ලුම්බිණියේ වාර්ෂික කඨින පින්කම
ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම් ආචාර්ය දොඩම්ගොඩ
රේවත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ලුම්බිණී මධ්‍යස්ථානයේ
මධ්‍යස්ථානාධිපති කිරිගල්වැවේ වනරතන හිමියන්ගේ
මූලිකත්වයෙන් නොවැම්බර් මස 10 සහ 11 දෙදින තුළ කඨින පූජා
මහෝත්සවය නිමිත්තෙන් විශේෂ උත්සව මාලාවක් නේපාලයේ
ලුම්බිණියේදී පැවැත්වේ.
ඉතිරිය»
බුද්ධ ප්‍රතිමා වහන්සේ
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පැවති
බවට සාධක දක්නට නොමැති වූවත් වන්දනාමාන කිරීම සඳහා බෝධීන් වහන්සේත්
චෛත්‍යයත් තිබුණි. සක්විත බුදු පසේ බුදු මහරහත් ආදී උතුමන් සඳහා ද
දාගැබ් කර වැඳුම් පිඳුම් කිරීම සුදුසු බව මහා පරිනිබ්බාන සූත්‍රයේ ද
සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා නෙලීම අපහසු කාර්යයක් බවත් එසේ පිළිම
නෙලීම උන්වහන්සේට කරනු ලබන අගෞරවයක් බවත් එකල නිර්මාණ ශිල්පීහු විශ්වාස
කළහ. නමුත් බුද්ධ ප්‍රතිමාව ගැන සඳහනක් ගන්ධාර දේශයෙන් වාර්තා වෙයි.
ඒ කණිෂ්ක රජ දවසය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
තමා ම දල්වා ගත යුතු ජීවන පහන
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චත්තාරො මෙ භික්‍ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ
චත්තාරො, තමො තමපරායනො, නමො ජොතිපරායනො, ජොති තම පරායනො, ජොති ජොති
පරායනො
පින්වත්නි,
තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානව සමාජය කෙරෙහි මහා
කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් නිරීක්‍ෂණයකොට සත්වයාගේ උපතේ පටන් ජීවිතාන්තය
දක්වා විවිධාකාර පැවැත්ම අනුව බෙදාවෙන්කොට දක්වා වදාළ සේක. නානත්තකාය
නානත්තසඤ්ඤා යන ධර්ම නියාමට අනුව විවිධ රූප කාය මෙන්ම විවිධ චින්තනයන්
නිසා සත්වයා ස්වලක්‍ෂණයෙන් හඳුනා ගැනීමට පුළුවන. බුදුරදුන් විසින් මානව
සමාජය වර්ගකර ඇත්තේ ක්‍රියාකාරීත්වයෙන් සමානකම් දක්නට ඇති නිසාමය.
අතිදීර්ඝ වූ මේ සංසාරයේ භවයෙන් භවයට ගමන් කරන විට හමුවන අපමණ සත්වයන්ට
අනුරූපව හැඩ ගැසෙන විට ඇතිවන සමාන අසමානකම් කෙදිනක හෝ ප්‍රකාශයට පත්වීම
ඒකාන්ත සිද්ධාන්තයක් වේ.
ඉතිරිය»
කිරි වෙහෙර රජ මහා විහාරයේ කඨින පින්කම
ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජා
පින්කම මෙම මස 14, 15 යන දිනයන්හි ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු
මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති
උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.
ඉතිරිය»
|