ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර පසළොස්වක පෝ දා 2026 අප්‍රේල් 01 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මේ උතුම් දිවයින දෙවැනි වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු වූයේත්, දම් රජාණන් වහන්සේගේ සවණක් ඝණ බුද්ධ රශ්මි මාලාවෙන් මුළු හෙළදිව ම ආලෝකවත් වූයේත්, දහම් අමා මිහිරෙන් නොයෙක් දනන් නිවී සැනසී ගියේත් අද වන් බක් පුන් පොහෝ දිනයක දී ය. සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දී සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේගේ කරුණා නෙත් ‘චූලෝදර - මහෝදර’ නා රජුන් දෙදෙනා කෙරෙහි යොමු වූයේ, මිණිපළඟට සටන් වැදීමට සූදානම් ව සිටිය දී ය. මහා කාරුණිකයන් වහන්සේ නාගයන්ට සෙත - සුව සදනු පිණිස බක් මස පුන් පොහෝ දා සෘද්ධියානුභාවයෙන් නාගදීපයට වැඩම කළ සේක. මහා බලසම්පන්න වූ මහෝදර නා රජු මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. නා රජුගේ නැඟණිය වූ තිරවිකා නම් නාග කන්‍යාව කන්වඩමන් නම් පර්වතයෙහි නා රජුට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා ‘චූලෝදර’ නම් විය. ගොඩබිම් වැසි නාගයෝත්, මුහුදු වැසි නාගයෝත් මහා බල සම්පන්නයෝ වූහ. චූලෝදර නා රජුගේ සීයා වන නාග ප්‍රධානියා කලුරිය කරන කල්හි, තමා සතු ව තිබූ ඉතා අගනා මිණිපළඟ පුතාට නොදී, චූලෝදරගේ මව වන දියණියට දුන්නේ ය. චූලෝදර - මහෝදර නා රජුන් දෙදෙනා අතර යුද්ධයට හේතු වූයේ මේ මිණිපළඟයි. භාග්‍යවතුන් වහන්සේ නාගදීප ගමනට, දෙව්රම් වෙහෙරේ කිරිපළු රුකට අරක්ගෙන සිටි ‘සමිද්ධි සුමන’ නම් දෙවියා ද කැඳවූ සේක. ඒ දෙව්රද සිය භවන වූ කිරිපළු රුක උදුරා ඡත්‍රයක් සේ ඔසවාගෙන, පෙර භවයේ තමා විසූ නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දෙවියන්, දෙව්රම් වෙහෙරේ කිරිපළු රුක අධිගෘහිත වන්නට පෙර භවයේ නාගදීපයේ මිනිසකු ව ඉපිද සිටියේ ය. එකල කිරිපළු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුවරුන් දැක, පාත්‍ර පිරිසිදු කර ගන්නට කොළ කඩා දුන්නේ ය. ඒ පින් බෙලෙන් හෙතෙම දෙව්රම් වෙහෙර කිරිපළු රුකෙහි දෙවියකු ව උපන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ බක් මස අවපසළොස්වක පොහෝ දා උදෑසන හෙළදිව නාගදීපයට වැඩමවා ආකාශයෙහි වැඩ හිඳිමින්, එහි යුද වැදීමට සූදානම් ව සිටි දෙපසෙහි නාගයන් දමනය කරනු පිණිස මහත් අඳුරක් මැවූ සේක.
අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ. 01 බදාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
පුර අටවක
අප්‍රේල් 24
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]