ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ දුරුතු පුර අටවක පෝ දා 2025 දෙසැම්බර් 27 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දෙවියන්, මරුන්, බ්‍රහ්මයන් සහිත තුන් ලොවෙහි ධර්මය හා ශ්‍රේෂ්ඨ උතුම් දෙයක් නොමැති බවත්, ඒ උතුම් දහම් මඟ ලෝකයාට පෙන්වා දී, නිවන් සුව අවබෝධ කර ගැනීමේ මඟ බුදුරදුන් පෙන්වා දුන් බවත්, එකී ධර්මය ලොවට කියා දෙන ධර්ම කථිකයාගේ වටිනාකම ද පසුගිය කලාපවල දී පෙන්වා දුනිමි. සිවු පිරිස ම ධර්ම කථිකත්වයෙන් යුක්ත විය යුතු යැයි බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දී මාරයා අමතා කළ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. වරක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළේ සම්පූර්ණ භික්‍ෂූන් වහන්සේ නමක් වීමට නම් අංග අටකින් සම්පූර්ණ විය යුතු (අං.නි. තික.බු.ජ.මු. ඍ,298) බව ය. සද්ධො - සැදැහැති බව, සීලවා - සිල්වත් බව, බහුස්සුතෝ - පෙළ දහම බොහෝ සේ උගත් බව, ධම්ම කථිකෝ - ධර්ම කථිකයකු වීම, පරිසාවචරෝ - පිරිස් මැද හොඳීන් හැසිරීම, විසාරදෝ පරිසාය ධම්මං දෙසෙති - දක්‍ෂව එඩිතර ව පිරිස් මැද දහම් දෙසන බව, චතුන්නං ඣානානං..... අකසිරලාභී - සතර ධ්‍යාන නිදුකින් ලබන බව, ආසවානං ඛයා..... උපසම්පජ්ජ විහරති - ආශ්‍රවයන් ක්ෂය කොට මෙලොව දී ම රහත් බව ලබා වෙසෙන බව. මේ අතරින් පළමු අංග හය ම පොදුවේ සෑම භික්‍ෂූන් වහන්සේ නමක් ම ඇතිකර ගත යුතු ඇතිකර ගත හැකි අංග වෙයි. එයිනුත් 3 - 6 යන අංග සතර ම ධර්ම කථිකත්වයට අදාළ වෙයි. එසේ ම මේ අංග එකක් හෝ තමා වෙත අඩු නම් එයින් එම භික්‍ෂූන් වහන්සේ අසම්පූර්ණ වන බවත් එය සපුරා ගන්නට වෑයම් කළ යුතු බවත්, එම සූත්‍රයේ සඳහන් වේ. එසේ වුවත් ධර්ම කථිකත්වය හැමට ම ලැබිය හැකි සුලභ ශක්තියක් නොවේ. ධර්ම දේශකයෝ ලොව දුර්ලභ වෙති. ‘තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසෙතා පුග්ගලො දුල්ලභෝ ලෝකස්මිං’ තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය දෙසන පුද්ගලයෝ ලොව දුර්ලභ වෙති යි වදාළේ එහෙයිනි. එසේ ම ධර්ම කථිකත්වය කාට හෝ පිහිටා තිබේ නම් එය ඔහුගේ උතුම් ලාභයක් බව - ‘අද්ධමිදං භික්ඛවේ ලාභානං යදිදං ධම්ම කථිකත්තං යනුවෙන් බුදුරජාණන් වහන්සේ ම වදාළහ.
දෙසැම්බර් 27 සෙනසුරාදා අ.භා 01.07 පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා 11.57න් ගෙවේ. 27 සෙනසුරාදා සිල්
පුර අටවක
දෙසැම්බර් 27
පසළොස්වක
ජනවාරි 03
අව අටවක
ජනවාරි 10
අමාවක
ජනවාරි 18
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]