UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර අටවක 2012 දෙසැම්බර් 20 වන දා

වැඩිය යුතු ගුණයක්

 

තැම් විට සමහර අයෙකු, තමන් ලබන සැප සම්පත්වලට කැමැතිය. එමෙන්ම කීර්ති ප්‍රශංසා ආදිය ද ලබා ගැනීමට කැමැති ය. තමන් එසේ ලබන සැප සම්පත් හෝ කිත් පැසසුම් ආදිය ඇතැම් විට තමා මෙන් වෙනත් අයෙකු ලබනු දැකීමට ඇතැම් අයෙකු ඇකැමැතිවීමට ඉඩ ඇත.

අනුන්ගේ සැපත, සතුට නො ඉවසිය හැක්කේ නම් එබඳු තැනැත්තාගේ ගති ගුණ, යහ ගුණ බවට පත් කර ගැනීමට උත්සුක විය යුත්තේ තමා විසින් ම ය. අනුන්ගේ දියුණුව, අභිවෘද්ධිය දැක සතුටු විය නොහැකි තැනැත්තා යහපතෙන් සැනසීම ලබන්නකු නොවේ.

ඊෂ්‍යාව ආදී දුර්ගුණ තම ජීවිත පැවැත්මට එකතුකර ගන්නේ නම් ලොකු කුඩා කවර අයෙකු වුවද සතුටෙන් හෝ සැනසීමෙන් කල් ගෙවිය නොහැකි වනු ඇත.

ඇතැම් විට දරුවකු ඉගෙන ගැනීමෙන්, ගුණ දහමෙන් පෝෂණය වීමෙන්, රැකියාවක නිරතවීමෙන්, නැතහොත් ධනෝපායනයෙන් හෝ වෙනත් කවර හෝ ආකාරයක දියුණුවක් දැකීමට, ඇසීමට අකැමැති ගතියක් තවත් අයෙකුට ඇති වෙයි.එසේ වෙනත් තැනැත්තකු ලබන ලද දියුණුව තවත් අය විසින් ප්‍රශංසාභිමුඛයෙන් කතා කරන්නේ නම් එයද පහත් කොට නුගුණ ලෙස දක්වා කථා කරන අවස්ථා නැත්තේ නොවේ.

මේ අයුරෙන් කෙනෙකු තවත් අයෙකුගේ දියුණුවක් අභිවෘද්ධියක් නොරුස්සන්නේ නම් එබඳු තැනැත්තා තුළ සතුටක් පහළ නොවේ. එසේ සතුටෙන් කල්ගත කළ නොහැකි නිසාම ස්වභාවයෙන් එබඳු තැනැත්තාගේ සොඳුරු මුහුණ අඳුරු වී යාම ස්වභාවයයි.

සිතේ මෙන්ම වචනයේද එබඳු පැවැත්මෙන් කලක් ගතව යන විට එබඳු තැනැත්තාගේ රූපය විරූපී වී යයි. පියකරු බව දුරුවී යාමෙන් රළු අපි‍්‍රය සැඩ ගති පෙරට එයි.

එවිට ජීවිතය ගත කරනුයේ මොහොතක් මොහොතක් පාසාම දුක් බහුල වූ සිතිවිලි වලින් යුක්තවමය.

එවන් දුර් ගුණ තම වටිනා දිවි පෙවෙත වෙත ලඟා කර ගැනීමෙන් තමාට ඇති යහපතක් වේද? උදාවනුයේ අයහපතය.

හැම විට උත්සාහ කළ යුත්තේ සිතේ සතුට නිවැරැදිව සමබරව පවත්වා ගෙන යාමටය.

යහ ගුණ වෙනුවට අගුණ ලඟා කර ගැනීමෙන් දුකට, පීඩාවට පත්වනුයේද තමාමය.

නිතරම සතුටින් කල්ගෙවිය හැකි ජීවන රටාවකට යොමු වීමෙන් ඊට හුරුවීමෙන් උදාවන යහපත මිල කළ නොහැකි ම ය.

මේ නිසා වෙනත් අයකු ලබන සැපත, තමා ලත් සැපතක් සේ සිතා කටයුතු කළ හැකි නම් තමා වෙත ගෙන දෙන්නේ මහත් වූ සතුටකි.

සිතෙහි හට ගෙන, ඒ සිතෙහිම තව තවත් වැඩිය යුතු සැපත, සතුට නිසා තමන් ලබන සතුට අනෙකුත් අය වෙතද පැතිර විය යුතුවේ.

මේ අයුරෙන් සැපතෙහි ඇතිකර ගන්නා සතුට මුදිතා ගුණය ලෙසද දැක්විය හැකිය. මුදිතාව නම් සතර බඹ විහරණයට ඇතුළත් උතුම් ගුණයකි. එබඳු මහඟු ගුණයක් වඩන තැනැත්තා වෙත අනුසස් එකොළහක් ලැබෙන බව සම්බුදු දහම පෙන්වා දෙයි.

ප්‍රායෝගිකව අත්හදා බැලිය හැකි වටිනා සදහම් කරුණු අන්තර්ගත සම්බුදු දහම තුළින් ජීවිත සැපවත් කර ගැනීමට හැමවිට උත්සාහ කළ යුතුව ඇත.එසේ කිරීම මගින් පරලොවදී නොව මෙලොවදීම එහි යහපත් ප්‍රතිඵල පහසුවෙන් අත්විඳිය හැකිවේ.

ජීවිතය පවත්වා ගෙන යාමේදී ජීවත්වීමම පමණක් ගැන නොසිතා එය වටිනා ජීවිතයක් බවට පත් කර ගැනීමට වග බලා ගත යුත්තේ වෙනත් අයෙකු නොව තමාම ය.

මුදිතාව ඇතුළු සිව් බඹ විහරණ ජීවිතයකට ළඟා කර ගත හැකිනම් මහත් සැනසීමක් එමගින් ලබනු ඇත.

මෙලොවට බිහිවන කුඩා බිලිඳකු මලක් මෙන් පිවිතුරුය. ඒ බිලිඳා සමාජයේ ගැටෙමින් හැදෙන වැඩෙන විට නිරායාසයෙන් විවිධ ගුණ අගුණ එම ජීවිතය හා ඒකරාශිවීමට පටන් ගනී. එහෙත් සම්බුදු දහමට අනුව දිවි ගෙවන කුඩා දරුවා ජීවිතයෙන් සැනසීම ලබන්නට උත්සාහ ගන්නා විට ගුණ දහමට ම නැඹුරු වී අපමණ සතුටක් නිරතුරුවම ලබනු ඇත.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 19 වැනි දා බදාදා අපරභාග 10.40 ට ලබයි.
20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 20 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 27 වැනිදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]