[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ලබුවැල්පොල ත්‍රිපිටක
විද්‍යායතන පිරිවෙනෙහි
සෑරදුන් වහන්සේ.
සේයාරුව නිශ්ශංක විජේරත්න

දුරුතු පුර අටවක

දෙසැම්බර් 27 සෙනසුරාදා
අ.භා 01.07 පුර අටවක ලබා
28 ඉරිදා පූ.භා 11.57න් ගෙවේ.
27 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

බුදුරදුන් පෙන්වා වදාළ ධර්ම කථිකත්වයාගේ ස්වභාවය

දෙවියන්, මරුන්, බ්‍රහ්මයන් සහිත තුන් ලොවෙහි ධර්මය හා ශ්‍රේෂ්ඨ උතුම් දෙයක් නොමැති බවත්, ඒ උතුම් දහම් මඟ ලෝකයාට පෙන්වා දී, නිවන් සුව අවබෝධ කර ගැනීමේ මඟ බුදුරදුන් පෙන්වා දුන් බවත්, එකී ධර්මය ලොවට කියා දෙන ධර්ම කථිකයාගේ වටිනාකම ද පසුගිය කලාපවල දී පෙන්වා දුනිමි. සිවු පිරිස ම ධර්ම කථිකත්වයෙන් යුක්ත විය යුතු යැයි බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දී මාරයා අමතා කළ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. වරක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළේ සම්පූර්ණ භික්‍ෂූන් වහන්සේ නමක් වීමට නම් අංග අටකින් සම්පූර්ණ විය යුතු (අං.නි. තික.බු.ජ.මු. ඍ,298) බව ය. සද්ධො - සැදැහැති බව, සීලවා - සිල්වත් බව, බහුස්සුතෝ - පෙළ දහම බොහෝ සේ උගත් බව, ධම්ම කථිකෝ - ධර්ම කථිකයකු වීම, පරිසාවචරෝ - පිරිස් මැද හොඳීන් හැසිරීම, විසාරදෝ පරිසාය ධම්මං දෙසෙති - දක්‍ෂව එඩිතර ව පිරිස් මැද දහම් දෙසන බව, චතුන්නං ඣානානං..... අකසිරලාභී - සතර ධ්‍යාන නිදුකින් ලබන බව, ආසවානං ඛයා..... උපසම්පජ්ජ විහරති - ආශ්‍රවයන් ක්ෂය කොට මෙලොව දී ම රහත් බව ලබා වෙසෙන බව. මේ අතරින් පළමු අංග හය ම පොදුවේ සෑම භික්‍ෂූන් වහන්සේ නමක් ම ඇතිකර ගත යුතු ඇතිකර ගත හැකි අංග වෙයි. එයිනුත් 3 - 6 යන අංග සතර ම ධර්ම කථිකත්වයට අදාළ වෙයි. එසේ ම මේ අංග එකක් හෝ තමා වෙත අඩු නම් එයින් එම භික්‍ෂූන් වහන්සේ අසම්පූර්ණ වන බවත් එය සපුරා ගන්නට වෑයම් කළ යුතු බවත්, එම සූත්‍රයේ සඳහන් වේ. එසේ වුවත් ධර්ම කථිකත්වය හැමට ම ලැබිය හැකි සුලභ ශක්තියක් නොවේ. ධර්ම දේශකයෝ ලොව දුර්ලභ වෙති. ‘තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසෙතා පුග්ගලො දුල්ලභෝ ලෝකස්මිං’ තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය දෙසන පුද්ගලයෝ ලොව දුර්ලභ වෙති යි වදාළේ එහෙයිනි. එසේ ම ධර්ම කථිකත්වය කාට හෝ පිහිටා තිබේ නම් එය ඔහුගේ උතුම් ලාභයක් බව - ‘අද්ධමිදං භික්ඛවේ ලාභානං යදිදං ධම්ම කථිකත්තං යනුවෙන් බුදුරජාණන් වහන්සේ ම වදාළහ.

ගෘහය සරසන ගෘහිණිය

යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම උදෙසා බුදුදහමේ ඇති අගනා සූත්‍ර දේශනාවකි සිඟලෝවාද සූත්‍රය. සිඟාලෝවාද සූත්‍රයට අනුව බිරිඳකගෙන් සැමියකුට සහ සැමියකුගෙන් බිරිඳකට ඉටුවිය යුතු යුතුකම් ගැන විග්‍රහ කර ඇත. ආදර්ශවත් ගෘහ ජීවිතයක් යනු අඹුසැමි දෙදෙනා අන්‍යොන්‍ය වශයෙන් අවබෝධයෙන් කටයුතු කරමින් සාමකාමී ව ගතකරන ජීවිතයයි. සමාජ සංස්ථා අතර කුඩාම සංස්ථාව පවුල් සංස්ථාවයි. පවුල් සංස්ථා සාමකාමී වන තරමට මහ සමාජය ද අර්ථ සම්පන්න වෙයි. බෞද්ධ උපදේශනය මනාව තේරුම් ගත් උදවිය සාමකාමී ව ආදර්ශවත් ව පවුල් ජීවිත ගත කරයි. ඒවාට අනුගත නොවී සැමියා බිරිඳ තේරුම් නොගනිමින් කටයුතු කරන පිරිස් වර්තමානයේ දී සුලභ බව කිව යුතු ය. පවුල් සංස්ථාව සාර්ථක වීමට නම් බිරිඳ විසින් සැමියාට ඉටුකළ යුතු යුතුකම් පහක් සහ සැමියා විසින් බිරිඳට ඉටුකළ යුතු යුතුකම් පහක් සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් බුදුරදුන් දේශනා කර ඇත. නිවෙසේ කටයුතු මනාව සංවිධානය කිරීම, නිවෙසේ වැඩ කටයුතු සහ ඒවාට අදාළ මුදල් පිළිබඳ කටයුතු යහපත් අයුරින් සංවිධානය කිරීම, යහපත් බිරියකගේ ලක්ෂණයයි. ගේ දොර වැඩ කටයුතු හොඳින් සංවිධානය කළ හැක්කේ බිරිඳටයි. වර්තමානය වන විට බහුතරයක් කාන්තාවෝ රැකියා කරති. එහෙයින් ගෙදර දොරේ වැඩ කටයුතුවල වගකීම කාන්තාවට පැවරීම අසාධාරණ යැයි කෙනකු සිතිය හැකි ය. එසේ සිතීමේ අසාධාරණයක් ද නැත. එහෙත් ස්වාමියා නිවෙසට අවශ්‍ය ආහාර, කළමනා සැපයීමට ද බිරිඳ ගේදොර වැඩ කටයුතු කරමින් දරුවන් රැක බලා ගැනීම ද කළ යුතු බවට අදහසක් අතීතයේ පැවතිණි. පරිණාමය වී ඇත. මනෝ විද්‍යාත්මක ව ගත් කල නිවෙසේ වැඩකටයුතු සංවිධානය කිරීමේ වැඩි හැකියාවක් ඇත්තේ කාන්තාවටයි. එසේම මේ කාරණාව නිසාම පිරිමියා ඒ වැඩ කටයුතු පිළිබඳ වැඩි බරක් ගන්නා බවක් ද නොපෙනෙයි. වැඩකටයුතු මනාව සංවිධානය කිරීම ගැන සලකා බැලීමේ දී ගෙදර වැඩකටයුතු කාන්තාව පමණක් ම කළ යුතු යැයි මෙයින් අදහස් නොකෙරේ. සැමියාගේ හිත දිනාගෙන ඔහු ද නිවෙසේ වැඩ කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට කාන්තාවක් බුද්ධිමත් විය යුතු ය.

දුබලතා පරදවන ශක්‍යතා මතුකරමු

නූතන අපරදිග පඬුවන් ස්වකීය සොයා ගැනීම් ලෙසට මහ ඉහළින් වර්ණනා කරන ඇතැම් කළමනාකරණ මූලධර්මයන් අදින් දෙදහස් හයසිය වසරකට පෙර අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ එමෙන් ම උචිත අවස්ථාවල දී උන්වහන්සේ විසින් අතිසාර්ථක ව ක්‍රියාත්මක කරන ලද සිද්ධාන්තයන් බව විදහා දැක්වෙන බුද්ධ කාලයේ දී වූ සිදුවීම් කිහිපයක් විග්‍රහයට ලක් කිරීම මෙම ලිපියේ අරමුණයි. කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් විසින් හෝ අනාගත අභිවෘද්ධිය අපේක්ෂාවෙන් ඉටු කිරීමට යෝජිත යම් කාර්යයක් ඇරඹීමට මත්තෙන් සිය ශක්තීන්, දුර්වලතා, වාසිදායක අවස්ථා හා තර්ජනයන් පිළිබඳ පරීක්ෂාවක් සිදු කිරීම යෝග්‍ය බව බටහිර කළමනාකරණ විද්‍යාව පිළිගනී. මෙම පරීක්ෂණය එදා බුදු හිමියන් විසින් ද සිදුකරන ලද්දක් බව අප බොහෝ දෙනා හොඳින් දන්නා චුල්ලපන්තක කතා පුවත විමසා බැලීමේ දී පෙනී යයි. මහා පන්ථක මහරහතන් වහන්සේ වෙතින් පැවිදි බව ලැබූ, ගිහි කල උන්වහන්සේගේ බාල සොහොයුරා වූ චුල්ලපන්ථක හිමියන් සතර පද ගාථාවක් කටපාඩම් කර ගැනීමට හාර මාසයක් තිස්සේ අපොහොසත් වීම හේතු කොටගෙන මහණකමින් ඉවත්ව ගිහි ජීවිතයක් අරඹන ලෙසට සිය වැඩිමහල් සොහොයුරාගෙන් ලද උපදෙසින් එම හිමියන් බලවත් ශෝකයට පත් විය. මෙම අවස්ථාවේ දී තථාගතයන් වහන්සේ ඒ හිමියන්ගේ පූර්ව ජන්මයන් පරික්ෂා කොට මතක ශක්තිය නොපිහිටීමේ දුර්වලතාවට හේතුව ද පෙර භවයන්හිදී දියුණු කරගත් ශක්තීන් කවරේද යන්නත්ද හඳුනාගත් සේක. පෙර ආත්ම භවයක දී ශිෂ්‍යනමක් ධර්ම කරුණු වනපොත් කර ගැනීමට අසමත් වූ විටෙක එම ශිෂ්‍යයා සමච්චලයට හා අපහාසයට ලක් කිරීමේ අකුසල කර්මයේ විපාක පල දීම මෙයට හේතු වී ඇති බව දක්නා ලදි. එසේම වෙනත් භවයක දී රජ කෙනකු ව සිට දහවල් පිරිසිදු සළු පිළි හැඳ රජ මාලිගයෙන් පිටත්ව වීදී සංචාරයේ නිරත වීමේ දී දහඩිය හා දූවිලි වැදී පොරවා සිටි සළුව කිළිටි වූ අයුරු දැකීමෙන් කලකිරීමට ලක් වීම ඔහු සතු සත්‍යය අවබෝධ කර ගැනීමේ ශක්තිය බව ද බුදුරදුන් දුටහ. ඒ අනුව උන්වහන්සේ චුල්ල පන්ථක භික්ෂුව අතට පිරිසුදු රෙදි කඩක් ලබා දී “රජෝහරණං” යන පාඨය කියවමින් එය පිරිමදින ලෙසට දන්වා පෙර භවයේ දී වර්ධනය කරන ලද ශක්තියට ගැළපෙන කමටහනක් ලබා දුන් සේක.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]