිමත්. ආචාර සමාචාර ධර්මවලින් යුක්තයි. ආගමික හැදියාව ජීවිතය පුරාවට ම විහිදිලා. සමාජයෙන් ලබාගත් දැනුම් සම්භාරයත්, අත්දැකීම් සමුදායත් නිසාම ඔවුන් සමාජගත නියමුවන් බවට පත්වුණා. සමාජයට ණය නෑ. පොදි බැඳගත් අසීමිත බලාපොරොත්තු නොතිබූ නිසා ජීවිත පැවැත්ම ගොරෝසු වුණේ නෑ. දෑතේ වීර්යයෙන් යමක් කමක් හරි හම්බකරගත් ඒ අපේ වැඩිහිටියන් වඩාත් හොඳින් පරලොව ගැන කල්පනා කළා. ලාබාල ඇත්තන්ට ඒ ගැන කියා දුන්නා. ඒ නිසාම ආගම දහමට ලැදිකමින් නිතර කටයුතු කළා. ගොවිතැනක් බතක් කරන කොට වුණත් දෙලොව ගැනම කල්පනා කරලයි යහපත්ව කටයුතු කළේ. ඒ හින්දා අසාධාරණකම් අයුක්තිසහගතකම්වලට නැඹුරු වුණේම නැති තරම්. මිනිස්සුන්ට සාමූහිකත්වය ගැන හැඟීම් තිබුණා. නෑදෑකම, ගමේකම, අපේකම මුල් කරගෙන එක පොකුරටම බැඳුණා. දරාගැනීමේ හැකියාව ඇති වුණේ ඒ නිසාමයි. මතුවන දුක් කරදර කම්කටොළු සියල්ලම එකමුතුව විඳ දරාගත්තා. දුක සතුට දෙකේදීම මිනිසුන් තනි වුණේ නෑ. මේ නිසාම ජීවිතවලට ලැබුණේ හරිම පන්නරයක්.
පිරිවෙන
සිරි සදහම් පැන විසඳුම්
පැන විසඳුම්
පිහිට පතයි
ඉතිරිය»
භාග්‍යවතුන් වහන්සේ පරම පිරිසුදු සිල් ඇති සේක
අංගුත්තර නිකායෙන් 10: ඒකක නිපාතය
පරිසරය රැක ගැනීමේ බුදු සිරිතේ ආදර්ශය
නිවන උතුම් සැපතයි
ත්‍රිපිටක බෙදීම
යෞවන මදයෙන් මිදෙන්නට නම්
Lesson for mindfulness – part 3: Observe the very process of perception itself
හෙළ කලාකරුවාගේ විස්මිත නිමැවුම අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ
අටුවා කතාවේ එන ඉපැරැණි ලක්දිව දඬුවම් දුන් හැටි
සංහිඳීයාව ක්‍රියාවෙන් ම පෙන්වූ නාගදීපයේ නායක හාමුදුරුවෝ
ප්‍රාචීන අධ්‍යාපනය තවදුරටත් ප්‍රගුණ කළ යුතුයි
බුදුගුණ සිහි කර දෙව්ලොව ගිය හැටි
දුටුගැමුණු මහ රජතුමා - 28: දීඝාභය කුමරු එළාර රජුට එකතුවෙයි
ඔබව හඳුනා ගත් දිනෙක දී මමයි ජය ගන්නේ
මල් පිපෙන සදහම් අරණ
පහන් සිතක කවි
නිල්දිය පතුලේ සැඟවුණු ඓතිහාසික කඩදොර විහාරය
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]