දහම් පාසල් අධ්‍යාපනය නඟාසිටුවීම
ජාතික අවශ්‍යතාවකි
ශ්‍රී ලංකාව වසර දෙදහස් පන්සියයකට අධික ලිඛිත ඉතිහාසයක් පුරා ස්වයංපෝෂිත සහ
සදාචාරාත්මක සමාජයක් ලෙස අභිමානයෙන් නැඟී සිටීමට ප්‍රධානතම හේතුව වූයේ බුදු දහම
පදනම් කරගත් අධ්‍යාපන රටාවයි. අතීතයේ පන්සල කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමය, නූතන
යුගයේ දී ‘දහම් පාසල’ නමැති සංවිධානාත්මක ව්‍යූහය තුළට පරිවර්තනය විය. දහම් පාසල
යනු හුදෙක් විෂය කරුණු උගන්වන තැනක් නොව, ලාංකේය දරුවාගේ ආධ්‍යාත්මික, ගුණධර්ම සහ
සාමාජීය සදාචාරය හැඩගස්වන ප්‍රධානතම තෝතැන්නයි.
මෙම ඛේදනීය තත්ත්වය එක රැයකින් නිර්මාණය වූවක් නොවේ. ඒ සඳහා වර්තමාන සමාජ, ආර්ථික
සහ අධ්‍යාපනික රටාවේ පවතින විවිධ සාධක ඍජුව ම බලපා ඇත. අධ්‍යාපන රටාව සම්පූර්ණයෙන්
ම විභාග කේන්ද්‍රීය වී ඇත. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස.
උසස් පෙළ යන කඩඉම් ජය ගැනීම සඳහා දරුවන් මෙන් ම මවුපියන් ද දැඩි මානසික පීඩනයකට
ලක්ව සිටිති. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ඉරිදා දිනය යනු නිවාඩු දිනයක් හෝ ආධ්‍යාත්මික
දිනයක් නොව, අතිරේක පන්ති (ඊභඪබඪධද ඛ්තචඵඥඵ) සඳහා වෙන්වූ තවත් එක පීඩාකාරි දිනයක්
බවට පත්ව ඇත. ස්මාර්ට් ජංගම දුරකතන, පරිගණක ක්‍රීඩා (ර්‍ණදතඪදඥ ට්චථඥඵ) සහ සමාජ
මාධ්‍ය (ඉධජඪචත ර්ඥඤඪච) භාවිතය වර්තමාන ළමා පරපුර තුළ ඉහළ ගොස් ඇත. මෙහි
ප්‍රතිඵලයක් ලෙස දරුවන් තුළ පවතින සාම්ප්‍රදායික, සන්සුන් සහ ආගමික නැඹුරුව ගිලිහී
යමින් පවතී.
ඉරිදා උදෑසන අවදි වී සිල්වත් ඇඳුමකින් සැරසී පන්සලට යෑමට වඩා, නිවෙසට වී දුරකතනය
පරිහරණය කිරීමට සමහර දරුවන් වැඩි රුචිකත්වයක් දැක්වීම සහ මවුපියන් එය පාලනය කිරීමට
අපොහොසත් වීම මෙයට හේතුවකි.
සමහර දහම් පාසල්වල තවමත් අනුගමනය කරන්නේ පන්ති කාමරයට පමණක් සීමා වූ, දේශන ශෛලියේ
පෞරාණික ඉගැන්වීම් ක්‍රමවේද ය. බුදු දහමේ පවතින ප්‍රායෝගික ජීවන දර්ශනය මනෝවිද්‍යාව
සහ කළමනාකරණ සිද්ධාන්ත නූතන දරුවාට ගැළපෙන පරිදි සන්නිවේදනය කිරීමට සමහර ගුරු
භවතුන් අපොහොසත් වීම නිසා දරුවන් තුළ දහම් අධ්‍යාපනය කෙරෙහි පවතින උනන්දුව අඩු වී
ඇත.
ලෝකයේ අනෙකුත් රටවල් තම තමන්ගේ ආගමික හා සදාචාරාත්මක අධ්‍යාපනය පවත්වාගෙන යෑම සඳහා
විවිධ නව්‍යකරණ සහ දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරනු ලබයි. තායිලන්තයේ දහම් අධ්‍යාපනය
යනු රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය සමඟ බද්ධ වූවකි. එහි පාසල් විෂය මාලාව තුළ ම බුදුදහම
සහ භාවනාව අනිවාර්ය විෂයයන් ලෙස ඇතුළත් කර ඇත. මීට අමතරව, සෑම පිරිමි දරුවකු ම තම
ජීවිතයේ යම් කෙටි කාලයක් (නිවාඩු මාස කිහිපයක්) “මහණ වී මහණ දම් පිරීමේ” සාමණේර
පුහුණුූ වැඩසටහන්” (ව්ධමඪජඥ ර්‍ණපඤඪදචබඪධද) රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වේ.
මියන්මාරය තුළ ද ආර්ථික අපහසුතා මධ්‍යයේ වුව ද, ආරාමික අධ්‍යාපන ක්‍රමය (ර්ධදචඵඪජ
ඉජඩධධත) ඉතා ශක්තිමත් මට්ටමක පවතිනු අත, දරුවන්ගේ මූලික අධ්‍යාපනය පවා සිදුවන්නේ
පන්සල කේන්ද්‍ර කර ගනිමිනි. ජපානය යනු තාක්ෂණයෙන් ඉහළම තැනක සිටින රටක් වුව ද,
ඔවුන් දරුවන්ගේ ආධ්‍යාත්මය අමතක කර නැත. ජපන් පාසල් පද්ධතිය තුළ “දෝතකු” (ච්ධභබධඬභ
ර්ධපචත ඡ්ඤභජචබඪධද) නමින් සදාචාර අධ්‍යාපනය අනිවාර්ය කර ඇත. එහිදී ඔවුන් සෙන් බෞද්ධ
දර්ශනයේ එන පරිසරයට ආදරය කිරීම, අන් අයට ගරු කිරීම, චිත්ත ඒකාග්‍රතාව සහ පිරිසිදුකම
වැනි සාරධර්ම ප්‍රායෝගික ව දරුවන්ට කියා දෙයි. ඔවුන්ට විභාගවලට වඩා දරුවාගේ විනය
වැදගත් වේ. ඉස්ලාමීය රටවල තම ආගමික අධ්‍යාපනය (ර්චඤපචඵච) සම්බන්ධයෙන් පවතින්නේ
අතිශය දැඩි පිළිවෙතකි. කුඩා දරුවන්ගේ සිටම දිනපතා හෝ සති අන්තයේ ආගමික පාසල් වෙත
යෑම අනිවාර්ය වේ. රාජ්‍ය මට්ටමින් මේ සඳහා විශාල ප්‍රතිපාදන වෙන් කරන අතර, සමාජය
තුළ ද ආගමික අධ්‍යාපනය නොලබන දරුවන් දෙස බලන්නේ ඉතා පහත් මට්ටමකිනි. මේ නිසා
ඔවුන්ගේ ආගමික පදනම සහ සංස්කෘතික බැඳීම ඉතා ඉහළ මට්ටමක පවතී. යුරෝපයේ සහ අමෙරිකාවේ
“ඉභදඤචර ඉජඩධධතඵ” හෙවත් ඉරිදා පාසල් ක්‍රමය ක්‍රියාත්මක වේ. එහි විශේෂත්වය වන්නේ
ඔවුන් දහම් අධ්‍යාපනය සාම්ප්‍රදායික පන්ති කාමරවලින් මුදාහැර, සංගීතය, නාට්‍ය,
ක්‍රීඩා සහ විනෝදාත්මක වැඩසටහන් ඔස්සේ දරුවන්ට සමීප කිරීමයි. එමඟින් දරුවන් පල්ලියට
හෝ ආගමික මධ්‍යස්ථාන වෙත හෝ ආකර්ෂණය කර ගැනීමට ඔවුන් සමත් ව ඇත.
දරුවන් දහම් පාසල් වෙත ආකර්ෂණය කර ගැනීමට නම්, දහම් පාසල් අවසාන විභාග සහතිකයට හෝ
ශ්‍රේණි සහතිකවලට රජයේ පිළිගැනීමක් ලබා දිය යුතු ය. රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේ දී
දහම් පාසල් සහතිකයට අමතර ලකුණුූ ප්‍රමාණයක් වෙන් කිරීම, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී
හෝ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ දී දහම් පාසල් අධ්‍යාපනය නිමා කර තිබීම විශේෂ
සුදුසුකමක් ලෙස සැලකීම හා දහම් පාසල් ඉගැන්වීම් ක්‍රමවේද ඩිජිටල්කරණය කිරීම මීට
විසඳුමක් විය හැකි ය. බුදු දහමේ එන ජාතක කතා, ධර්ම කරුණු බුද්ධිමය සජීවීකරණ කෙටි
චිත්‍රපට සහ මල්ටිමීඩියා තාක්ෂණය උපයෝගී කරගනිමින් ඉගැන්විය යුතු ය. එසේම දහම්
පාසල් සිසුන් සඳහා විශේෂිත “ධර්ම ඥාන ජංගම යෙදුම්” හඳුන්වා දීමෙන් තාක්ෂණයට බර වූ
දරුවා නිවැරැදි මඟට ගත හැකි ය. ප්‍රායෝගික සහ මනෝ විද්‍යාත්මක විෂය මාලාවක් සකස්
කිරීම, කටපාඩම් කර විභාග ලිවීමේ ක්‍රමයෙන් මිදුණු දහම් පාසල් විෂය මාලාව ප්‍රායෝගික
එකක් විය යුතු ය.
භාවනා සහ චිත්ත ඒකාග්‍රතා පුහුණුව. මානසික ආතතියෙන් පෙළෙන වත්මන් දරුවන්ට මනස
සන්සුන් කරන ප්‍රායෝගික භාවනා ක්‍රම ඉගැන්වීම, නායකත්ව සහ පෞරුෂ වර්ධන කඳවුරු,
නායකත්වය, සන්නිවේදන කුසලතා සහ ජීවන නිපුණතා ලබාදීම, සමාජ සේවා වැඩසටහන්, වැඩිහිටි
නිවාස, ළමා නිවාස හෝ රෝහල් වෙත ගොස් දරුවන් ලවා ප්‍රායෝගික ව කරුණාව, දයාව පුහුණු
කරවීම.
දහම් පාසල් ගුරුවරුන් යනු කිසිදු වැටුපක් නොලබා ස්වේච්ඡාවෙන් සේවය කරන උදාර
පිරිසකි. ඔවුන්ගේ සේවය අගය කළ යුතු ය. ගුරු භවතුන් සඳහා විධිමත් මනෝ විද්‍යාත්මක සහ
ඉගැන්වීම් ක්‍රමවේද පිළිබඳ පුහුණු වැඩමුළු රාජ්‍ය අංශයෙන් නොමිලේ පැවැත්වීම, ඔවුන්
සඳහා ප්‍රවාහන දීමනාවක් හෝ විශේෂ වරප්‍රසාද කාඩ්පතක් (ගමනාගමන, සෞඛ්‍ය පහසුකම් සඳහා
වට්ටම් සහිත) හඳුන්වා දීම සාර්ථක ක්‍රමෝපායන් ලෙස ඉදිරිපත් කළ හැකි ය. “පන්සලයි
පාසලයි - ගමයි” තෛ‍්‍රපාර්ශ්වික සන්නිවේදනය නැවත පණගැන්වීම, සෑම රජයේ පාසලක ම
විදුහල්පතිවරයා සහ ගුරුවරුන්, ප්‍රදේශයේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ සමඟ
සමීප සන්නිවේදනයක් පැවැත්වීම, පාසලේ වාර විභාග ප්‍රගති වාර්තාවට දහම් පාසල් පැමිණීම
ද ඇතුළත් කර, පාසල් මට්ටමින් දහම් පාසල් යන දරුවන් ඇගැයීමට ලක්කිරීම වැනි ක්‍රමවේද
ඵලදායී විය හැකි ය.
දහම් පාසල් සිසුන් අඩුවීම අප රටේ ඉදිරි දශක කිහිපය තුළ නිර්මාණය වීමට නියමිත
සදාචාරාත්මක පිරිහීමේ පූර්ව ලක්ෂණයකි. දහම් අධ්‍යාපනය බිඳවැටුණු තැන, විනයගරුක
සමාජයක්, නීතිගරුක පුරවැසියන් සහ මවුපියන්ට උපස්ථාන කරන ගුණගරුක දරු පරපුරක්
බලාපොරොත්තු විය නොහැකි ය. මහා සංඝරත්නය, අධ්‍යාපන බලධාරීන්, ගුරු විදුහල්පතිවරුන්
මෙන් ම මවුපියන් ද වහා අවදි විය යුතු ව තිබේ. අපේ සංස්කෘතික අනන්‍යතාව වූ දහම්
පාසල් පද්ධතිය නැවතත් ජීවමාන සහ ආකර්ෂණීය අධ්‍යාපන ක්‍රමයක් බවට පත්කිරීමට ජාතික
මට්ටමේ ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කිරීම අප සතු වගකීමකි.
“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී”
මනෝ විද්‍යා උපදේශක
ආචාර්ය සුනිල් කුමාරසිංහ |