| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: තමා ම දල්වා ගත යුතු ජීවන පහන
			මහනුවර අස්ගිරිය, විජයසුන්දරාරාමයේ ශාස්ත්‍රවේදී, 
			පණ්ඩිත අමුණුපුර පියරතන හිමි 
			 
			නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 
			 
			චත්තාරො මෙ භික්‍ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ 
			චත්තාරො, තමො තමපරායනො, නමො ජොතිපරායනො, ජොති තම පරායනො, ජොති ජොති 
			පරායනො 
			 
			පින්වත්නි, 
			තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානව සමාජය කෙරෙහි මහා 
			කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් නිරීක්‍ෂණයකොට සත්වයාගේ උපතේ පටන් ජීවිතාන්තය 
			දක්වා විවිධාකාර පැවැත්ම අනුව බෙදාවෙන්කොට දක්වා වදාළ සේක. නානත්තකාය 
			නානත්තසඤ්ඤා යන ධර්ම නියාමට අනුව විවිධ රූප කාය මෙන්ම විවිධ චින්තනයන් 
			නිසා සත්වයා ස්වලක්‍ෂණයෙන් හඳුනා ගැනීමට පුළුවන. බුදුරදුන් විසින් මානව 
			සමාජය වර්ගකර ඇත්තේ ක්‍රියාකාරීත්වයෙන් සමානකම් දක්නට ඇති නිසාමය. 
			අතිදීර්ඝ වූ මේ සංසාරයේ භවයෙන් භවයට ගමන් කරන විට හමුවන අපමණ සත්වයන්ට 
			අනුරූපව හැඩ ගැසෙන විට ඇතිවන සමාන අසමානකම් කෙදිනක හෝ ප්‍රකාශයට පත්වීම 
			ඒකාන්ත සිද්ධාන්තයක් වේ. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 වප් මස අමාවක 
					 පෝය 
					නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි. 
					10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම නොවැම්බර්  
					09 වන දා සිකුරාදාය. 
					 
					මීළඟ පෝය නොවැම්බර්  
					17 වන දා සෙනසුරාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
						
		| 
		 
		 අමාවක  | 
						 
						
		| 
		නොවැම්බර් 09 | 
							 
							
		| 
		 
		 පුර අටවක  | 
							 
							
		| 
		නොවැම්බර් 17 | 
					 
				
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
							
		| 
		නොවැම්බර් 24 | 
								 
						
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		දෙසැම්බර් 01 | 
						 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |