තෘෂ්ණාව ඉක්මවාගිය
මසුරුකම
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
මුගලන් මහ රහතන් වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාර්යය බල මහිමය හරිම
අසිරිමත්ය. මසුරු බවින් පිරි සිටුවරයාගේ මසුරුකම
තුනී නොවුණත් සිතෙහි වෙහෙස වැඩි විය. සිතෙහි වෙහෙස වැඩිකම නිසාම ආහාර
රුචියද අතුරුදහන් විය. තමා කරනු ලබන
මෙම නිශ්ඵල ක්‍රියාව පිළිබඳ හැඟීම විසින් හෙම්බත් විය. මේ සියල්ල
පිළිබඳව මනා අවබෝධයකින් කිසිවක් නොදන්නා ලෙස වැඩහුන්
මහරහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට
බාරදුන් කාර්යය පමණක් මැනවින් ඉටු කළහ
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන සමයෙහි දී රජගහ නුවර එක්තරා
ධනවත් සිටුවරයෙක් විසීය. ඔහුගේ නම ‘කෝසිය’ නම් විය. තද මසුරුකම් සහිත
නිසාම එම සිටුවරයා ‘මච්චරිය කෝසිය’ යනුවෙන් ප්‍රසිද්ධ විය. සිටුවරයෙක්
යනු නිධන් ගත මහත් ධනයක් ඇති තැනැත්තෙකි. කොපමණ ධනය තිබුණත් මනසෙහි
පවතින දැඩි ලෝභී හැඟීම නිසා එම ධනය විය පැහැදම් කොට කෑම් බීම් ආදිය
කෑමවත්, වෙන කෙනෙකුට දීමවත් ඔහු කළේ නැත. එනිසාම ඔහු සතු ධනය, රකුසෙක්
අරක්ගත් විලක් බඳු විය.
සිටාණෝ දිනක් අතර මඟදී ගම්වැසි දුප්පත් මනුෂ්‍යයෙකු කිරි රොටියක් හරි
සතුටෙන් අනුභව කරනු දැක තමාට ද එසේ එබදු ආහාරයක් ගන්නට ඇත්නම් යැයි
සිතක් පහළ විය. කෑමට ආශාවක් ඇතිවුණත් මෙබඳු ආහාරයක් නිවසෙහි හදන්නට
යාමේ දී තමාට පමණක් එම ආහාරය හැදීම කළ නොහැකි වෙයි. එයට හේතුව සිටු
බිරිඳ ඇතුළු තවත් පිරිස සිටු මැදුරෙහි සිටින නිසා ය. හිතේ ඇති වූ ආශාවද
කෙමෙන් කෙමෙන් දලු ලා වැඩෙයි. මසුරු බව නිසා විය පැහැදම් කිරීමට ඇති
අකැමැත්ත ද, එම සිතිවිල්ල හා ගැටෙයි. ආශාව නිසා මෙය කරන්නේ කෙසේද
යනුවෙන් සිතමින් කල්පනා කර කර සිටින සිටුවරයා සිය නිවස තුළම නොසතුටට
පත් විය. අසන්තෝෂය වැඩි විය. හුදකලාව කල්පනා කර කර කල්මරන්නට පුරුදු
විය.
සිටුවරයා තුළ ඇතිවුන මේ වෙනස හරි ඉක්මනින් වටහාගත්තේ සිටු බිරිඳයි.
කුමක් හෝ බරපතළ ගැටලුවක් තම සැමියාට පවතින බව ඇය වටහා ගත්තා ය. නමුත්
ගැටලුව කුමක්දැයි යන්න හරිහැටි ඇය නොදත්තා ය. එනිසාම ඇය නිදහස් වේලාවක
සැමියාගෙන් මෙයට හේතුව විචාළාය. සිටුතුමා තමන්ගේ සිතෙහි මෙපමණ කලක්
රිදුම් දුන් අදහස සිටු බිරිඳට සෙමෙන් පැහැදිලි කළේ ය. සිටු බිරිඳගේ
අදහස අනුව දෙදෙනාම කැමැති වී අනෙක් සියලු දෙනාට හොර රහසේ සිටුවරයාගේ
අදහස මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කරනු ලැබීය. ඒ අනුව සිය මහල්
නිවසෙහි මතු මහලෙහි ලිපක් බැඳ දෙදෙනා පමණක් එකතු වී කිරි රොටී පිස
අනුභව කිරීමට සැළසුම් කොට කටයුතු ආරම්භ කළේ ය.
“මච්චරිය කෝසිය” සිටුවරයා තුළ පවතින අධික මසුරු බව නිසා දෙදෙනා පමණක්
එක් වී කරනු ලබන මෙම ක්‍රියාව දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ මසුරු
බව තිබුණත් සිටුවරයාට සෝවාන් ඵලයට පත්වීමේ වාසනා මහිමයද පවතින බව බුදු
නුවණින් දැක මහ මුගලන් මහ රහතන් වහන්සේ අමතා සිටුවරයාත්, බිරිඳත් කැටුව
එන ලෙස වදාළහ. සාමාන්‍යයෙන් මෙබඳු වර්ගයේ බරපතළ ගැටලු විසැඳීම සඳහා
බුදුරජාණන් වහන්සේ බාර දෙන්නේ මහ මුගලන් මහරහතන් වහන්සේට ය. නන්දෝපනන්ද
නාගරාජයා දමනය කිරීම බාරදුන්නේද උන්වහන්සේට ම ය.
බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු ඇණවීම පිළිගත් මහ මුගලන් මහ රහතන් වහන්සේ
සිටුවරයා පිළිබඳ සිද්ධිය මැනවින් අධ්‍යයනය කොට බුදුරජාණන් වහන්සේට වැඳ
අවසර ගෙන පන්සලින් පිටත් විය. ටික දුරක් පයින් වැඩම කළ මහරහතන් වහන්සේ
උඩු මහලේ සිටින දෙදෙනාට හමුවීම සඳහා පයින්ම වැඩම කිරීමෙන් ලැබෙන පල
ප්‍රයෝජන අඩු බව වටහාගත්හ. සෘද්ධි ප්‍රාතිහාර්යය දැක්වීමේ අගතනතුරු
ලැබූ උන්වහන්සේ සෘද්ධියෙන්ම සිටු මාලිගාව අසලට වැඩම කළහ. උඩුමහලේ කිරි
රොටී පිසිමින් සිටින අඹු සැමි දෙපළටම පෙනෙන පරිදි ගැවසෙති. මහ පොළොවෙහි
ඇවිදින්නාක් මෙන් සක්මන් කරන්නට වන්හ.
‘මච්වරිය කෝසිය’ සිටුවරයාටත් බිරිඳටත් මුගලන් මහ රහතන් වහන්සේ දකින විට
සිතත් අවුල් විය. කොයි කාටත් රහසින්ම ආරම්භ කළ ක්‍රියාව මේ වන විටත්
රහසක් නොවී ඇති බව වැටහී ගියේ ය. පුංචි රොටියක් පුදා හෝ ස්වාමීන්
වහන්සේ මෙතනින් ඉක්මනින් ඉවත් කිරීම යෙහෙකැයි කල්පනා විය. නමුත් මුගලන්
මහරහතන් වහන්සේ වැඩම කොට තිබුණේ පුංචි කිරි රොටියක් පිණ්ඩපාතයට පිළිගෙන
ආපසු වැඩම කිරීමට නොවන බව ඔවුහු නොදත්හ. පුංචි ආහාරයක් පුදන්නට යාමෙන්
සිදු වූයේ අනෙකකි. තමන් පුදන්නට යන පුංචි කිරි රොටිය ඔවුනට පෙනුනේ
අනෙක් ඒවාට වඩා විශාල වී ඇති බවය. මසුරකුගේ සිතෙහි ඇතිවන සිතිවිල්ල
එබඳු ය. සාමාන්‍යයෙන් එබඳු පුද්ගලයකුට දැනෙන්නේ දෙන්නට යන කුඩා දෙය
විශාල ලෙස ය. තමන් ගනු ලබන විශාල දෙය වුවත් කුඩා දෙය ලෙසය.
මච්චරිය කෝසිය සිටුවරයාටද දැනුනේ එපරිදිමය. අනතුරුව ඔහු කල්පනා කරනු
ලැබුවේ ඊටත් වඩා කුඩා එකක් මහ මුගලන් මහ රහතන් වහන්සේට පූජා කිරීමට හදා
නිමකොට තිබූ කිරි රොටී සියල්ල එකක් වගේ පෙනෙන්නට පටන් ගත්තේ මින්
පසුවය. එබඳු තත්ත්වයකට එම අවස්ථාව පත්වූයේ මහ මුගලන් මහ රහතන් වහන්සේගේ
සෘද්ධි ප්‍රාතිහාර්යෙන් බව කිරි රොටියක් පුදනු වෙනුවට පිහියකින් කපාගත්
පුංචි රොටී කැබැල්ලක් පිදුවා නම් යෙහෙකැයිද සිටුවරයාට කල්පනා විය. ඒත්
එයද වැළකී ගියේ ය.
මුගලන් මහ රහතන් වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාර්යය බල මහිමය හරිම
අසිරිමත්ය. මසුරු බවින් පිරි සිටුවරයාගේ මසුරුකම තුනී නොවුණත් සිතෙහි
වෙහෙස වැඩි විය. සිතෙහි වෙහෙස වැඩිකම නිසාම ආහාර රුචියද අතුරුදහන් විය.
තමා කරනු ලබන මෙම නිශ්ඵල ක්‍රියාව පිළිබඳ හැඟීම විසින් හෙම්බත් විය. මේ
සියල්ල පිළිබඳව මනා අවබෝධයකින් කිසිවක් නොදන්නා ලෙස වැඩහුන් මහරහතන්
වහන්සේ, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට බාරදුන් කාර්යය පමණක් මැනවින්
ඉටු කළහ. එතෙක් සාදා නිම කොට තිබුණු ආහාරද, දෙදෙනාද කැටුව බුදුරජාණන්
වහන්සේ හමුවීමට එක්සිය අසූ ගව්වක් මඟ ගෙවා දෙව්රම් වෙහෙරට වැඩම කළහ.
බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සිටුවරයාද, සිටු බිසවද බොහෝ පැහැදුනහ.
සිටුවරයා සෝවාන් විය.මේ සිද්ධිය ප්‍රදේශය පුරා ඉතා ඉක්මනින් පැතිර ගියේ
ය. මුගලන් මහ රහතන් වහන්සේ සතු සෘධිය ප්‍රතිහාර්යයේ බල මහිමය ප්‍රදේශය
පුරා රැව් පිළිරැව් දෙන්නට විය.
හැන්දෑවේ දම්සභා මණ්ඩපයේ දී ද මෙම කතා බහ භික්‍ෂූන් අතර ඇතිවන්නට විය.
තමන් වහන්සේ දම් සභා මණ්ඩපයට වැඩම වීමට කලියෙන් කෙබඳු කතාවක නිරත වී
සිටියේ දැයි ඇසූ කල භික්‍ෂූන් වහන්සේලා ප්‍රකාශ කරනු ලැබුයේ අද දවසේ
මුගලන් මහරහතන් වහන්සේ කළ මහා ප්‍රාතිහාර්යය පිළිබඳව බවයි. බුදුරජාණන්
වහන්සේ එම අවස්ථාවේ දී උපමාවක් සහිත බණ පදයක් පැහැදිලි කරනු ලැබූහ.
උපමාව නම් බමරා වර්ණවත් වූ මල නොතළා පැණි උරාබීමය. බණ පදය නම්, ගමෙහි
හැසිරෙන භික්‍ෂුවද එපරිද්දෙන්ම ගමෙහි හැසිරෙන බවය.
සටහන
හේමමාලා රන්දුනු |