ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් අමාවක පෝ දා 2026 ජූලි 14 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සොළොස්මස්ථානවලින් එකක් වන දීඝවාපිය අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුවට ආසන්නව දීඝවාපි ග්‍රාමසේවා වසමේ සමන්තරය සහ අක්කරෙයිපත්තුව අතර පිහිටා තිබේ. අම්පාර නගරයෙන් අක්කරෙයිපත්තු දක්වා දිවෙන මාර්ගයේ කිලෝ මීටර් 6ක් පමණ ගිය විට හමුවන වරිපතන්චේන හන්දියෙන් හැරී කිලෝ මීටර් 12ක් පමණ ගිය විට මෙම ස්ථානයට ළඟා විය හැකි ය. මෙරට ඉදිව ඇති දාගැබ් අතරින් විශාලත්වයෙන් හතර වැනි ස්ථානය හිමි වන්නේ දීඝවාපි දාගැබටයි. අතීතයේ දී රුහුණු ජනපදයට අයත් ව තිබූ දීඝවාපිය දිග් වූ වැව, දිගා වැව, දීඝවාපිය ලෙස ජන ව්‍යවහාරයේ පැවතුණි. මහා වංශයට අනුව දිගාවැව, දීඝවාපි මණ්ඩල, දීඝවාපිරට්ට, දිගාමඩුළු, දිගාවෑ, දිගැවැ මඩල ලෙස ද, සද්ධර්මරත්නාවලියට අනුව දිගාමඩුල්ල ලෙස ද මෙම ප්‍රදේශය ව්‍යවහාර වේ. මහා වංශයට අනුව ක්‍රිස්තු පූර්ව 137 – 119 අතර කාලයේ දී සද්ධාතිස්ස කුමාරයා විසින් දීඝවාපි චෛත්‍ය සහ විහාරය කරවා ඇත. ජනප්‍රවාදයේ පැවත එන්නේ බුදු රජාණන් වහන්සේගේ නිය ධාතු වහන්සේ නිදන් කර දීඝවාපි දැගැබ සාදා ඇති බවයි. මෙම දාගැබ් භූමියෙන් හමුවී ඇති කුඩා ධාතු කරඬුවලට අනුව දීඝවාපි දාගැබ ද මුල් කාලයේ ඡත්‍රාවලිය සහිත ව නිමැවූවක් බවත්, ඒ අතර කලාත්මක වාහල්කඩ තිබූ බවත් තහවුරු වී තිබේ. ගරාවැටුණු බටහිර වාහල්කඩ සුන්බුන් අතර තිබී රන් කරඬු තුනක් සහ රන්පත් ඉරු සන්නයක් හමු වී ඇත. මෙම චෛත්‍යයට නැඟෙනහිරින් හමුවී ඇති බෙහෙත් ඔරුව එය පැරැණි වෙදහලකට සම්බන්ධ බවට සාක්ෂි සපයයි. විසිරී තිබූ ගල්කණු ද, පොකුණු ද ඇතැම් ස්ථානවල සෙල්ලිපි සහිත ගල්කණු ද අවශේෂ නටබුන් ලෙස සඳහන් කළ හැකි ය.
ජූලි 13 සඳුදා අ.භා. 06.52න් අමාවක ලබා 14 අඟහරුවාදා අ.භා. 03.17න් ගෙවේ. 14 අඟහරුවාදා සිල්
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
පසළොස්වක
ජූලි 29
අව අටවක
අගෝස්තු 06
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]