ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ දුරුතු පුර අටවක පෝ දා 2025 දෙසැම්බර් 27 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම උදෙසා බුදුදහමේ ඇති අගනා සූත්‍ර දේශනාවකි සිඟලෝවාද සූත්‍රය. සිඟාලෝවාද සූත්‍රයට අනුව බිරිඳකගෙන් සැමියකුට සහ සැමියකුගෙන් බිරිඳකට ඉටුවිය යුතු යුතුකම් ගැන විග්‍රහ කර ඇත. ආදර්ශවත් ගෘහ ජීවිතයක් යනු අඹුසැමි දෙදෙනා අන්‍යොන්‍ය වශයෙන් අවබෝධයෙන් කටයුතු කරමින් සාමකාමී ව ගතකරන ජීවිතයයි. සමාජ සංස්ථා අතර කුඩාම සංස්ථාව පවුල් සංස්ථාවයි. පවුල් සංස්ථා සාමකාමී වන තරමට මහ සමාජය ද අර්ථ සම්පන්න වෙයි. බෞද්ධ උපදේශනය මනාව තේරුම් ගත් උදවිය සාමකාමී ව ආදර්ශවත් ව පවුල් ජීවිත ගත කරයි. ඒවාට අනුගත නොවී සැමියා බිරිඳ තේරුම් නොගනිමින් කටයුතු කරන පිරිස් වර්තමානයේ දී සුලභ බව කිව යුතු ය. පවුල් සංස්ථාව සාර්ථක වීමට නම් බිරිඳ විසින් සැමියාට ඉටුකළ යුතු යුතුකම් පහක් සහ සැමියා විසින් බිරිඳට ඉටුකළ යුතු යුතුකම් පහක් සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් බුදුරදුන් දේශනා කර ඇත. නිවෙසේ කටයුතු මනාව සංවිධානය කිරීම, නිවෙසේ වැඩ කටයුතු සහ ඒවාට අදාළ මුදල් පිළිබඳ කටයුතු යහපත් අයුරින් සංවිධානය කිරීම, යහපත් බිරියකගේ ලක්ෂණයයි. ගේ දොර වැඩ කටයුතු හොඳින් සංවිධානය කළ හැක්කේ බිරිඳටයි. වර්තමානය වන විට බහුතරයක් කාන්තාවෝ රැකියා කරති. එහෙයින් ගෙදර දොරේ වැඩ කටයුතුවල වගකීම කාන්තාවට පැවරීම අසාධාරණ යැයි කෙනකු සිතිය හැකි ය. එසේ සිතීමේ අසාධාරණයක් ද නැත. එහෙත් ස්වාමියා නිවෙසට අවශ්‍ය ආහාර, කළමනා සැපයීමට ද බිරිඳ ගේදොර වැඩ කටයුතු කරමින් දරුවන් රැක බලා ගැනීම ද කළ යුතු බවට අදහසක් අතීතයේ පැවතිණි. පරිණාමය වී ඇත. මනෝ විද්‍යාත්මක ව ගත් කල නිවෙසේ වැඩකටයුතු සංවිධානය කිරීමේ වැඩි හැකියාවක් ඇත්තේ කාන්තාවටයි. එසේම මේ කාරණාව නිසාම පිරිමියා ඒ වැඩ කටයුතු පිළිබඳ වැඩි බරක් ගන්නා බවක් ද නොපෙනෙයි. වැඩකටයුතු මනාව සංවිධානය කිරීම ගැන සලකා බැලීමේ දී ගෙදර වැඩකටයුතු කාන්තාව පමණක් ම කළ යුතු යැයි මෙයින් අදහස් නොකෙරේ. සැමියාගේ හිත දිනාගෙන ඔහු ද නිවෙසේ වැඩ කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට කාන්තාවක් බුද්ධිමත් විය යුතු ය. අතීතයේ පවුල් සංස්ථාවල ඥාති හිතමිත්‍රාදී සම්බන්ධතා ඉතා ශක්තිමත් වූ බව රහසක් නොවේ. එහෙත් වර්තමානයේ කාර්යබහුලත්වය සමඟ ඥාතීන් ඇසුර සහ හිත මිතුරු ඇසුර සීමා වී ඇත. මෙහිදී කාන්තාවන් කරන තවත් වරදක් අප දැක ඇත.
දෙසැම්බර් 27 සෙනසුරාදා අ.භා 01.07 පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා 11.57න් ගෙවේ. 27 සෙනසුරාදා සිල්
පුර අටවක
දෙසැම්බර් 27
පසළොස්වක
ජනවාරි 03
අව අටවක
ජනවාරි 10
අමාවක
ජනවාරි 18
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]