ශ්‍රී බුද්ධ වර්‍ෂ 2570 ක් වූ පොසොන් අමාවක පෝ දා 2026 ජූලි 14 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පවත්වාගෙන යන බංගලිදේශ බෞද්ධ විහාරයේ කටයුතු සොයා බැලීමට නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති අලුත්ගම ධම්මජෝති නාහිමියන් ප්‍රමුඛ හීංබුන්නේ කොණ්ඩඤ්ඤ, අක්මීමන නාගිත, පාරඹේ සිරිනිවාස, ඌරුගමුවේ අස්සජි යන හිමිවරු එම විහාරයට වැඩම කළ අවස්ථාව.
වසර නවයකට වැඩි කාලයක් ප්‍රමාද ව තිබූ මෙම කටයුත්ත ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක, අග්ගමහාපණ්ඩිත, කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ පාර්‍ශ්වීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහභාගීත්වයෙන් කළුතර බෝධි සමීප කාලනදී උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්විණි. මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ පාර්‍ශව දෙවිස්සෙහි ම සහභාගීත්වයෙන් පැවැත්වෙන උපසම්පදා විනය කර්‍මය කළුතර බෝධි සමීප කාලනදී උදකුක්ඛේප සීමා මාලකයේ දී මේ මස 09 වැනි දා සිට 22 වැනි දා තෙක් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මත සිදුකිරීමට නියමිත ය. එම විනය කර්‍මයේ සමාරම්භය සනිටුහන් කරමින් පසුගිය 09 වැනි දා ප.ව. 2.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් රාජ්‍ය මහෝත්සවය පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය තුළ අමරපුර නිකායට හිමිවන්නේ අතිශය ගෞරවණීය ස්ථානයකි. විනයානුකූල භික්ෂු පරපුරක් ඇති කිරීමේ අරමුණින් වර්‍ෂ 1799 දී බෝධිසත්ත්ව ගුණෝපේත වැලිතර මහකරාවේ ඤාණවිමලතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජීවිත ආශාව හැරපියා බුරුම දේශයට වැඩම කොට මහාධම්මරාජාධිරාජගුරු ඤාණාභිවංස ධම්ම සේනාපති සංඝරාජයාණන් වහන්සේ වෙතින් ස්වර්ණගුහා නම් සීමාමාලකයේ දී මහාවිහාර පරම්පරාගත සුපරිසුද්ධෝපසම්පදාව ලබා ගත්හ. සඟරජතුමන් සමීපයෙහි ම සංඝකර්ම හා විනය කර්ම පිළිබඳ පරිචයක් ලබා ගත්හ. ඉන් අනතුරුව ඤාණවිමලතිස්ස ස්වාමීන් වහන්සේ 1802 දී ලක්දිවට වැඩම කොට එම වර්‍ෂයේ මැයි මස 15 වැැනි දා එනම් වෙසක් පුන් පොහෝදා බලපිටිය මාදුනදී උදකුක්ඛේප සීමාවේ දී බුරුමයෙන් වැඩම කළ අග්ගසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධ්‍යාය කොටගෙන ප්‍රථම උපසම්පදා විනයකර්‍මය සිදුකර ලක්දිව අමරපුර සමාගම ස්ථාපිත කළේ ය.
ජූලි 13 සඳුදා අ.භා. 06.52න් අමාවක ලබා 14 අඟහරුවාදා අ.භා. 03.17න් ගෙවේ. 14 අඟහරුවාදා සිල්
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
පසළොස්වක
ජූලි 29
අව අටවක
අගෝස්තු 06
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]