[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාමායා දේවිය දුටු සිහිනය

ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කතරගම පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහර ඇසළ පුර පසළොස්වක පෝදා

මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනයෙනි

රුහුණු රටේ ප්‍රධාන ආගමික පින්කම් මංගල්‍යය ලෙසින් සැලකෙන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල පෙරහරේ අවසන් මහ පෙරහර අද දිනට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහෝ දින වීදි සංචාරය කෙරේ. ආරම්භක පෙරහර වන මඟුල් පෙරහර වීදි සංචාරය ආරම්භයට පෙර පුරාණ චාරිත්‍රානුකූල ව ආශිර්වාද පිරිත් සජ්ඣායනය ඓතිහාසික කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි ජූලි 09 දින රාත්‍රියේ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සිදු කරන ලදී. රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ සහ හිටපු බස්නායක නිලමේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ඇතුළු විශේෂ ආරාධිත සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මේ ආරම්භක කටයුතු සිදු කෙරිණි. දේවාලයේ පෙරහර මංගල්‍යයේ ආරම්භක පෙරහර 10 වැනිදා පස්වරුවේ යෙදුණු සුබ මොහොතින් ආරම්භ වූ අතර එතැන් සිට අද රාත්‍රිය දක්වා පෙරහර සංචාරය කෙරේ. පෙරහර මංගල්‍යය ආරම්භ කිරීමට පෙර වත බැදීම හෙවත් දේව ප්‍රතිමාව වැඩම කරවන හස්තිරාජයා පිට වස්ත්‍ර පෙරවීම, විශේෂ අසුන වැඩම කරවීම සහ මුතුකුඩය තැන්පත් කිරීම සිදු කරන ලදී.

පළමු දම් දෙසුම පැවැත්වූ අසිරිමත් ඇසළ පෝදා

සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි සදානුස්මරණීය සිදුවීම් රැසකට මුල් වූ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය දිනය හඳුන්වා දිය හැකි ය. බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්වග භික්ෂූන් වහන්සේලා අරභයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම මේ අතර වඩාත් ප්‍රමුඛත්වය ගනියි.වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණු අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම, විසි නව වන වියේ දී සතර පෙර නිමිති දැක ගිහි ගෙය කළකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පස්වග භික්ෂූන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය සිදුවීම, රාහුල කුමරු ජන්මලාභය ලැබීම, ගණ්ඩබ්බ රුක් මුල්හි දී තීර්ථකයන්ගේ මානය මර්දනය කරනු වස් බුදුරදුන් යමාමහ පෙළහරපෑම, මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ පිරිසට විජම් පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා සිදු කිරීම, සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසු තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහනුවර වස් එළඹ මූලික කටයුතු ආරම්භ කිරීම යන සිදුවීම් සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහිලා ඇසළ පොහොය වැදගත් වීමට බලපාන කරුණු අතර ප්‍රමුඛත්වය ගනියි.

 

මේ උතුම් වස්සාන සමයේ ඇරඹුමයි

බුදුරජාණන් වහන්සේගේ පහළවීම සිදු වු භාරතයෙහි තත්කාලීන ව ආගමික ඉගැන්විම් දෙසැටක් පමණ වු බව ශාසන ඉතිහාසය මගින් අනාවරණය කරනු ලැබේ. මෙම ආගම් හා ඉගැන්වීම් අතර සුවිශේෂී ඉගැන්වීමක් වු බුදු දහම මුලික වශයෙන්ම තරුණ පිරිසක් ඒකරාශි කොට ගෙන ව්‍යාප්ත වුවකි. සාම්ප්‍රදායික වෙනත් ඉගැන්වීම් අතර බුද්ධ ධර්මය නව මඟක් ගත් දහමක් විය. ඒ අනුව තම ශ්‍රාවකයන්ගේ අවබෝධය පිණිස, හික්මීම පිණිස, ශාන්තභාවය පිණිස, කෙලෙස් මල දුරු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කළහ. “පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බාය ධම්මං දේසේති” යනුවෙන් සියලු කෙලෙස් මලින් පිරිනිවුන පරම සංසිඳීමේ සුවය ළඟා කර ගැනීම සඳහා ධර්මය දේශනා කළහ. බුදුරජාණන් වහන්සේගේ මෙම අනුශාසනාවට අනුව කි‍්‍රයාකළ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තම පැවිද්දෙහි උපරිම පරමාර්ථ සාධනය සඳහා ඉතා දිරිමත් ව කි‍්‍රයා කළහ. එහිදී උන්වහන්සේලා අව්, වැසි, සීතෝෂ්ණ නොසලකමින් කි‍්‍රයාළහ. කිසිදු දේශගුණික බලපෑමක් ද මායිම් නොකොට චාරිකාවෙහි හැසුරුණහ. බුදු දහම පහළ වීමෙන් එළැඹි මුල් කාලපරිඡේදය වන මෙම වකවානුවෙහි පැවතී විචිධ ආගමික මතවාද ඉගැන්වීම් බහුල වශයෙන්ම නිර්මාණවාදී ඉගැන්වීම් වු අතර ඇතැම් ඉගැන්වීම් කර්මවාදී මෙන් ම පරම අවිහිංසාවාදී ඉගැන්වීම් විය. තත්කාලින භාරතීය ජනතාව මෙම විවිධ ආගමික මත වාද නිසා දැඩි පීඩනයකට ලක්ව සිටියේ ය. එමෙන් ම ඔවුහු ගිම්හාන සෘතුවේ ඇතිවන දැඩි නියඟය ආදී විවිධ පාරිසරික පීඩාවන්ගෙන් ද මහත් සේ පිඩාවට ලක් වු හ.වර්තමාන ඉන්දීය සමාජය තුළද මේ තත්වයන් අඩුවැඩි වශයෙන් පවත්නා බව බොහෝ දෙනා දන්නා කරුණකි.

 

ධර්ම දේශනාව:

අසුන්දර කතාවක සුන්දර අරුත

අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කර ගත්තේ මජ්ක්‍ධිම නිකායේ අභයරාජ සූත්‍රයයි. අභය රාජ කියන්නේ බිම්බිසාර රජතුමාගේ පුතෙක් බව අටුවාව සඳහන් කරනවා. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වූ ආර්ය ශ්‍රාවකයෙක් වුණත් ඔහුගේ පුතා වූ අභය රාජ බෞද්ධයෙක් නෙවෙයි. ඔහු ජෛන ආගම පිළිගත් කෙනෙක්. බුද්ධ කාලයේ සිටි ඔහු ෂට් ශාස්තෘන් අතර ප්‍රධාන වූ නිඝන්ඨනාථපුත්තගේ අනුගාමිකයෙක්. මොහු දිනක් නිඝන්ඨනාපුත්ත මුණ ගැහෙන්න ගියා. එහිදී නිඝන්ඨනාථපුත්ත අභයරාජට රාජකාරියක් පැවරුවා. එනම් ගෞතම බුදුන්වහන්සේ සමඟ වාදයක් කිරීමටයි. ඔහු ඒ පිළිබඳ තම නොහැකියාව ප්‍රකාශ කළ විට නිඝන්ඨනාථපුත්ත සඳහන් කළේ වාදය සඳහා අවශ්‍ය සියලු කරුණු තමන් ලබා දෙන බවත් ඒකාන්තයෙන් ජයග්‍රහණය කුමාරයා සතුවන බවත් ය. බුදුහාමුදුරුවන් වැනි කෙනෙක් පරාජයට පත් කිරීමෙන් ලැබෙන ජයග්‍රහණය පිළිබඳව උද්දාමයට පත් කුමාරයා වාදයට ඉදිරිපත් වීමට කැමැති විය. එහිදී නිඝන්ඨනාථපුත්ත ප්‍රකාශ කළේ බුදුරජුන් මුණ ගැසී, “ඔබ වහන්සේ අනෙක් අයගේ සිත නොසතුටු වන ආකාරයට කතා කරන්නේදැයි ප්‍රශ්න කරන ලෙසයි. එයට උන්වහන්සේ “ඔව්” කියා පිළිතුරු දුන්නොත් සාමාන්‍ය නූගත් ගැමියන් ද අනෙකාගේ සිත නොසතුටු වන විදියට කතා කරන බවත් ඔබ වහන්සේ ද එසේ කතා කරන්නේ නම් සාමාන්‍ය ගැමියා සහ ඔබ වහන්සේ අතර වෙනසක් නැහැනේදැයි අසන ලෙසත් ය. එහිදී බුදුරජුන් ලජ්ජාවට පත්වී නැඟිට යාවි යැයි නිඝන්ඨනාථපුත්ත පැවසීය.බුදුරජුන් එම ප්‍රශ්නයට මම එසේ කතා නොකරන්නෙමියි“ පැවසුවොත් මා කුමක් කළ යුතුදැයි කුමාරයා ප්‍රශ්නකළ විට නිඝන්ඨනාථපුත්ත පැවසුවේ එවිට බුදුරජුන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන ලෙසයි.

 

මිගදායෙන් පෙරළුණ දහම්සක

පාලියෙහි අසාළ්හ යන්න සිංහලයෙහි ඇසළ විය. අසාළ්හ යන්න පුවසළ, උතුරුසළ නැකැත් සඳහා ද උතුරු සළ නැකතින් යුත් මාසය සඳහා ව්‍යවහාර වන්නකි. මේ අනුව නැකැත් සැණකෙළි පැවැත්වෙන පුණ්‍යවන්ත වූ මාසය ඇසළ මාසය යි. භාරතයෙහි සෘතු විපර්යාසයන්ට අනුව සාර වූ වස්සාන සෘතුවෙහි මුලාරම්භය සිදුවන්නේ ද ඇසළ මාසයෙනි. ගහකොළ සතා සිවුපාවන්ගේ පමණක් නොව අජීවි පරිසරයේ ද නැවුම් ජීවමාන බවක් ඇතිවන සාර වූ මාසය ඇසළ මාසය යි. ඇසළ මාසය බුදුසිරිත ආශි‍්‍රත විශේෂ සිදුවීම් රාශියක මූලාරම්භය යි. ඒ අතර ඉසිපතන මිගදායේ දී පැවැත් වූ ප්‍රථම ධර්ම දේශනාව ප්‍රධාන වේ. මීට අමතරව මහාමායා දේවී කුස සිදුහත් බෝසතුන් පිළිසඳ ගැනීම, අභිනිෂ්ක්‍රමණය, රාහුල කුමාරෝත්පත්තිය, ගණ්ඩම්භ වෘක්ෂ මූලයේ දී තීර්ථක මානය බිඳහෙළමින් යමාමහ පෙළහර පෑම, බුද්ධත්වයෙන් සත්වෙනි මස තව්තිසා දෙව්ලොවට වැඩම කොට මාතෘදිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කිරීම වැනි කරුණු ද වේ. ඉසිපතන මිගදාය මුවන්ට අභය දානය වූ ස්ථානයකි. අප මහ බෝසතාණෝ පෙර එක් භවයක න්‍යග්‍රෝධ නමින් මුවකු වී ඉපිද රජු ලවා මෙම ස්ථානය අභය භූමියක් වශයෙන් සම්මත කළ බව න්‍යාග්‍රෝධමිග ජාතකයෙහි සඳහන් වේ. ඉසිපතනය පෙර සෘෂීන් මෙන් ම බුද්ධාදී මහෝත්තමයන් සෘද්ධියෙන් අහසින් බසින ලද ස්ථානය යි. වර්තමානයේ එය සාරානාත් යන නාමයෙන් හැඳින් වේ. මෙම සාරානාත් නාමය මිග ජාතකයෙහි දී මුවන්ට අභය දානය ලබා දුන් බෝධිසත්ව සාරාංගනාථ නම් මුව රජුගේ නාමයෙන් ව්‍යවහාර වූවකි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]