සැපත හා ධනය පිළිබඳ බෞද්ධ ආකල්පය
විජිත කරුණාරත්න
හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ
ශාස්ත්‍රවේදී (ගෞරව) අධ්‍යාපන ඩිප්ලෝමා
බෞද්ධ ඉගැන්වීම් අනුව සැපත යනු කුමක් ද? “සැපත සහ ධනය” යන ලෞකික
සංකල්ප බුදුරදුන් බැහැර කර තිබේ ද? මෙම ලිපියේ අරමුණ ඒ පිළිබඳ විග්‍රහ
කර බැලීමයි.
සියලු සත්වයෝම සැප කැමැති වෙති. දුක අකැමැති වෙති. බුදු දහමේ උගන්වන්නේ
සැපත ලබා ගන්නා ක්‍රමයයි.
“දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ” දුක මත ලෝකය පිහිටා ඇත. යනුවෙන් ධර්මයේ සඳහන්
වෙයි. එසේ සඳහන් කර ඇත්තේ ලොව පවතින සැබෑ තත්ත්වයයි. එහෙත් ලෞකික සැපත
පිළිබඳ සංකල්පය බුදු දහම ප්‍රතික්ෂේප නො කරයි.
මේ බව බුදුන් වහන්සේ ලොවට ඉදිරිපත් කළ සිවුසස් දහම තුළින් ද අපට
ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ය.
රෝගයක් සුව කරගත හැකි වන්නේ එම රෝගය ගැන අවබෝධයක් ලබා ගැනීමෙනි. එය
සුවකර ගැනීමට අවශ්‍ය නම් රෝගය සඟවා ගෙන සිටීමෙන් එය කළ නොහැකි ය.
සුවය ලබා ගැනීමට නම් එහි නිදානය සොයා ගත යුතුය. වෛද්‍යවරයා නියම කරන මඟ
අනුගමනය කිරීමෙන් රෝගයෙන් මිදී සුවය ළ¼ඟාකර ගත හැකි වෙයි.
චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර වන්නේ ද මෙම පදනම යි.
1. රෝගය දැන ගැනීම
2. රෝග නිදානය දැන ගැනීම
3. රෝගය සුවකර ගැනීම සහ
4. එයට අවශ්‍ය පිළියම දැන ගැනීම යන පදනමයි.
මෙම න්‍යාය අනුව අපට එක තර්කයක් ගොඩනැඟිය හැකි ය. සැපත ළඟා කර ගැනීමට
නම් දුක කුමක්දැයි අවබෝධ කර ගත යුතු ය, යන්නයි ඒ.
මේ අනුව බුදු දහමේ දුක පමණක් පෙන්වා ශ්‍රාවකයා ඒ මත නවතා අතරමං කොට
නැත. දුක ගැන මනා විග්‍රහයක් කරන උන්වහන්සේ, දුකට හේතුව පෙන්වා ඉන්
මිදී සැපත ලබා ගත හැකි බවත්, ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙතත් දේශනා
කොට ඇත.
දහමේ විස්තර වන මෙම සැපත, ලෞකික හා ලෝකෝත්තර වශයෙන් කොටස් දෙකකට බෙදිය
හැකිය.
පරමාර්ථ දේශනාව නිවන පරම සැපතයි. එය උතුම්ම සැපත බව බුදු දහම උගන්වයි.
එය හඳුන්වා ඇත්තේ උපසම සුඛය, එනම් කෙලෙස් ගිනි නිවීම නිසා සිතේ ඇතිවන
සන්සිඳවීමේ සැපත ලෙසයි. මෙම සැපත ප්‍රඥාව වඩා දහම් සයුරේ ගැඹුරට බට
පුද්ගලයාට පමණක් විෂය වෙයි.
අප ලෞකික ඇසින් මනින සැපත, බුදු දහම බැහැර කර නැත.
අප බොහෝ විට සැපත වශයෙන් හඳුන්වන්නේ ඉඳුරන් පිනවීමයි. එය අපි ‘පස්කම්
සැපත’ යනුවෙන් හඳුන්වමු.
බුදුරදුන් ගිහි ජනතාවට මෙම සැපත විඳීම අකැප යැයි දේශනා කළේ නැත. එය
අන්තයට නොගොස් සදාචාරාත්මක ලෙස භුක්ති විඳින ආකාරය උන්වහන්සේ පෙන්වා
දුන්හ.
පංච සීලයේ දී පැහැදිලිවම සඳහන් කොට ඇත්තේ පර අඹුවන් - පර පුරුෂයන් කරා
නො ගොස් විසිය යුතු බවයි. අන් සතු සැපත උදුරා නොගත යුතු බවයි.
ලෝ සිරිත් අනුව ආවාහ විවාහ කර ගත් ගිහි අඹු සැමියන්ට කම් සැප විඳීම
අකැප යැයි සඳහන් කර නැත. ඒ ආකාරට පස්කම් සැප විඳින්නා සිල්වතෙක්
ගුණවතෙක් වශයෙන් ධාර්මික ගිහි සමාජය තුළ දී සැළකෙයි.
ගිහි ජීවිතයට අදාළ සැප හතරක් ගැන ධර්මයේ සඳහන් වෙයි.
අත්ථි සුඛය - යම් කිසි පුද්ගලයකුට ජීවත්වීමට තරම් ධනයක් ඇත්නම් ඔහුගේ
සිතේ ඇති වන්නේ බලවත් සතුටකි.
මටත් මගේ අඹු දරුවන්ටත් ජීවත්වීමට තරම් ධනයක් ඇත යන සිතිවිල්ල ඒ
ගිහියාට ඇති සැපතකි. එය අත්ථි සුඛයි.
අණන සුඛය - අනුනට ණය ගැතිව සිටින අයගේ සිතේ ඇතිවන අසහනය කොතෙක්ද?
අනුන්ට අත නොපා, ණය නොවී ජීවත්වීමට තරම් ශක්තියත් තිබීම ගිහියන්ට ඇති
උසස් සැපතකි.
අනවජ්ජ සුඛය - වැරැදි වලින් වැළකී ජීවත්වීමට හැකිවීම නිසා ඇතිවන
සැපයයි.
භෝග සුඛය - දැහැමිව ඉපැයූ ධන සම්පත් නිවැරැදි ලෙස පරිහරණය කිරීමේ
සුවයයි.
බුදුරදහු ලෞකික දිවියේ සැපත මෙන්ම ඇතැම් විට ධනය ඉපයීම ද ප්‍රතික්ෂේප
නො කරති.
සුවසේ ජීවත්වීම සඳහා ධනය තිබිය යුතු බව බුදු දහම පිළිගනියි.
එසේම රැස් කළ ධනයෙන් ඥාතීන්ට හා දුප්පතුනට ද සංග්‍රහ කළ යුතුය. ධනය
තනිවම පරිභෝජනය කිරීම පිරිහීමට හේතුවක් බව පරාභව සූත්‍රයේ සඳහන් වෙයි.
මච්ජරී ජාතකයේ දී මට්ටකුණ්ඩලී ජාතකයේ දී තමාත් පරිහරණය නොකර අඹු
දරුවන්ට හෝ නො සලකා ධනය රැස් කළ ධනවතුන් තියුණු උපහාසයට ලක් කැරේ.
චාග සම්පදා යනුවෙන් හඳුන්වන්නේ ධනය සුදුසු පරිදි බෙදා හදා පරිහරණය
කිරීමයි. සමාජගත දුක නැති කිරීම සඳහා එය කළ යුතු දෙයක් සේ බුදු දහම අගය
කරයි.
බෞද්ධ ආර්ථික න්‍යායේ කැපී පෙනෙන ලක්‍ෂණයක් නම් පුද්ගලයාගේ ආර්ථික
වර්ධනය ගැන පමණත් උපදෙස් නොදීමයි.
ආර්ථික සංවර්ධනය සමග දැහැමි සමාජයක් බිහි කිරීමට අවශ්‍ය පදනමද ඒ සමගම
ඉදිරිපත් කර ඇති බව මෙම දේශනා විමසා බැලීමේදී ප්‍රකට වෙයි.
මේ සඳහා දිය හැකි හොඳම නිදර්ශනය ව්‍යග්ඝපජ්ජ සූත්‍රයයි. එහි පරලොව
යහපත් කරන කරුණු හතරක් සමග මෙලොව ඝරු කරන කරුණු හතරක්ද පෙන්වා ඇත.
1. ධනය රැස් කිරීමට දරන ප්‍රයත්නය ( උට්ඨාන සම්පදා )
2. රැස් කළ ධනය සුරක්‍ෂිත කිරීම (ආරාක්ඛ සම්පදා )
3. කළණ මිතුරන් සමග සමාජගත වීම (කල්‍යාණ මිත්තතා)
4. ආදායමට සරිලන පරිදි දිවි පැවැත්ම සකස් කර ගැනීම (සමජීවිකතා)
මේ අනුව බුදු දහම, අසහනකාරි කාර්ය බහුල සාටෝප ජීවිතය බැහැර කරයි
එසේම බුදු දහම ගිහියාට ධනය රැස්කර ගැනීම පමණක් නොව එය සුරක්‍ෂිත
කරගන්නා ආකාරය ද උගන්වයි.
ධනය කළමනාකරණය කිරීමේදී කෛාටසක් පරිභෝජනයටත් කොටස් දෙකක් සිය ව්‍යාපාරය
සංවර්ධනය සඳහා යෙදීමටත්, හතරවන කොටස අනාගත
පැවැත්ම සඳහා බැංකු ආදියෙහි තැන්පත්කර තැබීමටත් උපදෙස් දී ඇත.
බුදුන් වහන්සේ නොයෙක් වර සමාජගත දිළිඳු බව දුරුකිරීම සඳහා ගත යුතු
ක්‍රියාමාර්ග රැසක් පැහැදිලි කර දී ඇත.
චක්කවත්ති සීහනාද සූත්‍රයේදී බුදුන් වහන්සේ දිළිඳුකම පිටු දැකීම සහන
පොදි පරිත්‍යාග කිරීමෙන් ඉටුනොවන බව පෙන්වාදී ඇත. ඒ මෙසේය.
1. දරිද්‍රතාව දුරු කිරීමට විධිමත් වැඩ පිළිවෙළක ඇති අවශ්‍යතාව
2. සහනාධාර දීමෙන් එය දුටු නොවන බව හා එයින් අලසකම සමාජගත වීම සිදු වන
බව
3. දඬුවම් දීමෙන් අපරාධ තව තවත් වැඩිවන බව
කූටදන්ත සූත්‍රයේ සඳහන් වන පරිදි දිළිඳු බව තුරන් කිරීම සඳහා කළ යුතු
වන්නේ සහන මල්ලක්දීම නොවේ’ විවිධ කර්මාන්ත ඇරැඹීම සඳහා ජනතාවට
ප්‍රාග්ධනය සැපයීමයි.
රටක ඇති වන ආර්ථික අරගලවලට මෙම සූත්‍රයේ දී ඇති නම ‘දස්සුඛීල’ යන්නයි
රටේ මතුවන වැඩ වර්ජන හා විවිධ අරගල නැවැත්වීමට නම් ආර්ථික වශයෙන්
ස්වයංපෝෂිත විය යුතු බව කූටදන්ත සූත්‍රයේ පැහැදිලි කරයි.
ධන පරිහානිය
ඉතා අසීරුවෙන් රැස් කරගත් ධනය ආරක්ෂා කර ගැනීම, ධනය රැස් කර
ගැනීමටත් වඩා වැදගත් වෙයි. මේ සඳහා බුදුන් වහන්සේ දී ඇති උපදෙස් වල
සනාතන වැදගත් කමක් ඇත. භෝග විනාශ මුඛ නමින් ධනය විනාශ වන කරුණු හයක්
බුදුන් වහන්සේ දේශනා කොට ඇත.
මත්පැන්, මත්ද්‍රව්‍ය ගැනීම
අවේලාවේ නිකරුණේ සංචාරවලට ලොල්වීම
අනවශ්‍ය ලෙස සමාජ ශාලාවල ගැවසීම හා සංදර්ශන නැරැඹීමට ලොල්වීම
සූදුවට ලොල් වීම
පාප මිත්‍ර ආශ්‍රය
අලසකම සහ කරුණු හයයි.
ධනය හානි කරගත් ධනවත් තරුණයන් ගැන කතා බුද්ධ දේශනාවේ සඳහන් වෙයි.
ඔහු ධනවතෙකි. පියා ධනය රැස්කොට පුතාට ඉතිරිකොට මිය ගියේය. කලණ මිතුරෝ
නොව, පාප මිත්‍රයෝ ඔහු වටා රොක් වූහ. ඒ නිසා ඔහු වෙතින් බුදුරදුන් දෙසූ
ආරක්ඛ සම්පත්තිය නැති විය. සම ජීවිකතාව ඉවත්විය. උට්ඨාන සම්පදාව
දුරින්ම දුරුවිය. ධනය අවසන් විය.
අන්තිමේදී ඒ ධනවත් පුතා යාචකයෙකු බවට පත්විය. කල්පනා සහගතව දුකසේ
වැඩිවී සිටින ඔහු බුදුරදුන් ගේ නෙත ගැටිණි. උන්වහන්සේ ඔහු වෙත
සානුකම්පිත බැල්මක් හෙළන්නේ මේ ආකාරයටයි.
අචරිත්වා බ්‍රහ්ම චරියං
අලද්ධා යොබ්බනෙ ධනං
ජිණ්ණ කොංචාව ඣායතේ
ඛීණ මච්ඡෙව පල්ලලේ
යොවුන් වියේ සදාචාරය සම්පන්න නොවී දුසිරිතේ ගිලී සිටියේය. ධනය විනාශ කර
ගත්තේය. අද ඔහු මසුන් සුන් මඩ විලක් දෙස බලා මසකු ඩැහැගැනීමට කර
දික්කරගෙන සිටින නාකි කොකෙකු මෙන් බලා සිටියි.
මෙවැනි කතා මේ කාලයේ ද කොතරම් නම් දැකගත හැකි ද?
බුදු දහමේ උගන්වන ආර්ථික සංවර්ධනය සමග අධ්‍යාත්මික ගුණවගාව එකට ගමන් නො
කිරීමේ ප්‍රතිඵලයයි, එවැනි සිදුවීම් වලින් පෙනී යන්නේ. |