වස්සානයේ කථාවයි
කඨිනානිසංස දේශනාවයි
දිනක් වස් පවාරණය කර දෙතුන් දිනකින් බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතන්
වහන්සේලා හිමාල පර්වතයට වැඩම කළ සේක. එහිදී අනවතප්ත විලෙහි නෙළුම් මල් පන්සියයක
කෙමි මත බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතන් වහන්සේලා රශ්මි දහරාවන්ගේ
අසිරියෙන් බැබළෙමින් දෙව් බඹුන්ගේ සාධුකාර මධ්‍යයේ වැඩසිටි සේක.
ඒ මහඟු අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේගේ ඉල්ලීම පරිදි අනාගත ලෝකයේ පින්වතුන් ද
පුණ්‍ය විපාකයන් ගැන දැනුවත් වී පින් දහම්වල නිරත කිරීමට කැමැත්තෙන් මහත්ඵල
මහානිසංස පුණ්‍ය ක්‍රියාවක් සිදුකරගත් භික්ෂූන් වහන්සේ නමක් මෙහි වැඩ සිටිනවානම් ඒ
උතුම් පින්කම වදාරන්නට මෙය අවස්ථාවක් බව වදාළ සේක.
එහිදී නාගිත මහ රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ වැඳ නමස්කාර කර දොහොත් මුදුන් දී
එකත් පසෙක වැඩ හිඳිමින් මෙම කඨිනාශංස දේශනාව වදාළ සේක.
බුදුරජාණන් වහන්ස, මා කළ කඨින මහා පුණ්‍ය ක්‍රියාවේ බලයෙන් ඉකුත් තිස් කල්පයක් තුළ
කවරදාකවත් සතර අපායකට නොවැටුණෙමි. කල්ප දහඅටක් දිව්‍ය ලෝකවල ද තිස් හතර වාරයක්
දෙව්ලොව ශක්‍ර දිව්‍ය රාජ්‍ය සම්පත් ද වින්දෙමි. මනුෂ්‍ය ලෝකයේ උපත ලැබූ සෑම
අවස්ථාවකදීම උසට ගැළපෙන මහතද, මහතට ගැළපෙන උස ද, ඒ දෙකටම ගැළපෙන පාට, පෙනුම සහ
වතුපිටි කුඹුරු ආදියෙන් අනූන මහා සම්පත් ඇති කාලවල පිළිගත් උසස් වංශවත් පරම්පරාවල
උපත ලදිමි.
ඉතිරිය»
|