ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ බක් පුර අටවක පෝදා, 2021 අප්‍රේල් 20 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කඩදොර විහාරය
මහින්දාගමනයෙන් පසු ලාංකේය ශිෂ්ටාචාරය බුද්ධ දර්ශනයෙන් පෝෂණය වීමත් සමග පුරාණ ගමෙහි වූ ප්‍රමුඛතම ස්ථානය බවට පත්වූයේ විහාරයයි. මෙම හේතුව නිසාවෙන්ම මෙරට හර පද්ධතිය තුළ “ගමයි පන්සලයි” “වැවයි දාගැබයි” ආදි වූ සංකල්ප ගොඩනැගුණු අතර ඒ යටතේ සෑම ගම්මානයකටම කෘෂිකර්මාන්තය උදෙසා වැවක් අවශ්‍ය වූවා සේ ම ආගමික අවශ්‍යතාවය උදෙසා විහාරයක් ද ගොඩනගා ගන්නා ලදි. ගමක් ලෙස ඒකරාශිවූ ජනයා ගමේ ආර්ථිකය නම් වන කෙත්යාය අස්වැද්දීම සඳහා ජලය ලබා ගැනීමට ගම්මානයේ කඳුයාය පාමුල වැවක් හාරා එම පස් උපයෝගී කරගෙනම එම වැවට නුදුරින් දාගැබක් සමඟ විහාරයක් ද ගොඩනඟා ගත් බව ජනප්‍රවාදිත මතය වේ. ඒ අනුව මෙරට සෑම පැරැණි වැවකට ම නුදුරින් ම විහාරයක අවශේෂ දක්නට ලැබීම සුලභ දසුනක් විය. එහෙත් වැවකට නුදුරින් නොව වැවක් පතුලේ විහාරයක් ඇතැයි කිවහොත් එය බොහෝ දෙනකුට නුහුරු අත්දැකීමක් වනු ඇත. එය සත්‍යයකි. ඒ වනාහි කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ සෑදූ කොත්මලේ ජලාශය පතුලේ සැඟව ගිය ඓතිහාසික කඩදොර විහාරයයි. පුරාණ ලක්දිව රුහුණු රට, මායා රට හා පිහිටි රට වශයෙන් ප්‍රධාන පරිපාලන කොටස් තුනකට බෙදී තිබූ අතර එහිදී මායා රටේ වූ කොත්මලේ ප්‍රදේශයට හිමිවූයේ විශේෂ තැනකි. අනුරාධපුර කේන්ද්‍ර කරගෙන බලය ව්‍යාප්ත කළ පරදේශක්කාර එළාර රජුට විරුද්ධව යුධ නොවැදි තම පියාට ස්ත්‍රී වස්ත්‍රාභරණ යැවූ නිසාවෙන් ඇතිවූ රාජ උදහසෙන් බේරීම සඳහා පලාගිය ගැමුණු කුමරු සැඟවී සිටියේ ඓතිහාසික කොත්මලේ ප්‍රදේශයේ බව ජනප්‍රවාදයේ පවතී.
අප්‍රේල් 20 අඟහරුවාදා පූර්ව භාග 00.01 පුර අටවක ලබා 21 බදාදා පූර්වභාග 00.43 ගෙවේ. අඟහරුවාදා සිල්.
පුර අටවක
අප්‍රේල් 20
පසළොස්වක
අප්‍රේල් 26
අව අටවක
මැයි 03
අමාවක
මැයි 10
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]