මෝහයෙන්
හට ගන්නා
අනුවණකම
පිළියන්දල සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ අනුශාසක
පිටිගල ගුණරතන හිමි
හටගත්ත හැම ධර්මයක්ම වෙනස්වීමක්, විපරිනාමයක්, විනාශයක්, ස්වභාවයක් තුළ
පවතිනවා.හටගත් ධර්ම මොනවාද කියල හොයන තැන දී ඔබට පුළුවන්
ඔබට දැනෙන හසුවෙන
ප්‍රමාණයෙන් පටන් ගන්න. තමන්ගේ නුවණ ප්‍රමාණයෙන් පටන් ගන්න. එහි
පරමාර්ථය එහි ගැඹුර ඉතා වැඩි විය හැකියි. එහෙත් ඔබේ
ප්‍රමාණයට ඔබට සුදුසු
තැනකින් පටන් ගත හැකියි
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්නේ මහා කරුණාවකින් ලෝක වාසී
සත්ත්වයාට පිහිට වෙන්න. දුක් විඳින ලෝක සත්වයා ඒ දුක් විඳිනලෝකයෙන්,
සංසාර දුකින් එතෙර කරවන්නයි. අප තවමත් මේ සංසාරයේ ගමන් කරන්නේ කළ්‍යාණ
මිත්‍රයෙක්, සත්පුරුෂයෙක් මුණ ගැසුන හැම වෙලාවේදීම අප සුදුසුකම්
සපුරාගෙන නො සිටිය නිසයි. ඒ දුර්ලභ හමුවීමෙන් අප ප්‍රයෝජනය ගෙන නැහැ.
මේ ජීවිතයේදීත් ඒ අවස්ථාව අහිමිකර ගත්තොත් නැවත නැවතත් දීර්ඝ සංසාරයේ
යාමට ඔබට මට සිදුවේවි.
තථාගතයන් වහන්සේ මනුස්සයකු ලෙස ලොව ඉපදී දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ
රජවරුන් ආදී සියලුම දෙනාගේ වැඳුම් පිදුම් ලබන ඒ උත්තරීතර භාවයට
පත්වූණා. උන්වහන්සේ ගුරු උපදේශ රහිතව සසර දුකින් එතෙර වන මාර්ගය සොයා
ගත්තා. ඒ මාර්ගය ඉතා ගැඹුරුයි.
උන්වහන්සේ වදාළ ඒ ධර්මයේ සංඛත සහ අසංඛත කියා ධර්මතා දෙකක් ලෝක
සත්ත්වයාට කියාදී තිබෙනවා. සංඛත කියා කියන්නේ නිර්වාන ධාතුවට යි. අසංඛත
කියන්නේ සංඛතයක් නොවන දෙයකටයි. යම් හේතුවකින් ප්‍රත්‍යකින් හට ගත්තා
නම් එයටයි. හේතූන්ගේ, ප්‍රත්‍යයන්ගේ එකතුවක් නැතුව යමක් වේනම් එයට
කියනවා ‘අසංඛතය’ කියලා. ‘සංඛතය’ හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නේ ඒ
හේතුව ඒ ප්‍රත්‍යය වෙනස් වෙනකොට ඒ හට ගන්න ධර්මය වෙනස්වීමකට
විපරිනාමයකට පත්වෙන්න ඕන. සංඛත ධර්මයන්ගේ ලක්ෂණ අප අහල කියවල තිබෙනවා
ඇතිවීමක් සහ වැනසීමක් තිබෙන බව. තිබූ ආකාරයෙන් අන්‍ය ස්වභාවයේ
වෙනස්වීමක් සිදුවෙනවා. මේ තමා සංඛත ධර්මයන්ගේ සම්මත හා පරමාර්ථ ලක්ෂණ.
හටගත්ත හැම ධර්මයක්ම වෙනස්වීමක්, විපරිනාමයක්, විනාශයක්, ස්වභාවයක් තුළ
පවතිනවා.
හටගත් ධර්ම මොනවාද කියල හොයන තැන දී ඔබට පුළුවන් ඔබට දැනෙන හසුවෙන
ප්‍රමාණයෙන් පටන් ගන්න. තමන්ගේ නුවණ ප්‍රමාණයෙන් පටන් ගන්න. එහි
පරමාර්ථය එහි ගැඹුර ඉතා වැඩි විය හැකියි. එහෙත් ඔබේ ප්‍රමාණයට ඔබට
සුදුසු තැනකින් පටන් ගත හැකියි. ඒ සඳහා අප ඉතාමත් තදින් එල්ලිලා බැඳිලා
තියෙන තැන පිළිබඳව විමසන්න ඕන. කොතැනින් හෝ පටන් ගැනීමයි වැදගත් වන්නේ.
සම්මත ලෝකය තුළ දී දිරන්නේ, නැතිත් මැරෙන්නේ, නැතිත් යමක් තිබෙනවාද
කියා හොඳට හිතන්න. අම්ම, තාත්තා, දුව, පුතා, ස්වාමියා, බිරිඳ කියා
පි‍්‍ර‍්‍රයමනාප තැන්, සොඳුරු තැන් තිබෙනවා. නමුත් සොඳුරු ලෙස පෙනෙන ඒ
තැන්වල පවා ජරා මරණය ක්‍රියාත්මක යි. ඒ සොඳුරු දේ පවා මේ ධර්මතාවයට
යටයි.
ඔබ හොඳින් ඔබ දෙස බලන්න. ඔබට කුමක්ද වෙන්නේ. ඔබද ජරා මරණයට යටයි. ජරා
මරණයේ ස්වභාවය කොට පවතිනවා. දැන් ඔබට වැටහෙනවා ජරා මරණයෙන් වෙන් වූ
කිසිවක් මේ ලෝ ධාතුව තුළ නැහැ. දැන් මේ ආරම්භය යි. සම්මත අවස්ථාවෙනුත්
අපට පටන් ගන්න පුළුවන්.
අපි උදාහරණයක් බලමු. ඔබ හිතන්න ඔබට හමුවෙනවා ලස්සනට පිපුණ සුවඳ හමන
කුසුමක්. දැන් එය ඇසට ගැටුණු සොඳුරු අරමුණ ඈත සිට විඳින්න. විඳල
සතුටුවෙන්න ඔබට පුළුවන්කමක් නැහැ. එයින් සෑහීමකට පත්වෙන්න බැහැ. ඔබට ඒ
ඈතින් දුටු දේ ළඟට ගිහින් බලන්න හිතෙනවා. ඔබ ළඟට යනවා. ළඟට ගිහින් බලා
සතුටුවෙලා සෑහීමකට පත් වෙන්නෙත් නැහැ. ඔබට හිතෙනවා ඒක අල්ලලා බලන්න.
අල්ලල බැලුවාම දැන් ඇති කියලා හිතන්නේ නැහැ. හිතෙනවා ඉඹල බලන්න. මලේ
සුවඳ සිප ගන්නවා. ඇසට පි‍්‍රයමනාප වූ අතට සිනිදු පහසක් ලැබුණා. නාසයට
හොඳ සුවඳක් දැනුනාම මේ නම, හඬ පවා මිහිරියි. දැන් ඔබට පි‍්‍රය මධුර
අරමුණක් ලැබිලා ඇහැට, අතට, නාසයට, කයට, සිතට සොඳුරු අරමුණු ලැබිලා.
ඔබට ලැබුණ සොඳුරු අරමුණෙන් ඔබ සතුටු වෙනවා. මේ සතුටුවෙන අරමුණ තව ටික
වෙලාවක් යනකොට ඒ සොඳුරු බව ක්‍රම ක්‍රමයෙන් ගිලිහි යනවා. ටික වෙලාවකින්
ඔබට පේනවා මල දුර්වර්ණ වෙලා මලේ ස්වභාවය වෙනස් වෙන ආකාරය. පෙති මිලාන
වෙනවා. තව ටික වෙලාවකින් ඒ මල මැලවිලා, පරවෙලා ඒ මල මහ පොලොව සිප
ගන්නවා. දැන් ඔබට සොඳුරු අරමුණක් තිබුණා. ඒ අරමුණු ඔබ ගෙනවිත් නතර කෙළේ
කොතැන ද? සොඳුරු බවින් දුටු දේ තුළ තිබුණා දිරායාම. මරණයක් තිබුණා.
මරණය සත්ත්වයකුගේ ස්වභාවයෙන් දකින්න එපා. එය ධර්මතාවයක්. මලටත්
තිබුණේ, මරණයත් සමඟ නිමාවක්.
දැන් බලන්න අපටත් මේ ජරා මරණය කියන ධර්මතාව මල තුළ දකින්නේ නැහැ. අපි
දකින්නේ සොඳුරු බවක්. ඒ සොඳුරු බව මත නතර වුණාම අපට හිතෙනවා මටත්
ඇත්නම් මෙවැනි මලක්, මල් ඉත්තක්, හෝ මල් ගහක් කියලා. අන්සතු දේ තමන්
සතු වේවා කියලා සිතෙනවා.
ඉල්ලලා නො ලැබුණ තැන, කැමැති දේ නො ලැබුණ තැන ඔබ තුළ හට ගන්නේ ද්වේෂය
යි. ඊළඟට ඒ ලෝභය යි, දේවේෂය යි එකතු වූ තැන මෝහය යෙදනවාම යි. තවදුරටත්
ඇතිවන්නේ අනුවණකම. හොඳින් හෝ නරකින් මම මේක ගන්නවා කියන අදහස ඇතිවන විට
එතැන මෝහය අනුවණකම තියෙනවා.
දැන් මේ පැලය සොරකම් කරගන්න හිතුවොත් ඔබ කාය කර්මයට යනවා. සොරකමට යන
විට හසුවෙන්න ගියොත් ගහල මරල හරි පැනල යන්න ඕන. ඝාතනයක් සිදුවෙන්න
පුළුවන්. ඝාතනයක් සිදුුවුනාම ඒකේ ඇත්ත හෙලි කරන්න බැහැ. ඒක සඟව ගන්න
ඕන. ඒක එළිවෙයි කියා දැනුනොත් ඒ පුද්ගලයන්ට රළු නපුරු වචනයෙන් කථා
කරන්න සිදුවෙනවා. නොයෙක් දේ බොරු වශයෙන් කථා කරන්න පුළුවන්. නොයෙක් දේ
බොරු වශයෙන් කියල එය සඟව ගන්න පුළුවන්. මේ විදිහට සොඳුරු ලෙස දැක ඒ
අරමුණු පිළිබඳව බැඳුණ නිසා දස අකුසල කර්මඵල අප තුළ හට ගනිමින් ඒ අකුසල
කර්මයට ලැබෙන ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක නිබඳව හිතන්න පුළුවන්. ඒ
අකුසල පැත්ත කල්පනා කිරීම.
මේ සොඳුරු ලස්සන මලක් දුටුවම එදෙස දැකලා එහි අකුසල පැත්තක් පමණක් නොව
කුසල පැත්තකුත් තිබෙනවා. මේ මල පූජාසනය මත තැන්පත් කරලා බුදුරජාණන්
වහන්සේ ට පූජා කරන්නෙමි කියා අදහසක් උපදින්නත් පුළුවන්. එතැනින් මේ මලේ
පරවීම, මැලවීම, දිරායාම පෙනුනේ නැහැ. නමුත් මෙය සොඳුරු දේ සොඳුරු තැනකට
පුදන්නට අදහසක් ඇති කර ගත්තා. ඒක කුසලයක්. ඒ කුසල කර්මයටත් ප්‍රතිසන්ධි
විපාක ලැබෙනවා. දැන් මේ නැවත නැවත මෙසේ සකස් කරන්නේ ස්කන්ධයන්ගේ
පැවැත්මට අවශ්‍ය දේයි. මේ මලේ සොඳුරු දිහා වෙනත් විදිහකින් බලන්නම
වෙනවා. ඒ මලේ සොඳුරු බවක් දැකල දස අකුසලයම හට ගන්නත් පු‍්‍රළුවන්. එහෙම
නැත්නම් දස කුසලයට උපදවා ගන්නත් පුළුවන්.
නමුත් ඒ දෙපැත්තේම කර්ම නම් කර්මයට විපාකයත් දෙනවානම් රූපාධි
ස්කන්ධයන්ගේ නැවත නැවත අඛණ්ඩ පහළවීම සිද්ධ වෙන්නේ් එවැනි ජරා මරණින්
මිදෙන දුකින් යෙදෙන පිළිවෙල එතැන යෙදිලා නැහැ. ඒ නිසා මේ මල අපට බැරිද
වෙනත් ආකාරයකට බලන්න. කුසල අකුසලවල කර්ම රැස් නොවන විදිහට මේ සම්මතය
තුළ වුණත් මෝඩකම දුරුවෙන විදිහට බලන්නට බැරි ද? මේ මල සොඳුරු විදිහට
බලා අකුසලය උපදවනවා වෙනුවට කුසලය උපදවා ගන්නත් පුළුවනි.
සටහන:
නයනා නිල්මිණි |