UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර මෙවරත්

සිරි මහ බෝ සමිඳු සිරිලකට වැඩම කොට වසර 2320 ක් සපිරීමත්, රට වැසි සැමට සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් නව වසරට සෙත් පැතීමත්, ප්‍රථම රන් වැට ඉදිකොට වසර 43 ක් සපිරීමත් යන අරමුණු පෙරදැරිව වාර්ෂිකව පවත්වනු ලබන අසිරිමත් මහබෝ පෙරහර සහ මහ බෝ වන්දනාව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී මෙම මස 22 වැනි සෙනසුරාදා පස්වරු 1 සිට 6 දක්වා පැවැත්වේ.

ඉතිරිය»

ගත සිත සුවපත් කරන කාරුණික උපස්ථානය

යමකු ගිලනුන්ට උවටැන් කරයිද හෙතෙම තමන් වහන්සේට උපස්ථාන කළා හා සමානයි යන බුදුවදනෙන් ද අවධාරණය කරන්නේ රෝගියකුට උපස්ථාන කිරීම ගෞරවාන්විත හා සදාචාරාත්මක කාර්යයක් බවයි. එහිදී ඥාති බන්ධු මිත්‍රාදී හා ස්වකීය පරපුරේ යැයි සිතා තෝරාගත් රෝගී පිරිසකට පමණක් උපස්ථානය සීමා නොකළ යුතුය. තරාතිරම නොබලා දයාවෙන් පිරි සිතින් රෝගීන්ට උවටැන් කළ යුතු වන්නේ කවර හෝ මොහොතක තමන් ද රෝගියකු විය හැකි බැවිනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

හිත මිතුරු සොබාදම රුදුරු වන කරුණ කිම?

සුනාමි යන වචනය ඇසෙත්ම ඔබේ හදවත කම්පාවට, ත්‍රාසයට, භීතියට, දුකට, වේදනාවට පත්වෙනවා ඇති. කිසිවෙකු බලාපොරොත්තු නොවූ අනපේක්‍ෂිත මොහොතක මහ සයුර රුදුරු වුණා. වටිනා මිනිස් ජීවිත මෙන්ම ගේ දොර, ඉඩකඩම්, යානවාහන, මිල මුදල්, සතා සිව්පාවුන් මහ මුහුදට ඩැහැගෙන ගියා.අප නොසිතන දේවල් නොපතන දේවල් සිදු වෙන්නෙ එහෙමයි.

ඉතිරිය»

හොළොම්බුව ස්ත්‍රීපුර විහාරය

ස්වභාවධර්මයේ ප්‍රකෘත්තිමත් බවට අලංකාරයක් එක්කල අ‍ෙඬීවැඩියාවෙන් තොර වූ නිශ්කලංක පරිසරයක පිහිටි හොළොම්බුව ස්ත්‍රී පුරය ගල් ලෙන් විහාරය සිත් සතන් ඇඳ බැඳ ගැනීමට සමත් වෙයි. කොළඹ නුවර මාර්ගයේ 45 සැතැපුම් කණුව අසල ගලිගමුව නගරයෙන් දකුණට දිවෙන අරන්දර හරහා අවිස්සාවේල්ල මාර්ගයේ කි.මීටර් 6 ක් පමණ ගිය තැන දී පිටගල්දෙනිය මංසන්දිය හමුවෙයි.එතැනින් දකුණට හැරී තවත් සැතැපුම් 1 3/4ක් පමණ පැමිණි විට හොළොම්බුව මංසන්ධිය මුණ ගැසෙයි. එතැනින් පිටදෙණිය දැදිගම මාර්ගයේ සැතැපුම් 1/2ක් පමණ පැමිණි විට මෙම ස්ථානයට සමීප විය හැකි ය. ඉහැත්තෑවට නැඟෙන කඳු සහිත පරිසරයක වූ තැනිබිම ඉම කඳු ගැටයක් ආශ්‍රයේ ගල්ලෙන් විහාර මන්දිරය ගොඩ නැගී තිබෙයි.

ඉතිරිය»

කෑගල්ල ගලිගමුව කලංනායක පුරාණ සිරි සදහම් ආශ්‍රමයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපය ඡායාරූපය - ප්‍රියංජලා රාජකරුණා

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 19 වැනි දා බදාදා අපරභාග 10.40 ට ලබයි.
20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 20 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 27 වැනිදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]