[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැපිලියානේ සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විහාරය

ත්‍රිපිටකධාරී මාහිමිවරුන්ගේ පහස ලද පැපිලියානේ සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විහාරය

වීදාගම ඝනානන්ද පිරුවන, තොටගමුව විජයබා පිරුවන, කෑරගල පද්මාවති පිරුවන,පැපිලියාන සුනේත්‍රාදේවි පිරුවන, දෙවිනුවර ඉරුගල්කුලතිලක පිරුවන යන කෝට්ටේ යුගයේ සම්භාවනීය පංච මහා පිරුවන් අතරින් එක් පිරුවනක් වූ සයවැනි පැරකුම්බා මහරජතුමන් විසින් ස්වකීය මව්තුමිය වූ සුනේත්‍රා මහාදේවිය සිහිවීම පිණිස ඉදි කරවන ලද සුනේත්‍රා මහාදේවි පිරුවන කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ හොරණ මහා මාර්ගයට යාබද ව පිහිටා ඇත. ජනප්‍රවාදගත තොරතුරු අනුව පැපිලියාන සුනේත්‍රාදේවි පිරුවනේ වැඩසිටින පෞරාණික බෝධි රාජයන් වහන්සේ අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රජ දවස රෝපණය කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඵලරූහ බෝධීන් වහන්සේ නමකි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අග නගරයට දකුණු පසින් පිහිටි පැපිලියාන ග්‍රාමයේ මව් බිසවට පින් පිණිස සුනේත්‍රාදේවි පිරුවන සහ සංඝාරාමයක් කරවා ගම්වර, කෙත්වතු සහිතව රුහුණු මායා පිහිටි යන තුන් සිංහලයෙන් වැඩමවූ සංඝයා වහන්සේලාට තෙදිනක් පුරා දන් පූජා පවත්වා සඟසතු කොට පූජා කළ බව මහාවංසයේ සඳහන් වෙයි. සයවැනි පරාක්‍රමබාහු මහ රජතුමාගේ මව්පියන් ලෙස ළමැණි ජයමහලෑන කුමරු සහ කාලිංග වාංශික සුනේත්‍රාදේවිය ලෙස ඉතිහාසඥයන් හඳුනා ගනී. පරාක්‍රමබාහු කුමරුන් කුඩා අවධියේ මව්බිසව දුෂ්කරතා විඳීමින් වීදාගම මෛත්‍රෙය මාහිමියන්ගේ රැකවරණ මත පරාක්‍රමබාහු කුමරුන් ඇති දැඩි කොට සොළොස් වියට පැමිණි කල රයිගම රජ කරවීය. තෙවසරකට පසු කෝට්ටේට පැමිණි සයවැනි පරාක්‍රමබාහු මහ රජතුමා මව් තුමියට පුණ්‍යානුමෝදනා කරමින් වර්ෂ 1415 සහ 1417 කාලයේ පානබුනු දනව්වේ සුනේත්‍රාදේවි පිරුවන ගොඩ නැඟීය. පිරුවන් විහාරය තැනවීම සඳහා බිසෝ මාලිගයෙහි වියදම් කටයුතු භාරව සිටි භාණ්ඩාගාර නිලධාරියා යන අරුත දෙන මැදිමාලේ විසූ රාණි වාසල කාර්යයෙහි නිරතව සිටි සිකුරා මුදල් පොතුන් නමැත්තා යොදවා ඇත. රාජකීය භාණ්ඩාගාරයෙන් විසිපන්දහසක් ධනය වියදම් කොට වෙහෙර වහන්සේ, බෝධීන් වහන්සේ, අලංකෘත පිළිම වහන්සේලා, බිතුසිතුවම් සහිත දෙමහල් ප්‍රතිමා මන්දිරය, ප්‍රාකාර ගෝපුර, සංඝාවාස, දේවාලය, පුස්තකාලය, පුෂ්පාරාම, ඵලාරාම ආදී විහාරාංගයන්ගෙන් සමලංකෘත කරවන ලදැයි පැපිලියාන සෙල්ලිපියේ කියැවෙයි.


ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]