[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

අවබෝධ කළ යුතු දහම දෙසූ සම්බුද්ධ ශ්‍රේෂ්ඨයාණෝ...

තිලොවට සරණ වූ අපගේ ශාස්තෘන් වහන්සේ දිනක් තම ශ්‍රාවකයන් අමතා මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, එක ම පුද්ගලයකුගේ පහළ වීම වනාහි මහා ඇසක පහළ වීම ය. මහා ආලෝකයක පහළ වීම ය. මහා එළියක පහළ වීම ය. සය වැදෑරුම් අනුත්තරීය ධර්මයන්ගේ පහළ වීම ය. සිව්පිළිසිඹියා ධර්මයන්ගේ සාක්ෂාත් කිරීම ය. අනේක ධාතු අවබෝධ කිරීම ය. නා නා ධාතු අවබෝධ කිරීම ය. විද්‍යා විමුක්තිඵල සාක්ෂාත් කිරීම ය. එනම් ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පහළ වීම ය.” ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මින් වසර 2650කට පෙර මේ මිනිස් ලොව පහළ වී වදාළ සේක. විමුක්ති සුව විඳිමින් නිග්‍රෝධ රුක් සෙවණේ වැඩ සිටි අප මුනිරජුන්ට ධර්ම දේශනා කිරීම අරබයා මෙබඳු සිතක් පහළ විය. ‘ගොඩක් මහන්සිවෙලයි මම මේ ධර්මය අවබෝධ කළේ. මේ ධර්මය අනුන්ට කීමෙන් ප්‍රයෝජනයක් වෙන එකක් නෑ. රාග, ද්වේෂවලින් පෙළෙන ජනතාව මේ ධර්මය අවබෝධ කරනවා කියන එක ලේසි දෙයක් නොවෙයි. මේ ධර්මය උඩුගම් බලා යන එකක්. ඉතා සියුම් එකක්. ගැඹුරු එකක්. දැකීමට දුෂ්කර එකක්. අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු, රාගයෙන් ඇලුණු මේ සත්ත්වයෝ මේ ධර්මය අවබෝධ කරන්නේ නෑ’ කියලා. නමුත්, හිරු කිරණින් විකසිත වන කුසුම් අන් ආලෝකයකට විකසිත කළ නොහැකි ය. එය හිරුගේ ම කෘත්‍යයක් වන බැවිනි. ඒ වනවිට මනුලොව උපත ලබා ගෞතම බුදු සසුනේ දහම දකින්නට පින් පිරූ පුණ්‍යවන්තයන්ගේ ප්‍රඥා කුසුම් විකසිත කිරීමට අන් කවරකුටවත් නො හැකි ය. ඒ බුද්ධ කෘත්‍ය අප මුනිරජුන්ගේ ම වන නිසා ය. ඒ බව දුටු සහම්පතී බ්‍රහ්ම රාජයාණන් එදා භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට පහළ වී ආදරයෙන් වන්දනා කොට උතුම් බුද්ධ කෘත්‍යයට මෙසේ ආරාධනා කර සිටියේ ය.


පොසොන් අමාවක

ජූලි 13 සඳුදා අ.භා. 06.52න් අමාවක ලබා 14 අඟහරුවාදා අ.භා. 03.17න් ගෙවේ.
14 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]