මෙත් ගුණ
මෙත්තා යන්නෙහි අදහස හිතවත් බව යි. නැතහොත් මෛත්‍රිය යි. . සියලු ජීවින් කෙරෙහි
හිතවත් බව ඇති කර ගැනීම මෛත්‍රියෙහිදී සිදුවෙයි. මිත්‍රත්වය සියලු දෙනා කෙරෙහි ම
දැක්වීම උසස් මානුෂික ගුණාංගයකි. සැබෑ මිතුරා සිය මිතුරාව අවැඩක්, විපතක් වෙනවාට
අකමැති වේ. ඔහු මිතුරාගේ දියුණුව ම අපේක්ෂා කරයි. මිතුරා සම්බන්ධයෙන් ඇතිකර ගන්නා
වූ එම හිතවත්කම තමා අපි‍්‍රය කරනා අමනාප අය සම්බන්ධයෙන් ද ඇති කර ගැනීම මෛත්‍රියයි.
මෙහි දී ආයාසයකින් තොරව තමාට හමුවන ඕනෑම අයකු සම්බන්ධයෙන් හිතවත් බව ගොඩනගා ගැනීමට
අප දක්ෂ විය යුතුයි. කිසිවක් අපේක්ෂාවෙන් යමකු කෙරෙහි ඇති කර ගන්නා බැඳීම
මිත්‍රත්වය නොවේ. සෑම අයකු පිළිබඳව ම එබඳු ලාභාපේක්ෂාවකින් තොරව ඇති අව්‍යාජ වූ
සැබෑ හිතවත්කම මිත්‍රත්වය යි. මෛත්‍රි සහත සිතිවිලි සහිත පුද්ගලයා සියලු මිනිසුන්
හිතවත්ව සැපෙන් සිටිනු දැකීමට කැමති වන්නේ ඔහු තුළ සැබෑවට ම දක්නට ලැබෙන මිත්‍රත්වය
නිසයි.
නිපුනි ශෂිකලා ජයරත්න
11 ශ්‍රේණිය
වන්නිනායක නවෝද්‍යා පාසල
බලල්ල
****
සැරියුත් මහ රහතන් වහන්සේ
උපතිස්ස – කෝලිත දෙදෙනා කුඩා කල පටන් කල්‍යාණ මිත්‍රයෝ විය. දිනක් රජගහනුවර
වාර්ෂිකව පැවැත්වෙන ගිරග්ග සමජ්ජ සැණකෙළිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී විනෝදය
නිරර්ථක දෙයක් බව වැටහී ගිය හෙයින්, මොවුන් දෙදෙනා විමුක්තිය සොයා යෑමට තීරණය කළහ.
යමකු පළමුව විමුක්තිය ලදහොත් ඒ බව අනෙකාටද දැන්විය යුතු යන එකඟතාව මත දෙදෙනා වෙන
වෙනම ගමන් ආරම්භ කළහ. මෙසේ ගමන් කරන අතරමඟ ඳී උපතිස්ස පිරිවැජියාට අස්සජි මහා
තෙරුන් මුණගැසුණි.
උන්වහන්සේ දේශනා කළ “යේ ධම්මා හේතුප්පභවා” යන ගාථාවේ මුල් පද පමණක් ඇසීමෙන් සෝවාන්
ඵලයට පත් විය. පසුව තම මිතුරු කෝලිත පිරිවැජියා සොයා ගොස් අස්සජි තෙරුන්ගෙන් දැනගත්
ධර්මය ඔහුට ද ඉදිරිපත් කළේ ය. එහිදී එම ගාථාව සම්පූර්ණයෙන් ම ඇසීමෙන් කෝලිත
පිරිවැජියා ද සෝවාන් ඵලයට පත් විය.
පැවිද්දෙන් දෙ සතියකට පසු රජගහනුවර බුදුරදුන් විසින් සැරියුත් තෙරුන්ගේ බෑණනුවන් වූ
දිඝනඛ පිරිවැජියාට දෙසූ දේශනාව අසා රහත් විය. පසුව වේළුවනාරාමයේ දී බුදුරජාණන්
වහන්සේ විසින් පැවැත්වූ ප්‍රථම සංඝ සන්නිපාතයේ දී අගසව් තනතුරු ලබාගන්නා ලදී. එසේම
ප්‍රඥාවන්තයන් අතර අගතනතුර ද, ධර්ම සේනාධිපති තනතුරද උන්වහන්සේට හිමිවිය.
සැරියුත් තෙරණුවෝ පිරිනිවන් පෑමට අසන්න අවස්ථාවේ සිය ගම්පියසට වැඩමකොට තම මැණියන්
සෝවාන් ඵලයට පත් කිරීමට කටයුතු කළහ.
ඩී.ජී. ඩිලානි මධුෂාණි
10 ශ්‍රේණිය
බානගොඩ විද්‍යාලය , රත්නපුරය
****
ඔවදන්
තැන තැන ගෙන් ගෙට
ගොසින් බලමින් වට පිට
අනුන් කන බොන විට
ලොබින් නො ඉදින් නැතත් කෑමට
දනන් නිති ගැවසෙන
තැනින් කුඩ උසුලා ගෙන
සැරෙන් බස් කියමින
ගමන් නො කරන් උඩඟු විලසින
වැල්ලවායේ සුබෝධ හිමි
ශ්‍රී සුමන සාමණේර ආයතනය
හඳපානාගල
****
සාර ධර්ම රැක ගනිමු
එදා මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට ලැබුණු දායාද අතර බුදු දහම හා සාරධර්ම විශේෂ
ස්ථානයක් ගනී. එතුමා බුදු දහම මෙ රටෙහි ස්ථාපිත කිරීමෙන් පසුව ගුණධර්ම ආරක්ෂා කරන
සැදැහැවතුන් පිරිසක් මේ ධර්ම ද්වීපයේ බිහි විය. ඒ අතර සුවිශේෂී සාරධර්ම රැසක් ඔවුන්
සතු විය. ඒ අතර.
වැඩිහිටියන්ට සැලකීම, මව්පියන්ට සැලකීම, චාම් සරළ ජීවිතයක් ගත කිරීම, කාරුණික වීම,
පරිත්‍යාගශීලි වීම යනාදී සාරධර්ම රාශියක් විය.
අතීතයේ තිබුණු සාරධර්ම ටිකෙන් ටික අද වර්තමානයේ පිරිහී ගොස් ඇත.
ස්ත්‍රී දූෂණ, ළමා අපචාර එන්න එන්නම සමාජය ගොදුරු කර ගනුයේ මෙහි දරුණු බව විදහා
දක්වමින් ය. මේ නිසා අතීතයේ පටන් පැවති සාරධර්ම අනාගතයේදී තුරන් වීමට ඉඩ නොදී
ආරක්ෂා කරගැනීමට අපි ඇප කැප වෙමු.
කණිස්ක ධනංජය පියතිස්ස
7 ශ්‍රේණිය
ශ්‍රී ගුණරතන දහම් පාසල, දොඩම්ගස්ලන්ද
****
ලොව සුවපත් වේවා!
ඉගෙන ගන්න අප හට
බෑ එය කරගන්නට
කොරෝනා වෛරසය තමයි
ඕනෑ පන්නා ගන්නට
මල් අරගෙන දෝතට
වඳීනවා බුදු සාදුට
මේ පින් බලයෙන් පතනව
ලොව සුවපත් වෙන්නට
එච්.පී. සිතුම් සෙව්මිණ
5 වසර
රතනජෝති මහ විද්‍යාලය
බටදූව
****
සංස්කරණය - නයනා නිල්මිණි |