ජය ශ්‍රී මහා බෝධි අංකුරයක්
බර්ලින් විහාරයට
මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්මදූත මෙහෙවරේ ආභාසයෙන් සිංහල බෞද්ධයන් වෙත හුරු වූ
සම්ප්‍රදායක් ලෙස ලෝකය තුළ බුදුදහම පැතිරවීමේ කාර්ය තවදුරටත් සිදුවිය. ඒ අනුව
සම්බුද්ධ ශාසනය ජර්මනිය ඇතුලු බටහිර රටවල් තුළ පිහිටුවීමේ ධර්මදූත කාර්යභාරය ද අද
මේ මොහොත දක්වා ම සිදුවෙමින් පවතින බව ඉතා සතුටින් සඳහන් කළ යුතු ය. 1951 වර්ෂයේ
අශෝක වීරරත්න මහතා බටහිර ජර්මනියට සිදුකළ ප්‍රථම ව්‍යාපාරික සංචාරයේ දී එහි තවත්
කඩඉමක ලකුණු සනිටුහන් විය. බුදු දහම ජර්මනියේ මිනිසුන් හටද දායාද කර දීමට අදහසක්
ඇතිකරගත් ඔහු එතැන් පටන් ඒ සඳහා කටයුතු කළේ ය. අශෝක වීරරත්න මහතා විසින් 1952
සැප්තැම්බර් 21 වැනි දින ලංකා ධර්මදූත සංගමය ආරම්භ කරන ලදුව, පසුව 1957 දී එය
ජර්මන් ධර්මදූත සංගමය යැයි නම් කරන ලදී. ජර්මන් ජාතික ඤාණතිලෝක මාහිමිපාණන් වහන්සේ
එහි ප්‍රථම අනුශාසකයන් වහන්සේ වූ අතර එහි ලේකම් තනතුර දරන ලද්දේ අශෝක වීරරත්න මහතා
විසිනි.
ඉතිරිය»
සසරට ගෙන යන
ධාර්මික සතුට
ඇතැම් පුද්ගලයන් විවාහ ජීවිතයේ ලද සැපතෙහි අඩුවම යි සොයන්නේ. ජීවිතයේ තෘප්තිමත් බවට
වඩා අතෘප්තියමයි රැඳෙන්නේ. මෙහෙම වෙන්නේ ඒ අයගේ පෙර සංසාරයේ කරපු පින් පව් මත. පව්
වැඩි පුද්ගලයා සතුටින් ඉන්නවාට වඩා දුකින් කල් මරන්න කැමැති යි. ලැබුණු දෙයට වඩා නො
ලැබුණු දේ ගැන සිත සිතා දුක්වෙනවා. සමහර අවස්ථාවක දී අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දුක්
වෙනවා. තැවී තැවී දුක් වෙවී කල්පනා කරන්න ඔවුන් කැමැතියි. ඊට හේතුව ලද සැප සම්පත්වල
අල්පකම නොවෙයි. සංසාරේ පින් මදිකම . පින් වැඩි, පිනෙන් පොහොසත් පුද්ගලයා එහෙම
නොවෙයි. යහපත් දෙය ම යි අර්ථවත් දෙයම යි දකින්නේ . වැඩි වෙලාවක් සැහැල්ලුවෙන්
ඉන්නවා. අනවශ්‍ය හෝ අවශ්‍ය කිසිම දෙයක් ගැන කල්පනා කර කර ඉන්නේ නැහැ. ඒ සඳහා වැය
කරන වෙලාවෙත් මොනවා හරි අර්ථවත් දෙයක් කරනවා. උට්ඨාන වීර්යය ඔහුගේ ජීවිතයේ තේමා
පාඨයයි. . එහෙම අය ඕනෑතරම් අපේ සමාජය තුළ දකින්න පුළුවන්.
ඉතිරිය» ධර්ම දේශනාව:
මියගිය ඥාතීන්
අමතක නොකරමු
තස්ස මාතා පිතාභාතා
දුග්ගතායම ලෝකිකා
පාප කම්මං කරිත්වාන
පේත ලෝකං ඉතොගතා
ඉහත දැක්වූ ගාථා පාඨය, සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායේ ප්‍රේත වස්තු පාලියෙහි
සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩසිටි කාලයේ ‘පොට්ඨපාද’ නමින්
මහරහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේගේ මවත්, පියාත්, සහෝදරයාත්, මනුෂ්‍ය
ලෝකයේ දී පව්කම් කළ නිසා පෙරේත ලෝකයේ ඉපදුණා. එහි දී ඔවුන්ට ඉදිකටුවලින් අනිනවා
වාගේ නිතර ම වේදනා විඳින්නට සිදුවෙනවා. ක්ලාන්තය හැදෙනවා. නිර්වස්ත්‍රවයි සිටින්නේ.
සිරුරේ ඇටකටු පමණයි ඇත්තේ. මස් නැහැ. සෑම මොහොතක ම කාලය ගෙවන්නේ බයෙන්, තැති
ගැන්මෙන් යුතුවයි. කෲර දේවල් කළ ඔවුන්ගේ ශරීර පිටට දර්ශනය වෙන්නේ නැහැ. සානුවාසී
පර්වතයේ වැඩ වාසය කරන පොට්ඨපාද මහරහතන් වහන්සේ දිනක් පා ගමනින් වැඩම කරන අවස්ථාවක
උන්වහන්සේගේ ගිහි ජීවිතයේ සොහොයුරා වූ මේ ප්‍රේතයා උන් වහන්සේට දර්ශනය වන ආකාරයට
මාර්ගය අයිනේ සිටියා.
ඉතිරිය»
වසර 105 ක් සපිරෙන විතාරන්දෙණියේ ශ්‍රී සුදර්ශනාරාමය
ඉපැරැණි රෝහණයේ ගිරුවාගම් දොළොස් දහස්
රටට අයත් වූ නූතන දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ
ඓතිහාසික විතාරන්දෙණිය ග්‍රාමයේ පිහිටා ඇති ශ්‍රී
සුදර්ශනාරාම විහාරස්ථානය ආරම්භ කොට 2018 වර්ෂය වන විට වසර
105 ක් ගත වේ. පුරා සියවසකට වැඩි කාලයක් තුළ විවිධ යුග
පසුකරමින්, අනේකවිධ සමාජ, ආර්ථික විපර්යාසයන්ට නො සැලී
මුහුණ දෙමින් අපේකම, අපේ රට, අපේ ආගම රැක ගනුවස් මිල කළ නො
හැකි තරම් සේවාවක් සුදර්ශනාරාමයෙන් සිදුව තිබේ. රන්වැට
සහිත බෝධින් වහන්සේ සිංහල භික්ෂුවංශය පිරිහීගොස් තිබූ
මහනුවර යුගයේ එය නැවත පුනර්ජීවනයට පත් කළ වැලිවිට අසරණ සරණ
සරණංකර සංඝරාජ හිමියන්ගේ සඟ පරපුරෙන් පැවත එන වේහැල්ලේ
ධම්මදින්න නාහිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරේ පහතරට
යුගකාරක යතිවරයන් වහන්සේ නමක් වූ මුලනේ ගුණානන්ද නා
හිමියන් විසින් 1913 වසරේ දී සුදර්ශනාරාමය ගොඩනැංවීමේ
කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ.
ඉතිරිය»
|