|
සසරට ගෙන යන
ධාර්මික සතුට
ඇතැම් පුද්ගලයන් විවාහ ජීවිතයේ ලද සැපතෙහි අඩුවම යි සොයන්නේ. ජීවිතයේ තෘප්තිමත් බවට
වඩා අතෘප්තියමයි රැඳෙන්නේ. මෙහෙම වෙන්නේ ඒ අයගේ පෙර සංසාරයේ කරපු පින් පව් මත. පව්
වැඩි පුද්ගලයා සතුටින් ඉන්නවාට වඩා දුකින් කල් මරන්න කැමැති යි. ලැබුණු දෙයට වඩා නො
ලැබුණු දේ ගැන සිත සිතා දුක්වෙනවා.
සමහර අවස්ථාවක දී අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දුක් වෙනවා. තැවී තැවී දුක් වෙවී කල්පනා
කරන්න ඔවුන් කැමැතියි. ඊට හේතුව ලද සැප සම්පත්වල අල්පකම නොවෙයි. සංසාරේ පින් මදිකම
. පින් වැඩි, පිනෙන් පොහොසත් පුද්ගලයා එහෙම නොවෙයි. යහපත් දෙය ම යි අර්ථවත් දෙයම යි
දකින්නේ . වැඩි වෙලාවක් සැහැල්ලුවෙන් ඉන්නවා. අනවශ්‍ය හෝ අවශ්‍ය කිසිම දෙයක් ගැන
කල්පනා කර කර ඉන්නේ නැහැ. ඒ සඳහා වැය කරන වෙලාවෙත් මොනවා හරි අර්ථවත් දෙයක් කරනවා.
උට්ඨාන වීර්යය ඔහුගේ ජීවිතයේ තේමා පාඨයයි. . එහෙම අය ඕනෑතරම් අපේ සමාජය තුළ දකින්න
පුළුවන්. දවසින් දවස ඔවුන් දියුණු වෙනවා. අනුන්ට කරදර නොකර දියුණු වීමට අවශ්‍ය
ආකාරයයි කල්පනා කරන්නේ. උල්පතකින් ජලය එන විට ජලය එන්න එන්න තමයි ඒවා වැඩිය
පිරිසුදු වෙන්නේ. හිතත් ඒ වගේ .හොඳ සිතිවිලි සිතට එන්න එන්න හිතත් සැහැල්ලුයි.
අලුත් අලුත් අදහසුත් එනවා. තම විවාහය පිළිබඳ ව සිතන්නත් ඕන. ඒ ආකාරයට තමයි. යහපත්
විදිහට සිතන්න සිතන්න එහි රසය දැනෙන්න පටන් ගන්නවා.
ඉතිරිය»
|
|
ඉල් පුර අටවක පෝය
ඉල් පුර අටවක පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා, පූර්වභාග 07.05 ට
ලබයි. 16 වනදා සිකුරාදා පූර්වභාග 09.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය නොවැම්බර් 22 වනදා බ්‍රහස්පතින්දා ය.
|
|
|
|
|
|
|