ශ්‍රී දළදා සමිඳු තේවාවට මෙවර අස්ගිරි මහා නාහිමි
ඇසළ පුර පසළොස්වක පෝය දිනයෙන් පවත්වන ලද ශ්‍රී දළදා සමිඳු තේවාව මුර මාරුවෙන් තේවා
කටයුතු මෙවර අස්ගිරිය මහා විහාරයෙන් බාර ගැනීමෙන් පසු ශ්‍රී දළදා සමිඳු තේවාව භාරව
අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක
මාහිමිපාණන් වහන්සේ පත්ව සිටී. අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ සමඟ
අස්ගිරිය මහා විහාර කාරක මහා සංඝ සභාවේ කාරක සභික ශාස්ත්‍රවේදී කුඹුක් කඳන්වල
පුඤ්ඤරතන හිමි, අස්ගිරිය මහා විහාරවාසී හරංකහව ශ්‍රී සංඝානන්ද නියෝජ්‍ය
පරිවේණාධිපති ශාස්ත්‍රපති මැණික්හින්නේ රතනසාර හිමියෝ තේවාවෙහි නිරතව වැඩ සිටිති.
ඉතිරිය»
මහනුවර ඇසළ පෙරහර
මංගල්‍යයට කප් සිටුවීම 3වනදා
"ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සකස් කර දෙන සුබ මුහුර්තියකට අනුව ඒ
ඒ දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය සිදුකරනු ලබයි. වටතිර ඇද, උඩුවියන් බැඳ දේවාලය
ඉදිරිපිට මනාව සකසන ලද ස්ථානයක කප සිටුවීමත් සමඟ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වෙයි."
වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන්නේ සුභ
මුහුර්තියෙන් කප් සිටුවීමයි. මෙවර එම චාරිත්‍රය යෙදී තිබෙන්නේ අගෝස්තු මස
තුන්වනදාටය. අතීත ශ්‍රී විභූතිය එපරිද්දෙන්ම වත්මන් ශ්‍රී ලාංකික මෙන්ම ලොව නන්දෙස
ජනීජනයාට විද්‍යමාන කෙරෙන සම්ප්‍රදායික චාරිත්‍රයකි මහනුවර ඇසල මහා පෙරහැර
මංගල්‍යය. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට හා සතර මහා දෙවිවරුන්ට පූජෝපහාර පිණිස මෙන්ම
නිසි කලට වැසි ලැබී ගොවිතැන් කටයුතු සාර්ථක වී රට සෞභාග්‍යත්වයට පත්වේවා!යි
ප්‍රාර්ථනය කරමින් ඇසළ පෙරහර පවත්වන බව ඉතිහාස පුරාවෘත්තයන්හි දැක්වෙයි.
ඉතිරිය» ඇසළ සෙඳ් වස් එළඹීම
"වස් කාලය වස් වැසූ භික්ෂූන්ට විශේෂයි. තමාගේ ශක්ති ප්‍රමාණයෙන් බණ භාවනාදියෙහි
යෙදිය යුතුමය. මහණ දහම් පිරීමෙහි උත්සාහවත්වීම වැදගත්ය. සිල්වත්, ගුණවත්, යම්
භික්ෂුවක් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කරමින් වාසය කරන්නේ නම් ඒ ගමේ ජනතාවද තුන්
තැනකින් බොහෝ පින් රැස් කරගන්නා බව අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වේ. එම තුන්
ස්ථානය නම් කය, වචනය, සිත යනුයි."
වස් විසූ භික්ෂුවට සත්තාහ කරණයෙන් බැහැර යා හැකි අවස්ථා රැසක් මහාවග්ග පාලියේ වස්
සුපනායිකක්ධන්දකයෙහි දක්වා ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව: අප්‍රමාදය
දෙලොව
සැපයට හේතු වේ
මුලු තුන් ලොවක් මහා කරුණාවෙන් සනසා වදාළ අප ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන්
වහන්සේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් ධර්මානුකූලව සැපවත් කර ගන්නේ කෙසේද? යන වග
මෙම ගාථා ධර්මය තුළින් අපහට පැහැදිලි කර දුන් සේක. මෙම ගාථා ධර්මය ඇතුළත් වන්නේ
බෞද්ධයාගේ අත්පොත (ධම්මපදය) නම් ග්‍රන්ථයේ අප්පමාද වග්ගයේ හතර වෙනි ගාථාව කුම්භ
ඝෝෂක සිටාණන් අරභයා රජගහනුවර දීය.
ඉතිරිය» දස පාරමිතා
දානය, ශීලය, නෙක්ඛම්මය, පඤ්ඤා, විරිය, ඛන්ති,සච්ච, අධිට්ඨාන , මෙත්තා, උපෙක්ඛා යන
දස පාරමිතාවන් සපිරීමෙන් අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ උතුම් බුදුබව පසක් කරගත් සේක.
මේ දස පාරමිතාවන් පාරමී, උපපාරමී,පරමත්ථ පාරමී යනුවෙන් ත්‍රිවිධ වශයෙන් සමතිස්
පෙරුම් දම් සපුරණ ඕනෑම කෙනෙකුට උතුම් බුදු බව ලැබිය හැකිය. නිදසුනක් වශයෙන් දාන
පාරමී යනු ධන ධාන්‍ය වස්ත්‍රාභරණ ආදී ජීවිතයට අවශ්‍ය වන පරිදි ද්‍රව්‍ය පරිත්‍යාග
කිරීමයි. (තම අඹුදරුවන් හෝ තම සිරුරෙහි රුධිරය,වකුගඩු, ඇස්, හිස් ආදි ශාරිරීක අවයව
අනුන්ගේ යහපත සඳහා පරිත්‍යාග කෙරේ නම් එය දාන උපපාරමිතාව යි. )දාන පරමත්ථ පාරමී
යනුවෙන් අදහස් කරන්නේ තම ජීවිතයම පුදා අන් අයගේ යහපත සැලසීම යි. අප මහා
බෝධිසත්ත්වයන් වහන්සේ මේ ත්‍රිවිධ ආකාරයෙන්ම දාන පාරමිතාව සපිරූ බැවින් බුදු බවට
පත්වී වදාළ සේක.
ඉතිරිය»
|