සොඳුරු බව විඳිමින් යථාව අවබෝධ කර ගනිමු
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මෙම
ලිපියෙහි තවත් කොටසක්
වප් අව අටවක (ඔක්තෝබර් 22) පෝදා
පත්‍රයේ පළ විය.
අපට ශරීරය පමණක් නොවෙයි ,සිතත් සමඟ ජීවිතයක්ද, තිබෙන බව ප්‍රකාශ කරන නිසා ශරීරය
පිළිබඳව අප තුළ පවතින මෙම සිතිවිල්ල නැතහොත් ශරීරය පමණක් නොවෙයි අපට ජීවිතයකුත්
තිබිය යුතු බවට අවධාරණය වන නිසා ශරීරය පිළිබඳව අප සිතිය යුතු නැද්ද? යන ප්‍රශ්නය
පෙරලා නැගෙනවා වෙන්න පුළුවන්. වර්තමාන සමාජය තුළ අප ගනු ලබන ආහාර පාන සමඟ බලන විට
අවුරුදු සියයක් ජීවත් වනවා කියා කිව නොහැකියි. සාමාන්‍යයෙන් වර්තමානය තුළ ජීවත් වන
ලාංකිකයා අවුරුදු හැටපහක්, හැත්තැපහක් පමණ කාලයක් ජීවත් විය හැකි බවට අනුමාන කළ
හැකියි. අවුරුදු සියය ඉක්මවීමත් වාසනාවක්.
බැංකු පොතේ ශේෂය ගණනය කර බලන්නා සේ වර්තමානය තුළ ජීවත් වන වයස ගණනය කර බැලුවහොත්
වයස අවුරුදු පනහක් ජීවත් වී ඇත්නම්, තවදුරටත් ජීවත් වීමට ඉතිරිව ඇත්තේ අවුරුදු
විස්සක ප්‍රමාණයක් විය හැකියි. වයස හැට නම්.තව දහයක් ඉතිරි වීය හැකියි. වයස හැට පහ
නමි ,තව අවුරුදු පහක් ජීවත්වීම සඳහා ඉතිරිව පවතියි. පැහැදිළි ලෙසම අතහැරදා
යුතුමයි.මට එහෙම වෙන්න බැහැ, මම එහෙම වෙන්නේ නැහැ යනුවෙන් අපට රැඳීසිටීෙමි
හැකියාවක් නැහැ. එය වෙන්නේම නැති නොවිය හැකි අවස්ථාවක්.අතහැර දමා යායුතු දිනය එන
තෙක් ගමන් කරනවා. අප යන්නම සිටිනවා නමි, තිබෙන්නේම නැති වෙන්න නම්, එක්කාසු කරන සැම
දෙයක්ම තිබෙන්නේම දමා යාමට නම්,ශරීරයෙන් සහ සිතෙන් කළ යුතු කාරණා දෙකක් තිබෙනවා.
ශරීරය තුළ තබාගෙන සිතෙන් අතහැරිය යුතුයි. සිත තුළ තබාගෙන ශරීරයෙන්ද අතහැර යා
හැකියි. තියාගෙන අතහැර දමන්නේ කෙසේද? කියා ඔබ සිතාවි. කෙතරමි විභව ශක්තීන් අප සතුව
පැවතුණද, එය දිරාපත් වන බව සාමාන්‍ය ස්වභාවය වුවද,එම ස්වභාවය දැනගෙන සියල්ල පරිහරණය
කළ යුතුවුවද , එය සියල්ලම පරිහරණය කරන අතරතුර එය අතැහැරිය යුතු බව සිතින් අවබෝධ
කරගත යුතුයි.
ජරාවට පත්වෙමින් මරණයට පත්වන ශරීරය බව දැනගෙන ඉතාම පාරිශුද්ධත්වයට පත්වෙමින්
සුන්දරව සොඳුරු ආකාරයෙන් ශරීරය පවත්වාගෙන යා යුතුයි. මෙම වාස්තවික තත්වයේ යථාව
අවබෝධකොට ගැනීම අවශ්‍යයි.මෙම තත්වය අවබෝධකොට ගත යුත්තේ සිතෙන් මිස ශරීරයෙන් නොවෙයි.
සිත තුළ තබාගෙන ශරීරයෙන් අතහැරලා නිවන් දකින්න බැහැ.
ඇතැමි දෙමවිපියන් දරුවන්ට දේපළ පවරා දී අවසානයේ දරුවන් එය නිසි ආකාරයෙන් නඩත්තු
නොකරන බවට චෝදනා කරන අවස්ථා නැතිවා නොවෙයි. දරුවන් විසින් දේපළ නඩත්තු නොකිරීම
දියුණු නොකිරීම ඒ පිළිබඳව හැඟීමක් නැතිව කටයුතු කිරීම බරපතල වරදක් බව සත්‍ය
කාරණාවක් වුවත්, එම දේපළ දරුවන්ට පවරා දෙන්නේ ශරීරයෙන් මිස සිතෙන් නොවීම දෙමවිපියන්
සතු ගැටළුවක්. තමන් සතු සන්තකයන් දරුවන්ට ලබාදිය යුත්තේද සිතෙන් අතහරිමින් බව අවබෝධ
කරගත යුතු වුවත් වගකීම් විරහිත විය යුතු බව එයින් අදහස් වන්නේ නැහැ.දරුවන්ට වගකීම්
විරහිතව හැසිරීමට ඉඩ හැරිය යුතු බව එයින් අදහස් වන්නේ නැහැ. අපට සියල්ල තිබුණත් ඒ
දෙස දැවැන්ත ප්‍රේමයකින් නොබැඳී සිටිය යුතුයි .
බුදුපියාණන් වහන්සේ පංචසිකගේ වීණා වාදනය මනස්කාන්ත බව අගය කරමින් එය රසවින්දනය කරනු
ලැබූෙවිද ඇලීමකින් තොරවයි.හරවත් ගීතයක් සංස්කෘතික වැදගත් කමින් යුතු යහපත් සමාජ
පණිවිඩයක් දිය හැකි චිත්‍රපටයක් වින්දනය නොකළ යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාරා
නැහැ.
ගලාබසින දිය දහරක පිපී වැනෙන මල් පොකුරුවල සුන්දරත්වය විඳගැනීමට බුදුපියාණන් වහන්සේ
අපට අවසර දුන්නද,ඒ පිළිබඳව යථාව අවබෝධ කරගත යුතු බව දේශනා කළා. අප්‍රමාණ ප්‍රේමයෙන්
ආදරයෙන් වෙළී සිටියාට අතහැරිය යුතු බව දැන සිටීම තුළ ප්‍රශ්නයක් නැගෙන්නේ නැහැ.එම
සියල්ල විඳගැනීමේ අවස්ථාව තිබුණද, එහි යථාව ග්‍රහණය කළ යුතුයි.ආදරයෙන් ආරක්ෂිතව තම
දූ දරුවන් රැකබලාගත යුත්තේ ඔවුන් අප හැර යනවා හෝ අප ඔවුන් අතහැර යන බව අවබෝධයකින්
යුතුවයි.ගේ දොර ඉඩකඩමි පරිහරණය කළ යුත්තේ තමන්ගේ ඥාතීන්ට හෝ දූ දරුවන්ට හිමි වන බව
දැනගෙනයි. අහිමි වන බව දන්නා නිසාම එය නඩත්තු කිරීමෙන් වැළකී සිටිමට හැකියාවක්
නැහැ.
සිතෙන් අතනොහැර ශරීරයෙන් දෙන්නාට නිවන බොහෝ දුරයි. ශරීරයෙන් අතහැර සිතෙනුත්
අතහැරීමට හැකි නම්, නිවන බොහෝ ළඟයි.ටිකක් හෝ ශරීරයෙන් ලංවීමට නම් ශරීරයෙහි තිබුණත්
සිතින් අතහැරීම වැදගත්. එසේ වුවත් සිතේ ගැඹුරුම ස්ථානයෙන් ඉවත් කර නඩත්තු කරමින්
රැකබලා ගත හැකිියි. ශරීරය නිරෝගීව පවත්වාගෙන හොඳින් නඩත්තු කළ යුතුයි.ශරීරයෙහි
සොඳුරු බව පවත්වා ගත යුතුයි. එසේ වුවද, කෙදිනක හෝ හැරදා යායුතුය යන යථාව අවබෝධය
තුළින්මයි.
- හේමමාලා රන්දුනු |