අස්ගිරි මහා විහාර කඨින පින්කම
			කේ. බණ්ඩාරනායක 
			මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනේ දී මෙම 10, 11 දිනවල පැවැත්වෙන 
			කඨින පින්කම නිමිත්තෙන් 11 වෙනි දින උදේ භික්ෂූන් වහන්සේ එකසිය පණස් 
			නමක් පිණ්ඩපාතයේ වැඩම කෙරේ. අස්ගිරි මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ 
			නියෝජ්‍ය ලේඛකාධිකාරි මහා විහාර පරිවෙනාධිපති ශාස්ත්‍රපති නාරන්පනාවේ 
			ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පැවත්වෙන කඨින චීවර පූජෝත්සව වැඩ සටහන 
			මෙසේය. 
			නොවැම්බර් 10 වෙනි දින රාත්‍රි 7.00 සිට 8.00 දක්වා අග්ගමහා පණ්ඩිත 
			කොටුගොඩ ධම්මාවාස නාහිමියන් විසින් පවත්වනු ලබන ධර්ම ;ද්ශනාවකි. 11 
			වෙනි දින පාන්දර 4.00 ට වට්ටාරන්තැන්න වික්‍රමසිංහ මහතාගේ නිවසේ සිට 
			කඨින චීවරය පෙරහරෙන් මැඩම කර උදේ 6.00 ට මහා සංඝයා වහන්සේ 150 නමක් 
			මහනුවර නගරයේ පිණ්ඩපාතයේ වැඩම කැරේ. උදේ 7.00 ට මහා පිරිවෙන් ධර්ම 
			ශාලා මන්දිරයේ දී හීල් දානය පිරිනැමීම, දවල් 11.00 ට අස්ගිරි මහ 
			නාහිමි, අනුනාහිමි ප්‍රධාන ශතාධික මහා සංඝ රත්නය විෂයෙහි සපිරිකර සංඝගත 
			දක්ෂිණාවක් පිරිනැමීම සහ කඨින චීවර පූජාව පැවැත් වේ.  |