UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික ඇඹරැල්ල රජ මහා විහාරය

ඓතිහාසික ඇඹරැල්ල රජ මහා විහාරය

වසර දෙදහසකට අධික ඉතිහාසයක් ඇති ඇඹරැල්ල රජමහා විහාරය මෙරට ශේෂව පවත්නා ඉතා වටිනා ඓතිහාසික සිද්ධස්ථානයකි. ගලේවෙල සිට කලාවැව මාර්ගයේ සැතැපුම් 15 ක් පමණ දුරගෙවා ගිය විට මෙම ඓතිහාසික පුදබිම හමුවේ. ඉතිහාසයේ විවිධ වකවානුවලදී දිවයිනේ වෙනත් බෞද්ධ සිද්ධස්ථානයන්ට සිදුවූ ආකාරයේ විනාශයන්ට මෙම ස්ථානයද ගොදුරු වී ඇත.

එහෙත් ඉපැරැණි නටබුන් තවමත් මෙම විහාර පරිශ්‍රයෙහි දක්නට තිබේ. එම නටබුන් අතර ප්‍රතිමා, සෙල්ලිපි, ගල්කණු සහ ශෛලාසන ද දක්නට ඇත. මේ සියල්ල දැනට වනයෙන් වැසීගොස් තිබේ.


විහාරාධිපති
 හිඟුරුවැවේ පියරතන හිමි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානය කේන්ද්‍රකර ගවේෂණයක් සිදුකරනු ලැබුවහොත් ඉතා වටිනා ඓතිහාසික තොරතුරු රැසක් තවදුරටත් අනාවරණය කර ගැනීමට හැකිවනවා පමණක් නොව එමඟින් ඉතිහාසයේ මෙතෙක් පැවැති ගමන් මඟ වෙනස්වීමට ද ඉඩ ඇති බව ඇතැම් උගතුන්ගේ මතය වී ඇත.

මෙහි ඇති, දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද චෛත්‍ය ගරාවැටි තිබූ අතර එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සංරක්‍ෂණය කරනු ලැබ තිබේ. තවද උසම ටැම්පිට විහාරය ඉදිකර ඇත්තේ ද මෙම විහාර භූමියේ ය. මහනුවර යුගයේ ප්‍රාදේශීය පාලකයකු විසින් මෙය කරවන ලදැයි සැලකේ. එමෙන්ම වසර දෙසියයක් පමණ පැරැණි ධර්ම ශාලාවක්ද මෙහි තවමත් නිරුපද්‍රිතව දක්නට තිබේ.

මේ අතර මෙම ස්ථානය වරින් වර නිදන් සොරුන්ගේ ග්‍රහණයට හසුව ඇති බැවින් දැනට මෙහි පොලිස් ආරක්‍ෂාව යෙදවීමට ද සිදුව ඇතැයි විහාරාධිපති හිඟුරුවැවේ පියරතන හිමියෝ පවසති.

උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ ඇඹරැල්ල රජමහා විහාර භූමියේ සිදු කෙරෙන පුරාවිද්‍යාත්මක සංරක්‍ෂණ කටයුතුවලදී එහි ඓතිහාසික වටිනාකම වඩාලාත් රැකෙන පරිදි ක්‍රියාකිරීම සුදුසු බවයි. එය අනාගත පරපුර වෙනුවෙන් මෙපින්බිම රැක ගැනීමේ දී අප සතු මහඟු යුතුකමද වේ.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 19 වැනි දා බදාදා අපරභාග 10.40 ට ලබයි.
20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 20 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 27 වැනිදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]