UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සකු බසෙන් ප්‍රකට වන බොදු අදහස්

සකු බසෙන් ප්‍රකට වන බොදු අදහස්

පිරිවෙන්හි සංස්කෘත භාෂාව අධ්‍යයනයෙහි යෙදෙන ඕනෑම කෙනකුට, එම භාෂාව හදාරන විට තම ප්‍රඥාව, තාර්කික බව ආදි හැකියාවන් වැඩෙන බව වටහාගත හැකිය. එතරම්ම එම බස අර්ථ පූර්ණය. සංස්කෘත සාහිත්‍යයේ ඇතැම් අදහස් අධ්‍යාත්මික වටිනාකමකින්ද යුක්තය. එයට උදාහරණ ඕනෑතරම් සංස්කෘත ශතක සාහිත්‍යය තුළින්ද දැක ගත හැකිය.

සංස්කෘත යනු ලොව ඉතා රමණීය භාෂාවක් බව එම බස අධ්‍යයනය කරන්නන්ට අවබෝධ වේ. එයට හේතුව වන්නේ එම භාෂාව ඒ තරමටම අලංකාර උපදෙස් හා කියමන් තුළින් පරිපූර්ණ වී තිබීමය. එසේම බොහෝ දක්‍ෂ පඬිවරුන් විසින් එම භාෂාව පෝෂණය කරනු ලැබ තිබෙන නිසාය.

සංස්කෘත භාෂාවේ ඇති ජීවමාන ගති ලක්‍ෂණ දැනෙන්නේ එය අධ්‍යයනය කරන්නන් ටය. අස්ව ඝෝස හිමියන් විසින් රචිත බුද්ධචරිතය සහ සවුන්දරානන්දය යන ග්‍රන්ථ තුළින් ඒ බව මොනවට පැහැදිලි වේ. එසේම සංස්කෘත භාෂාව පෝෂණය කළ තවත් පඬිවරයෙකි කාලිදාස. හෙතෙම සංස්කෘත භාෂාවට විශාල ඇල්මක් දැක්වූ පඬිවරයෙකි. ඔහුගේ ග්‍රන්ථ තුළින් බෞද්ධ අදහස් මතුවූ අවස්ථාද බොහෝය.

පිරිවෙන්හි සංස්කෘත භාෂාව අධ්‍යයනයෙහි යෙදෙන ඕනෑම කෙනකුට, එම භාෂාව හදාරන විට තම ප්‍රඥාව, තාර්කික බව ආදි හැකියාවන් වැඩෙන බව වටහාගත හැකිය. එතරම්ම එම බස අර්ථ පූර්ණය. සංස්කෘත සාහිත්‍යයේ ඇතැම් අදහස් අධ්‍යාත්මික වටිනාකමකින්ද යුක්තය. එයට උදාහරණ ඕනෑතරම් සංස්කෘත ශතක සාහිත්‍යය තුළින්ද දැක ගත හැකිය. ප්‍රත්‍ය ශතකයේ එන පළමුවෙනි ශ්ලෝකය එයට කදිම නිදසුනකි.

අක්‍රෝධමාරෝග්‍ය ජිතෙද්‍රියත්වං
දයාක්ෂමා සර්ව ජනපි‍්‍රයත්වං
නිර්ලෝභී ධාතා භයශෝක මුත්තිර්
ඥානප්‍රභේදා දසලක්ෂනානි

ඉහත ශ්ලෝකයෙන් පෙන්වා දෙන වචනාර්ථ මෙසේ ගනිමු. අක්‍රෝධ යනු ක්‍රෝධ නොකිරීමයි. ආරෝග්‍ය- නිරෝගී බවයි. ජිතෙද්‍රියත්වං – දිනන ලද ඉඳුරන් ඇති බවයි. දයාක්ෂමා - දයාව හා ඉවසීමයි. ජනපි‍්‍රයත්වං-පි‍්‍රය මනාප බවය. නිර්ලෝභී - ලෝභ නැතිකමයි. ධාතා- දෙනසුළු බවයි. භය- අපහට ඇතිවන ශෝකය, වැළැපීම හා හැඬීමයි. මුත්තිර්- මිදීමයි.

ඉහත ශ්ලෝකයෙන් මතුකරන අදහස් බුදුදහමෙහි පෙන්වාදෙන කරුණුවලට සමානකමක් දක්වයි. මේ තුළ අධ්‍යාත්මික රස භාවයන්ද ඉස්මතුකර ඇත. ඉඳුරන්ගේ සංවරකම බුදුදහම ගැඹුරින් සාකච්ඡා කරන අතර සංස්කෘත ප¼ඩිවරුන්ද මෙම අදහස්ම ප්‍රකට කොට ඇත. ඉහත ශ්ලෝකයෙන් පෙන්වා දෙන කරුණූ දහයම ලෞකික ලෝකෝත්තර ජීවිතයට ඉතා ප්‍රයෝජනවත්ය.

ප්‍රත්‍ය ශතකයේ එන පහත ශ්ලෝකය දානය පිළිබඳ අදහස් ප්‍රකට කරයි.

යෝ ජනං භේරි ශද්ධන්ච
මේඝ ශධ්ධංච ද්වාදස
දානාදි ධර්ම ශද්ධංච
තෛ‍්‍ර ලෝක්‍ය සනරාමරං

ඉහත සඳහන් ශ්ලෝකයෙන් දෙන අදහස නම් “බෙර හඬ යොදුනක් ඈතට ඇසේ. වලාකුළු හඬ (අකුණු හඬ) දොළොස් යොදුනක් ඈතට ඇසේ. දන්දීම් ආදි දහම් හඬ තුන් ලෝකයටම ඇසේ”යන්නයි. ඒ අනුව එයින්ද පෙන්වා දෙන්නේ බෞද්ධ අධ්‍යාත්මික රසයකි. එය ඉතා වටිනා දහම් පණිවිඩයක් කියාපාන්නකි.

සංස්කෘත භාෂාවේ ඉතිහාසය බුද්ධකාලයට පෙර අතීතය දක්වා දිවෙන්නකි. පශ්චාත් කාලීන ප¼ඩිවරුන් තම භාෂා කෞශල්‍ය දියුණුකර ගැනීමට බුදුදහමෙන් අදහස් ලබාගත්තාදෝයි අදහසක් මතුවේ. අස්ව ඝෝස හිමියන්ගේ භාෂාව සංස්කෘත වුවද එහිමියන්ගේ ග්‍රන්ථ පෝෂණය වූයේ බෞද්ධ අදහස් තුළින්ය. එසේම අසංග, වසුබන්ධු සහ දන්ඩි වැනි පඬිවරුන්ගේ ග්‍රන්ථවලද බෞද්ධ අදහස් දක්නට ලැබේ.

චලිහිර් මුඛ මක්‍රාක්තං
පලිතං රංජිතං සිරං
ගත්‍රානි සිතිලායන්තෙ
තෘෂ්ණයිකා තරුණායතෙ

මිනිසා වයසට යත්ම ශරීරයට වන විපර්යාස පෙන්වා දෙන ව්‍යවාසකාර පඬිවරයා, වයසට යන විට මුහුණ රැලි වැටෙන බවත් හිස පැහෙන බවත් ශරීරය සීතල වන බවත් කියා සිටියි. එනමුත් තෘෂ්ණාව වනාහි තරුණයකු සේ පවතින්නේ යැයි පඬිවරයා පවසයි. බුදුදහමෙන් පෙන්වා දෙන්නේද තෘෂ්ණාව නිසා දුක හටගන්නා බවයි. තෘෂ්ණාව ප්‍රහීන කළ යුතු බව ඉහත සංස්කෘත ශ්ලෝකයෙන්ද ව්‍යංගාර්ථයෙන් පෙන්වා දෙයි. එබඳු බෞද්ධ මුහුණුවරක් ගත් ශ්ලෝක බොහෝ සෙයින් පෙන්වා දීමට හැකිය. ඒ අනුව ගෞතම බුදුදහමෙන් විහිදෙන අධ්‍යාත්මික ගුණ සුවඳ ඇතැම් සංස්කෘත ප¼ඬිවරුන්ගේ අදහස් තුළින්ද ප්‍රකට වන බව පෙනී යන කරුණකි.

සුකස්සනන්තරං දුක්ඛං
දුක්ඛස්සානන්තරං සුඛං
චක්‍රවත් පරිවර්තනන්තෙ
දුක්ඛාන්ච සුඛානිච (පංචතන්ත්‍රය)

ඉහත ශ්ලෝකයෙන් කියැවෙන්නේ දුක, සැප දෙක රියසක ලෙස පෙරැළෙන බවයි. එයින් අටලෝදහම පිළිබඳ යම් ප්‍රමාණයක සංඥාවක් අපහට ලබා ගත හැකිය. එම ලෝක ධර්මතාව කාටත් පොදුය.

මනෝ ධාවති සර්වත්‍ර
මධෝන්මත්ථ ගජේන්ද්‍රවඞ
ඤාණංකුසේන කර්තව්‍යං
තශ්‍ය නිශ්චලිතං මනඞ

මේ ශ්ලෝකය දෙස බැලූකල එය ධම්මපදයේ යමක වග්ගයේ ‘මනෝ පුබ්බංගමා ධම්මා’ යන ගාථාවෙහි අදහස සම¼ඟ යම් සබඳකමක් පෙන්වන බව දැකිය හැකිය. ශ්ලෝකයේ තේරුම වන්නේ, ‘මනැස සැම තැනම දුවයි. ඒ මත් වු හස්තිරාජයකු සේය. ඥානය යොදවා ඔහු නිහඬ කළ යුතුය’ යන්නයි. මනැස යනු හොඳ නරක දෙකම සිතන ස්ථානයයි. හොඳ දේ සිතුවහොත් හොඳය. නරක දෙය සිතන්නට සුදුසු නොවේ. නරක සිත මෙල්ල කළ යුතු බව මෙයින් පෙන්වා දෙයි. සියලු දේ සිත මූලික කරගෙන සිදුවන බව කියා සිටී.

මස්‍යස්ස ජල මිච්ඡන්ති
ධන මිච්ඡන්ති වාණිජා
නීචා කලහ මිච්ඡන්ති
ධර්ම මිච්ඡන්ති පණ්ඩිතා

ප්‍රත්‍ය ශතක කතුවරයාගේ ඉහත ශ්ලෝකයේ අදහස ‘මාළුවා ජලයට කැමැති වෙයි. වෙළෙන්දා ධනයට කැමැතිවෙයි. අධමයා සණ්ඩුවට කැමැති වෙයි. පණ්ඩිතයා ධර්මයට කැමැති වෙයි’ යන්නයි. එම ශ්ලෝකය අර්ථ රසයෙන්ද ශබ්ද රසයෙන්ද අනූන දහම් පණිවිඩයක් ලබා දෙයි. බුදුදහම වනාහි පණ්ඩිතවේදනීය දහමකි. එය දුශ්ප්‍රාඥයන් සඳහා නොවන්නකි. එයම නොවේද මේ ශ්ලෝකයෙන් කියැවෙන්නේ ?

ඉහත සඳහන් ආකාරයට බොහෝ සංස්කෘත ග්‍රන්ථ තුළින් බුදුදහමේ අන්තර්ගත කරුණූ දැනගත හැකිය. එම භාෂාව නුවණැස දියුණු කරගැනීමට හා දෙලොව දියුණුවට මහෝපකාරි වෙයි.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 19 වැනි දා බදාදා අපරභාග 10.40 ට ලබයි.
20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 20 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 27 වැනිදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]