UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් බර්ලින් විහාරයට

මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්මදූත මෙහෙවරේ ආභාසයෙන් සිංහල බෞද්ධයන් වෙත හුරු වූ සම්ප්‍රදායක් ලෙස ලෝකය තුළ බුදුදහම පැතිරවීමේ කාර්ය තවදුරටත් සිදුවිය. ඒ අනුව සම්බුද්ධ ශාසනය ජර්මනිය ඇතුලු බටහිර රටවල් තුළ පිහිටුවීමේ ධර්මදූත කාර්යභාරය ද අද මේ මොහොත දක්වා ම සිදුවෙමින් පවතින බව ඉතා සතුටින් සඳහන් කළ යුතු ය. 1951 වර්ෂයේ අශෝක වීරරත්න මහතා බටහිර ජර්මනියට සිදුකළ ප්‍රථම ව්‍යාපාරික සංචාරයේ දී එහි තවත් කඩඉමක ලකුණු සනිටුහන් විය. බුදු දහම ජර්මනියේ මිනිසුන් හටද දායාද කර දීමට අදහසක් ඇතිකරගත් ඔහු එතැන් පටන් ඒ සඳහා කටයුතු කළේ ය. අශෝක වීරරත්න මහතා විසින් 1952 සැප්තැම්බර් 21 වැනි දින ලංකා ධර්මදූත සංගමය ආරම්භ කරන ලදුව, පසුව 1957 දී එය ජර්මන් ධර්මදූත සංගමය යැයි නම් කරන ලදී. ජර්මන් ජාතික ඤාණතිලෝක මාහිමිපාණන් වහන්සේ එහි ප්‍රථම අනුශාසකයන් වහන්සේ වූ අතර එහි ලේකම් තනතුර දරන ලද්දේ අශෝක වීරරත්න මහතා විසිනි. බර්ලින් විහාරස්ථානයට තවත් සුවිශේෂී දිනයක් එක් කරමින් ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 65 පිරීම නිමිත්තෙන් 2018 සැප්තැම්බර් මස 30 වනදා බර්ලිනයේ ශ්‍රී ලංකා තානාපති ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන්....

ඉතිරිය»

 

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා, පූර්වභාග 07.05 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්වභාග 09.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 22 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]