[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පුන්සඳක් සේ බබළන්න

පුන්සඳක් සේ බබළන්න

කරත්තයේ බැඳි ගොනාට ඒ බර අදින්නට ම සිදු වේ. කරත්ත රෝද ගොනාට වේදනා දි දී ඌ අත්නොහැර පසුපසම කරකැවෙයි. ලිහා දමනතුරු නිදහසක් නොවේ. ගිනි කාෂ්ඨක අව්වක, රත්වුු බිමක මෙලෙස බර පැටවූ කරත්තයක් ඇදගෙන යන ගොනකු ගේ දසුන ම මොනතරම් නම් ඛේදනීය ද?

මේ නිදර්ශන අපේ ජීවිතයට දෙන පාඩම සුවිශේෂී ය. අප විසින් කරන ලද පාප, අකුසල විපාක ද මෙලෙසින් ම ය. ඒවා දුක් වේදනා දෙමින් මඟ නොහැර අප පසුපසින් එයි.

තථාගතයන් වහන්සේගේ සිරුරේ ලේ සොළවා ආනන්තරීය පාප කර්ම කළ දෙව්දත් තෙර අදත් අපායේ අප්‍රමාණ දුක් විඳියි. පෙර භවයක බිරියගේ කීම අසා සිය මවුපියන් පෙළූ අකුසලයට මහ රහත් බව ලැබු භවයේ දී පවා මුගලන් මහරහතන් වහන්සේට පිරිනිවන් පාන්නට පෙර දරුණු මිනිසුන්ගෙන් වධ හිංසා ලබන්නට සිදු විණි. පාපය බිහිසුණු ය. අකුසලය ද එලෙස ය. සසර පුරා එහි අනිටු විපාක පල දෙයි.

මේ තාක් වැරැදි මඟ ගියත් මේ මොහොතේ පටන් වත් එයින් මිදී, නිවැරැදි ව යහපතෙහි යෙදෙන්නේ නම්, වළාකුලෙන් මිදුණු සඳ සේ ඒ පුද්ගලයා බබළන බව අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]