[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

යාපනය සරසවි විහාරය සම්බුදු සසුනට පූජා වූ වගයි

සරසවියක විද්‍යාර්ථින් අතින් ඉදිවූ එකම විහාරය

යාපනය සරසවියේ බෞද්ධ සහෝදර සංගමය මූලික වී අභිනවයෙන් ඉදි කරන්නට යෙදුණු යාපනය සරසවි විහාරය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ උතුම් පුණ්‍ය මහෝත්සවය මාර්තු මස 08 වැනි දින මහත් හරසරින් පැවැත්විණි. සිංහල බෞද්ධයන් කිසිවකු ජීවත් නො වන කිලිනොච්චිය වැනි ප්‍රදේශයක විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන පින්වත් දරු දැරියන් 3500ක් පමණ එක්වී ඉමහත් කැපවීමෙන් සියලු විහාර අංගවලින් යුතුව මේ රමණීය විහාරය ඉදිකොට තිබේ. ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ද, ශ්‍රී අරහන්තක ධාතු ද නිධාපිත සුපූජනීය සෑ රජාණන් වහන්සේ නමක් ද, සම්බුද්ධ සහ අරහන්තක ධාතුන් වහන්සේ වැඩසිටින මනරම් ධාතු මන්දිරයක් ද විහාර භූමියේ ස්ථාපිත ව ඇත. සත්බුදු මන්දිර තනවා කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී වදාළ සම්බුදු රජාණන් වහන්සේ ගෞරවනීය ලෙස වඩා හිඳුවා තිබේ. සරසවි සිසුන් ප්‍රමුඛ සැදැහැවතුන්ට සුවසේ ධර්ම ශ්‍රවණය කිරීමටත්, උපෝසථ දිනවල සිල් සමාදන් වීමටත් මනරම් ධර්ම ශාලාවක් ද ඉදිකොට තිබේ. වසර 07ක් වැනි කාලයක දී විශාල පරිශ්‍රමයක් දරා කාලය, ශ්‍රමය සහ ධනය වැයකොට ලොව පුරා පරිත්‍යාගශීලි සැදැහැවතුන්ගේ ආධාර උපකාර ගෙන යාපනය සරසවි සිසුන් මෙම අංග සම්පූර්ණ විහාරය ඉදිකොට ඇත්තේ මෙරට සරසවියක සිසුන් අතින් නිම වූ එකම විහාරය සේ ම, මෑත කාලයේ ලක්දිව උතුරේ අභිනවයෙන් ඉදි වූ එකම විහාරය ද ලෙසිනි.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]