ඌරුගමුවේ ධම්මාලෝක නාහිමි සමරුවට පින්කම් මාලාවක්
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මාතර හම්බන්තර දෙපළාතේ උප
ප්‍රධාන සංඝ නායක, බෙලිඅත්ත කහවත්ත පුරාණ රාජමහා විහාරාධිපතිව වැඩ විසූ මුල්කිරිගල
මහ පිරිවෙන, මෝදරවාන ශ්‍රී සරණංකර පිරිවෙන යන පිරිවෙන්වල පරිවේනාධිපති ධූරය හෙබවූ
රාජකීය පණ්ඩිත ඌරුගමුවේ ධම්මාලෝක නා හිමි ගුණ සමරු පින්කම් මාලාවක් බෙලිඅත්ත කහවත්ත
රාජමහා විහාරයේ දී පැවැත්වේ.
ඉතිරිය» කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද
සොයිසා
ජන්ම සමරුවට පින්කම්
කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ 120 වෙනි
ජන්ම දින සමරු පින්කම ඔක්තෝබර් මස 26 වෙනි දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් පින්කම්
මාලාවක් බෝධි පරිශ්‍රය තුළදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
ඉතිරිය»
වස්සානයේ කථාවයි
කඨිනානිසංස දේශනාවයි
දිනක් වස් පවාරණය කර දෙතුන් දිනකින් බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතන්
වහන්සේලා හිමාල පර්වතයට වැඩම කළ සේක. එහිදී අනවතප්ත විලෙහි නෙළුම් මල් පන්සියයක
කෙමි මත බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතන් වහන්සේලා රශ්මි දහරාවන්ගේ
අසිරියෙන් බැබළෙමින් දෙව් බඹුන්ගේ සාධුකාර මධ්‍යයේ වැඩසිටි සේක. ඒ මහඟු අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේගේ ඉල්ලීම පරිදි අනාගත ලෝකයේ පින්වතුන් ද
පුණ්‍ය විපාකයන් ගැන දැනුවත් වී පින් දහම්වල නිරත කිරීමට කැමැත්තෙන් මහත්ඵල
මහානිසංස පුණ්‍ය ක්‍රියාවක් සිදුකරගත් භික්ෂූන් වහන්සේ නමක් මෙහි වැඩ සිටිනවානම් ඒ
උතුම් පින්කම වදාරන්නට මෙය අවස්ථාවක් බව වදාළ සේක.
ඉතිරිය»
චීවර පූජාව
විනයානුකූල ව සිවුරක් මැසිමේ දී පළමුව අතු පහම උ ස අතට ගැබ සහිත ව මසා ඒවා මූට්ටු
කළ යුතුය. එහි දී 1,2,3,4,5 වශයෙන් සෑම අත්තක් ම උඩ, යට ගැබ මාරු විය යුතුය. එවිට
සියලු ම අතුවල ගැබ එකිනෙකට මාරුවී තිබේ. අනතුරුව අතු පහ මූට්ටු කළ යුතුය. මෙසේ අතු
පහ මූට්ටු කර අවසන් වූ පසු ව වටේ නුවා ව මැසිය යුතුය. එහි දී සිවුරේ මුළු හතර ඇද
නැති ව පිළිවෙළට මසා ගැනීම අවශ්‍යය. මෙසේ මූලික මැසීම් අවසන් කර සිවුරේ 2. 3. 4. යන අතුවල උඩට සහ යටට, අඟල් දෙකක පටියක්
මැසිය යුතුය. උඩ පටියට කියන්නේ ගීවෙයය කියා ය. යට පටියට කියන්නේ ඡඤ්ගෙයය කියාය.
ගණ්ඨිය සහ පාසක මසන්නේ, සිවුරේ යට පැත්තේ 1 සහ 5 යන අතුවල නුවා දෙක එකතුවන තැනටය.
ගණ්ඨිය වශයෙන් යොදන්නේ අඟල් 3ක් පමණ දිගැති ශක්තිමත් නූල් කෑල්ලකි. පාසක වශයෙන්
යොදන්නේ තොණ්ඩුවක් වැනි වූ නූලකි.
ඉතිරිය» ධර්ම දේශනාව: මිනිසත් බව
දුලබය
බුදුරජාණන් වහන්සේ විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ චම්පා නුවර ගග්ගරා කියන
පොකුණ ළඟ වැඩසිටි මොහොතක එතැනට පැමිණි ‘පෙස්ස’ කියන ඇත් ගොව්වෙකුයි, ‘කන්දරක’ කියන
පිරිවැජියෙකුයි බුදුරජාණන් වහන්සේ සමඟ පිළිසඳර කතාබහක යෙදුනා. ඉතා නිහඬව සිටිනා
භික්ෂූන් වහන්සේලා දුටුව කන්දරක පිරිවැජියා බුදුරජාණන් වහන්සේට මතක් කළා. භවත්
ගෞතමයෙනි, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් ඉතාම සංවරයි ඒක පුදුමයට කාරණාවක්. භවත් ගෞතමයෙනි,
ඔබගේ ශ්‍රාවකයන් දැන් වගේම අතීතයේ දීත් සංවර වුණා. අනාගතයේත් ඒක එහෙම වේවි. කන්දරක
ඒකේ වෙනසක් නෑ අද වගේ ම අතීත බුදුරජාණන් වහන්සේලාත් තමන්ගේ ශ්‍රාවකයන් මනා ලෙස සංවර
කළා. අද වගේම අනාගත බුදුරජාණන් වහන්සේලාත් තම ශ්‍රාවකයන් මැනවින් හික්මවනවා. කන්දරක
මේ භික්ෂූන් වහන්සේලා අතර සියලු කෙලෙසුන් නැසූ රහතන් වහන්සේලාත් වැඩ සිටිනවා. ඒ
වගේම කය ගැන මෙනෙහි කරන වේදනාව ගැන මෙනෙහි කරන සිත හා ධර්මය ගැන මෙනෙහි කරන මෙම සතර
සතිපට්ඨානයෙන් යුතුව කල් ගෙවන භික්ෂූන් වහන්සේලාත් මෙතන වැඩ සිටිනවා කියාදේශනා කළා.
ඉතිරිය» |