[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මහින්දාගමනයයි අපේ උරුමයයි

මහින්දාගමනය සිංහල බෞද්ධ සංස්කෘතියේ ආරම්භය යි. මිහිඳු ආගමනයට පෙර බුදුරජාණන් වහන්සේ තෙවරක් ම ලංකාවට වැඩමවා තිබීම නිසා ලංකාවේ තැනින් තැන බෞද්ධයෝ ජීවත් වූහ. ඊටත් පෙර තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ගේ සම්ප්‍රාප්තිය නිසා තිරියායේ කේශ ධාතූන් වහන්සේ නිදන් කළ ගිරිහඬු චෛත්‍ය ඉදිවී තිබුණි. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ ස්ථාන වශයෙන් සඳහන් වන මහියංගණය, නාගදීපය, කැලණිය යන ස්ථානවලත් චෛත්‍ය ඉදිවී තිබුණි. සමිද්ධිසුමන ඇතුළු යක්ෂ ගෝත්‍රිකයන් බුදුන් සරණ ගිය නිසා ඔවුන්ගේ පවුල්වල බොහෝ දෙනෙක් බෞද්ධයෝ වූහ. චූලෝදර මහෝදර බුදුරජාණන් වහන්සේ් සරණ ගිය නිසා ඔවුන්ගේ පවුලේ අය ද බෞද්ධයෝ වූහ. මණිඅක්ඛිත නා රජතුමාගේ පවුලේ අය ද බෞද්ධයෝ වූහ. මේ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින විට ලංකාවේ තැනින් තැන බුදුදහම වැළඳ ගත් අය ජීවත් වූ බව මහා වංශයේ එන තොරතුරුවලින් පැහැදිලි වේ. එසේ වුවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් ඒ වන විටත් ලංකාවේ නිර්මාණය වී තිබුණේ නැත. ඒ සඳහා මූලික අඩිතාලම සකස් වූයේ මිහිඳු සංස්කෘතිය තුළින් ම ය. මිහිඳු මා හිමියන්ට දේවානම්පියතිස්ස රජතුමා මුණ ගැසුණේ මිහින්තලාවේ දී ය. ඒ මොහොතේ රජතුමා සිටියේ දඩයක්කාරයකු විදියට ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදේශනයෙන් පසු දුනු ඊතල බිම දැමූ රජතුමා තෙරුවන් සරණ ගියේ ය. මිහිඳු මහ රහතන් වහන්සේ දෙවනපෑතිස් රජතුමා සමඟ දීර්ඝ සංවාදයක යෙදී ඔහු බුද්ධිමතකු බව තේරුම්ගෙන රජතුමාට මෙසේ අවවාද කළහ. “රජතුමනි, ඔබ මේ රටේ පාලකයා මිස අයිතිකරු නොවේ. රටවැසියන් මෙන් ම සියලු සතුන් ආරක්ෂා කිරීම ඔබේ පූර්ණ වගකීමයි. මේ පොළොවේ වාසය කරන සියලු ම තිරිසන් සතුන්ටත් නිදහසේ ජීවත්වීමට ඉඩ තිබිය යුතු ය. ආකාසේ පියාසර කරන කුරුල්ලන්ට හා සමනලයන්ටත් අනෙක් සෑම අපා, දෙපා, බහුපා, සිව්පා ආදී සතකුටමත් නිදහසේ සැරිසරන්නට නිදහස තිබිය යුතු ය. එය ඔබ විසින් තහවුරු කළ යුතු ය.”


පොසොන් අමාවක

ජූලි 13 සඳුදා අ.භා. 06.52න් අමාවක ලබා 14 අඟහරුවාදා අ.භා. 03.17න් ගෙවේ.
14 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]